රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. ඒ බව ආරංචි වූ දහස් ගණනින් ජනතාව ඒ මහතාව බැලීමට පැමිණ සිටියෝය.
කෙසේ වෙතත් පරීක්ෂණ අවසන් වන තුරු රිමාන්ඞ් භාරයේ තබන්නැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීම අධිකරණය විසින් ඉවත දමනු ලැබිණ.
ඊට හේතු වී තිබෙන්නේ ඒ මහතාව අත් අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නැති බව අධිකරණය තීරණය කිරීමයි.
අගතියට පත් පාර්ශවයක් නොමැති අසාධාරණ චෝදනාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගනිමින් සිදුකළ නින්දිත දේශපාලන පළිගැනීමට එරෙහිව දිවයිනේ නන් දෙසින් ජනතාව විරෝධතා පැවැත්වූයේ මෙලෙසයි.