Mahinda Rajapaksa: පුතාව සිරගත කර තිබියදීත් ජනතාව ගැන සිතන මහින්ද...

Monday, July 11, 2016

පුතාව සිරගත කර තිබියදීත් ජනතාව ගැන සිතන මහින්ද...

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ආණ්ඩුව පළි ගැනීම ගැන මාධ්‍යවේදීන් විමසීය. එයට කෙටි පිළිතුරක් දෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසානයේදී පැහැදිළි කළේ වැට්බද්ද අහෝසි වීමෙන් ජනතාව ලද ජයග්‍රහණය පිළිබඳවයි.

තම පුතාව අත් අඩංගුවට පත්ව සිටියදීත්, වැට් බද්ද අහෝසි වීමෙන් ජනතාව ලද ජයග්‍රහණය ගැන නිහතමානී සතුටක් ලබන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනතා හිතෛශීත්වය පිළිබඳව අසළ සිටියවුන් පසුව ප්‍රසංශාත්මකව කතා කළෝය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශපාලඥයින් විසින් පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීම ගැන පළමුව ප්‍රකාශ කරන බවත්, ඉන් අනතුරුව අත් අඩංගුවට ගැනීම සිදුවෙන බවත් පෙන්වා දුන්නේය. (මෙවැන්නක් සිදුවන්නේ පොලිස් රාජ්‍යයක පමණි).

සම්පූර්ණ වීඩියෝව පහතින්.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.