Mahinda Rajapaksa: බැසිල්ව අත්අඩංගුවට ගත් අරුම පුදුම හේතුව, රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්න නිසා...

Tuesday, July 19, 2016

බැසිල්ව අත්අඩංගුවට ගත් අරුම පුදුම හේතුව, රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්න නිසා...

[caption id="" align="alignright" width="434"] 2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව[/caption]

[1]. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එවකට එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු එජාපය විසින් චෝදනා කළේ කොමිස් ගැසීම්, ඇමරිකාවෙ මාළිගා සෑදීම් ඇතුළු මහා බිල්ලෙක් මවා පාමිනි.

වරින් වර එතුමාව සැක පිට අත් අඩංගුවට ගත්තද ඒ සෑම අවස්ථාවකදීම නිර්දෝශී වී අධිකරණයෙන් පිටව ගියේ යහපාලන පච වල තරම ජනතාව ඉදිරියේ පසක් කරමිනි.

[2]. මෙවර එතුමාව සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්නා කියමිනි. යහපාලකයින්ට අනුව ප්‍රාදේශීය සභා යනුත් රාජපක්ෂවරුන්ගේ පුද්ගලික බූදලයක් විය යුතුය.

මේ සමග දැක්වෙන්නේ 2016/07/19 දින මව්බිම පුවත්පතේ දැක්වුණ පුවතයි. බැසිල් රාජපක්ෂ මහතාව සැක පිට බන්ධනාගාරගත කළ අරුමපුදුම චෝදනාව මෙහි දැක්වේ.

[3]. රජයේ මුදල් ඉල්ලීමකින් තොරව තවත් රජයේ ආයතනයකට දීම වරදක් නම්, රජයේ මුදල් ඉල්ලීමකින් තොරව පූජ්‍ය ස්ථානයකට පූජා කිරීම ඊටත් වඩා බරපතල වරදක් වනු ඇත. කිසිවෙකු ඉල්ලීමකින් තොරව පන්සලකට කෝවිලකට පල්ලියකට රජයේ මුදල් පරිත්‍යාග කළොත් යහපාලනයට අනුව කඩුවෙල අධිකරණයෙන් සිරගත වෙනු ඇත.

[4]. ජන සටන පාද යාත්‍රාව අගෝස්තු 1 දක්වා පැවැත්වෙයි. හරියටම අගෝස්තු 1 දක්වාම බැසිල් රාජපක්ෂ මහතාව සැක පිට සිරගත කර තිබීම විශේෂත්වයකි.

[5]. ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ අදහස් මෙලෙසයි.
යුක්තිය විහිළුවක් ද?



කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද මා නම් මා මේ වන විටත් ඉල්ලා අස් වී ගෙදර ගොස් අවසන් ය. එතරම් ම නීතියට මෙන් ම සියළු යුක්ති ධර්මයන්ට එරෙහි තීන්දුවකිනි අද දින බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වෙනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූයේ !

නගා තිබූ චෝදනාව වූයේ බැසිල් රාජපක්‍ෂ මහතා අමාත්‍ය ධූරය දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතන 56කට රුපියල් කෝටි තුන හමාරක (මිලියන 36) වියදමින් ජී අයි පයිප්ප බට බෙදාහැරීම ය. මූල්‍ය අපරාධ කොට්ඨාශයේ බී වාර්තාවට ම අනුව, ආදාළ පයිප්ප අමාත්‍යාශංය විසින් කිසිදු අක්‍රමිතාවකින් තොරව අදාළ පළාත් පාලන ආයතනය වෙත බාර දී ද ඇත. එසේ ම එකී පළාත් පාලන ආයතන විසින් ද අදාළ පයිප්ප බට බාරගෙන ඇති බවට වාර්තා ද තිබේ. මේ ක්‍රියාවලිය අතරතුර කිසිම තැනක වංචාවක් සිදු වී ඇති බවට ද චෝදනාවක් පොලීසිය විසින් ඉදිරිපත් කොට නැත. ඔවුන් නගා ඇති එක ම චෝදනාව නම් අදාළ බට ලබා ගැනීම සඳහා මේවා ලැබූ පළාත් පාළන ආයතන මගින් ඉල්ලීමක් කොට නොතිබීම ය. එනම් ඉල්ලීමක් නොමැති ව බට ලබා දීම වරද වී තිබේ. මෙම චෝදනාව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කොට තිබුණි.

ජී අයි පයිප්ප බට ලබා දී තිබුණේ ඇයි ?ඇත්ත වශයෙන් ම මෙකී බට ලබා දී තිබුණේ රජය විිසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක‍ට අනුව ය. ගමක කිසියම් උත්සව අවස්ථාවක තාවකාලික මඩු සාදාගැනීම, මරණ හෝ වෙනත් ග්‍රාමීය මට්ටමේ උත්සව අවස්ථාවක කොඩි කණු ලෙස භාවිත කිරීම, සැණකෙලි අවස්ථාවන්හි දී නොයෙක් කාර්යන් සඳහා භාවිතා කිරීම ආදිය සඳහා ‍යොදා ගැනීමට මෙම බට ලබාදීමේ අරමුණ වී තිබේ.

නීතිඥ මහතුන් විසින් ඉතා දක්‍ෂ ලෙස පෙන්වා දුන්නේ නැගූ චෝදනාව තුළ කිසිදු හරයක් නැති බව ය. FCID නිලධාරීන්ට ද ඒ එකදු තර්කයකට හෝ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව අපි නිරීක්‍ෂණය කළෙමු. සියළු දේශන අවසානයේ සැකකාර බැසිල් රාජපක්‍ෂ මහතාට ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමට කිසිදු හේතුවක් නැති බවට වන මානසිකත්වයක් උසාවිය තුළ ගොඩ නැගී තිබුණි. එහෙත් ඒ අතර සිදු වූයේ අසාමාන්‍ය දෙයකි. මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව පසුව ගන්නා බව කියමින් උසාවිය කල්තබන ලදී. සාමාන්‍යයෙන් උසාවියක් කල් තැබෙන්නේ උපරිම විනාඩි 30ක් බව උසාවියක භාෂණ පරිවර්තයෙකයෙකු ලෙස කලක් කටයුතු කළ මම අත්දැකීමෙන් දනිමි. එහෙත් කඩුවෙල උසාවිය පැය එක හමාරකට වඩා කල් තැබුණි. අනතුරු ව අසුන වෙත යළි පැමිණි මහේස්ත්‍රාත්වරයා එක් වරම පවසා සිටියේ ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කොට බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වනදා දක්වා රිමාන්ඩ්භාරයට පත්කරන බව ය. කීමට අන් දෙයක් නැත. සැලසුම ව තිබුණේ නාමල් එළියට එන විට බැසිල් ඇතුළට දැමීම ය. එය ඒ අයුරින් ම සිදුවිය.

[6]. බැසිල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් මෙලෙසයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. යමපල්ලන්ගේ වෛරී දේශපාලනය දැන් ජනතාවට තිත්තම තිත්තයි! වැඩියම දොස් කියන්නේ යමපල්ලන් බලයට පත් කල අයයි! රාජපක්ශලා හිරගෙවල් වල දාලා නැඟී එන ජන හඬ නතර කරන්න හිතනවා නම් ලොකු වැරදීමක්.

    බැසිල් මැතිඳුන් බොරු චෝදනා වලට පටලවා ඇතුලට දැම්මත් ඒ වන විට එතුමා බදුල්ලෙන් පටන් අරන් විශාල වැඩ කොටසක් කරලා අපේ ජනතා හඬ අවදි කරවන වැඩ පිලිවෙලට සංවිධාන ශක්තිය ලබා දුන්නා. එතුමාගේ පූර්ණ ආශිර්වාදය මත ජන සටන පාද යාත්‍රාව හිතනවාටත් වඩා ඉහලින්ම සාර්ථක වෙනවා ස්තීරයි!

    පැහැදිලි හෘද සාක්ශියක් ඇති මව්බිම සුරකින සත්පුරුෂ දේශප්‍රේමීන් එක ධජයක් යට එකා මෙන් එක්වෙමු! ජනසටන පාද යාත්‍රාව අභීත රණහඬක් කරවමු! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  2. Piyaseeli SenanayakeJuly 19, 2016 at 6:58 PM

    The Yahapalanaya is a joke and a half. Can't Basil"s lawyers make representations to a higher court to set aside this judgement?

    ReplyDelete
  3. “ජන සටන පාද යාත්‍රාව අගෝස්තු 1 දක්වා පැවැත්වෙයි.හරියටම අගෝස්තු 1 දක්වාම බැසිල් රාජපක්ෂ මහතාව සැකපිට සිරගත කර තිබීම විශේෂත්වයකි.”

    ඉහත කරුණු කාරණා අනුව මෙය අමු පළිගැනීමක් බව සත්සුඳක් සේ පැහැදිලිය.මහින්ද හොරා,බැසිල් හොරා කියමින් යමපාලනය රටම කාබාසිනියා කරමින් ඇත.මහ බැංකුව මහ දවල් මංකොල්ලා කෑවේ දෙනෝදාහක් බලා සිටියදීය.අති ශුද්ධවන්ත යහපාලනය හරහා සිදුවූ එම අති ශුද්ධවන්ත හොරකම් ගැන කිසිඳු වඟ විභාගයක් නැත.එලෙස මහ බැංකුව හොරා කෑ අර්ජුන් මහේන්ද්‍රන්ව මුදල් අමාත්‍යාංගයේ ලේකම්වරයා ලෙස පත් කරගෙන ඇත්තෙ ද මහ බැංකු හොරකම ගැන කිසිඳු වඟ විභාගයක් නැතිවය.එලෙස තිබියදී බැසිල් රාජපක්ෂ මහතා G.I බට ප්‍රශ්නයකට පටලවා ගනිමින් මෙලෙස සිරගත කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියේ පවර් එක ගැන යමපාලන කෙරුමන් හොඳහැටි දන්නා නිසාය.ඒ හරහා යමපාලනයේ ඒකායන බලාපොරොත්තුව වනුයේ ඒකාබද්ධ විපක්ෂය වටා එක්රොක් වෙමින්,යමපාලනය මෙරටින් අතුඟා දැමීම සඳහා පෙරට එන ජන බලයේ ප්‍රාණය නිරුද්ධ කිරීමය.

    රාජපක්ෂ නාමය ඇසූ සැනින් හීන් දාඩිය දමන යමපාලුවන් ඉදිරියටත් ලොවෙත් නැති චෝදනා ඉදිරිපත් කරමින් රාජපක්ෂ පවුල ඇතුළු දේශමාමක නායකයන් සිරගත කරමින් යහපාලනය මෙරට තුළ ස්ථානගත කරවමින් රඳවා ගැනීමට දහසකුත් උප්පරවැට්ටි යොදනවා නොඅනුමානය.

    ReplyDelete
  4. එතකොට නීති පොතේ තියෙනවද ඉල්ලීමකින් තොරව ප්‍රදානයක් ලෙස රජයේ එක ආයතනයකින් තවත් ආයතනයකට මුදල් දීම වරදක් කියලා? එහෙම තියෙනවනං, මොකක්ද නීතිය, මොන පරිච්චේදයේ, මොන වගන්තියේද එහෙම කියල තියෙන්නේ?

    ReplyDelete
  5. වනමල් පියලි විල්ලුද බුමුතුරුණු උඩ,
    යන මිනිහෙකුගෙ ගමනින් නැහැ ලොවට වැඩ,
    ඇණ උල් තියුණු ගල් මුල්වල මුණත මැඩ,
    පැන යන ගමන හිතවත ! කොපමණද හැඩ.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.