පාද යාත්‍රාවට එරෙහි ඇම්බියුලන්ස් මඩ අතේ මාට්ටු, ආණ්ඩුව හත් පොළේ ගා ගත්ත හැටි මෙන්න.

[1]. ජන සටන පාද යාත්‍රාව අතරට ගිලන් රථයක් දමා ආණ්ඩුව විසින් සිදුකළ නිර්ලජ්ජිත ක්‍රියාව ආණ්ඩුවේ මාධ්‍ය මගින් විකාශය කළේ මෙලෙසයි.

 

[2]. එහි දැක්වෙන්නේ “රෝගීන් රැගෙන ඒමට යමින් සිටි ගිලන් රථයක්” ලෙසටය.

(i). ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ නියාමනයන්ට අනුව රෝගීන් රැගෙන ඒමට යන ගිලන් රථයක නිල සාත්තු සේවකයෙක් හෝ හෙදියක් සිටීම අනිවාර්ය වේ.

(ii). ඊට හේතුව ගිලන් රථයක් ගෙන යන්නේ කැස්ස හෙම්බිරිස්සාව ඇති රෝගීන් රැගෙන ඒමට නොව අසාධ්‍ය රෝගීන් රැගෙන ඒමට නිසාය.  එහිදී ප්‍රථමාධාර දීමට පුහුණුව ලත් අයෙක් සිටිය යුතුය. නැතහොත් රෝගියා රැගෙන ඒමේදී සිදුවෙන අත්වැරදීමකින් රෝගියා මිය යනු ඇත.

(iii). පහත පින්තූර බලන්න, මේවායේ සාත්තු සේවකයන් හෝ හෙදියන් සිටියි.

 

[3]. නමුත් ආණ්ඩුවේ මාධ්‍ය මගින් නිර්ලජ්ජිතව විකාශය කරන ලද මඩ වීඩියෝවේ ඇති ගිලන් රථයේ කිසිදු හෙදියක් හෝ සාත්තු සේවකයෙක් නොමැත.

(i), ජනසටන අනතුරදී මේ ආකාරයෙන් ආණ්ඩුවේ හෙංචයියන් පදවන, හෙදියන් හෝ රෝගීන් නොමැති ගිලන් රථ 6 ක් පමණ ගෙන ගොස් පාද යාත්‍රාවේ යන ජනතාව පීඩාවට පත් කළෝය. එහිදී අවසාන ගිලන් රථයේ පසුපස දොර අරමින් එහි රෝගීන් හෝ හෙදියන් නොමැති බවට එහි සිටි ජනතාව පෙන්වා දෙන ලදී. මහින්ද පාක්ෂිකයන්ගේ සංවරත්වය නිසා එම ගිලන් රථ යහතින් ගිය අතර, වෙනත් පක්ෂයක රැළියක් අතරතුරදී මෙවැනි වැඩක් කළහොත් ගිලන් රථ රියදුරා එම ගිලන් රථයෙන්ම රෝහල් ගත වෙනු ඇත.

(ii). අප වෙත වාර්තා වුණ ආකාරයට එම ගිලන් රථය පැදවූයේ ජනසටන කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින මහනුවර ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ හෙංචයියෙක් සහ පසුපස සිටියේ එම හෙංචයියාගේ බිරිඳයි.

(iii). යුද ගිණිදැල් කඳුළෙන් තෙත් වූ දේශයට නිදහසේ සිනාව එක් කරමින් යෝධ සංවර්ධනයක් සිදුකළ අසහාය ජනනායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසීමේ නින්දිත කටයුත්ත සිදුකිරීමට රජයේ කිසිදු හෙද නිලධාරියෙක් හෝ නිලධාරිණියක් එක් නොවූ අතර, ඔවුන්ගේ උතුම් නිළ ඇඳුම මඩ ගැසීමේ වැඩ වලට බලහත්කාරයෙන් යොදා ගත්තොත් නඩු දමන බවට ඔවුන් පවසා ඇත.

 

[4]. පහත දැක්වෙන්නේ ඒම අවස්ථාව ගැන ජනතාව දැක්වූ අදහස් සහ ජන සටනට එක් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දර්ශන කිහිපයකි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to පාද යාත්‍රාවට එරෙහි ඇම්බියුලන්ස් මඩ අතේ මාට්ටු, ආණ්ඩුව හත් පොළේ ගා ගත්ත හැටි මෙන්න.

  • හොඳ ලමයා

    මේ ගමනට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේත් පැමිණිලි කරුවෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනව නේද අධිකරණ නියෝගයට. https://www.mahinda.info/2016/07/court-3/ උන්දැ රැස්වීම් වල විමල් ගාව සහ මහින්ද ජනපති ගාව ඉන්නව නේද.
    අනේ පිං අයිති වෙයි ඔය පාද යාත්‍රාව යන පාරෙ දෙපැත්තෙ ගස් උඩත් හොඳට පරීක්ෂා කරලද? ඈත ගොඩනැගිලිවල ජනේලයක් අස්සෙන්වත් ස්නයිපර් හෙංචයියො දාලද කියල බැලුවද?
    වීර පුරන් අප්පුව පාවල දුන්නෙ ලඟින්ම හිටපු හොරිකඩයො ටිකක්. රාජසිංහ රජ්ජුරුවන්ව අල්ලල දුන්නෙත් හොඳින්ම අඳුරන එවුන්. සෝම හාමුදුරුවන්ව රට යවල මැරුවෙත් සිංහල එවුන්. මහින්ද මාමව පාවල දීල හොරු රැලක් තමන්ගෙ නායක කමට දාගත්තෙත් සිංහල අවාසනාවන්ත හොරිකඩ අවස්ථාවාදියො. මේ මනුස්සය ඔක්කොම කරල දීල අන්තිමට තමන්ව පාවල දීපු එවුන්ට තවත් යහපත කරන්න නුවර ඉඳල කොළඹට බඩගානව.
    අපේ බඩජාරි පෙරේත අවස්ථාවාදි කඩාගන්න පුලුවන් තැනින් කඩාගන්න බලං ඉන්නෙ. කාල ඉවර වුනාම පැත්තකවත් එන්නෙ නෑ. අද සෝම හිමි ගුණ සැමරුවට මහරගම පන්සලේ 30 දෙනයි මුලු ලංකාවෙන්ම.

    • පමිණිළිකරු මූලස්ථාන පොලිස් පරීක්ෂක.

      මහින්දානන්ද ඇතුළු අනෙකුත් අය වග උත්තර කරුවන්.

      ලඝු ලේඛනය කළ ආකාරය මගින් කියවන්නාට ලබා දී ඇත්තේ වැරදි චිත්‍රයකි.

      නමුත් ඔබ පැවසූ ලෙසින් වඩාත් පරීක්ෂාකාරී වීම සිදුකෙරයි.

  • Singha

    මේවා වෙන මොකවත් නෙමෙයි, ***යින්ගේ වැඩ, ඕවා සැලසුම් කල අය තම ඇඳිවත උනා දමා කන්නාඩියක් ඉදිරියට ගොස් තමා “හරියටම” කවුරුන්දැයි හඳුනා ගත යුතුය. එවිට තමා තමන් සිතාගෙන සිටිය අන්දමේ කෙනෙකු නොවන බව හිතේ අමාරුවෙන් වුනත් වැටහෙනු ඇත.

Leave a Reply