Mahinda Rajapaksa: බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!

Saturday, July 23, 2016

බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!



[1]. (i). 2015 පෙබරවාරි 1 දින mahinda.info වෙබ් අඩවිය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාලය භාවිතා කරන බොහෝ මහින්ද පාක්ෂිකයන් පවා, එජාපයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ල කරන ලද මඩ චෝදනා ගැන සිටියේ තරමක කුතුහලයෙනි. ඊට හේතුවනම් එම මඩ චෝදනා වලට එරෙහිව පාක්ෂිකයින් කිහිප දෙනෙකු අන්තර්ජාලයේ හුදකලා සටනක නිරත වූවා මිස, ජනාධිපතිවරණ සමයේ නිසි පිළිතුරු නිල වශයෙන් ලබා දී නොතිබීමයි.

(ii). අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල නිවේදන, මාධ්‍ය හමු හරහා එතුමාට එරෙහිව තිබුණ චෝදනා වලට නිසි පිළිතුරු ලබා දුනි. මෙම mahinda.info වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසුව මඩ චෝදනා වලට අන්තර්ජාලයේ ද පිළිතුරු ලබා දුනි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන දැන් සියලුම මහින්ද පාක්ෂිකයන් පමණක් නොව එජාපයේ සමහර ඇමතිවරුන් පවා දරන මතයනම් එතුමා කිසිදු වරදක් කර නොමැති බවයි.

(iii). සාක්ෂි නොමැතිව එවැන්නක් අප නොපවසමු. මෙන්න එක් උදාහරණයක්. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩිපුරම මඩ චෝදනා එල්ල කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැන් පවසන්නේ "මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් වලට සම්බන්ධ නෑ" යනුවෙනි.



(iv). ඔහු එසේ අංශක 180 කින් තම මතය වෙනස් කරගත්තේ ඇයිදැයි ඔබ සිතුවාද? ඊට හේතුවනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ඔවුන් එල්ල කරන ලද මඩ චෝදනා සියල්ලටම පිළිතුරු සමාජගත වි තිබීමත්, තවත් එල්ල කරන මඩ මැදහත් ජනතාව පිළි නොගැනීමත් නිසාය. මැදහත් ජනතාවගේ මතය අනුව මැතිවරණ ජය පරාජය තීරණය වෙන අතර මඩ ගැසීමෙන් සිදුවන්නේ ඔහුගේ මැදහත් ඡන්ද පදනම තවත් බංකොලොත් වීමයි. එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව තවත් මඩ ගැසුවොත් ඊට පිළිතුරු දීමට අප සැම පෙළගැසී සිටින අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාන්ත්‍රණයක්ද සිදුවෙමින් පවතියි.

 

[2]. (i). දැන් අපි ප්‍රස්තුතයට පිවිසෙමු. එජාපයේ සහ අවාසනාවන්ත ලෙසට එජාප වෘත්තීය සමිතියක් බවට පත් වී ඇති ජවිපේ වැඩිම චෝදනාවන්ට ලක් වූයේ රාජපක්ෂ වරුන් අතුරින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. අද එජාපයේ අය පවා මහින්ද රාජපක්ෂ මැතිතුමා නිර්දෝශී බව පවසද්දී අපගේ සමහර පාක්ෂිකයින් බැසිල් රාජපක්ෂ මහතා ගැන දරන්නේ තරමක කුකුසකි. ඊට හේතුවනම් එජාපයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ලද මඩ වලට නිසියාකාරයෙන් පිළිතුරු සමාජත නොවීම බව අප සිතමු.

(ii). ඔහු නිරන්තරයෙන් විස්වාස කළේ තමන් රටට කරන සේවය හමුවේ ජනතාව මෙකී බොරු විස්වාස නොකරනු ඇති බව ය. එය එසේ නොවූ බව ලංකාවේ නුදුරු අතීතය සාක්‍ෂි සපයයි. එහෙත් එතුමා යම් යම් අවස්ථා වලදී පිළිතුරු ලබා දී තිබේ. පහත වැඩසටහන එවැන්නකි.



(iii). බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වූ මඩ චෝදනා වලට අපද යම් අවස්ථා වලදී පිළිතුරු ලබා දී තිබුණත්, mahinda.info අපට පූර්ණකාලීනව එය සිදුකිරීමට නොහැකි වූයේ අපගේ විවේක කාලයේ ප්‍රමුඛත්වය ලබා දී තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එල්ල වූ මඩට පිළිතුරු දීම බැවිනි.

 

[3]. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එජාපයෙන් එල්ල කරන ලද මඩ චෝදනා සියල්ලටම මේ අවස්ථාවේදී පිළිතුරු දීමට නොහැකි වුවද, ඔබට සිතන්නට කාරණා කිහිපයක් මෙහි සටහන් කරන්නෙමු.

(i). පළමු චෝදනාව වන්නේ බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමග "ඩීල් එකක්" තියෙන බවයි. මහින්ද පාක්ෂික ඔබ අප සියල්ලන්ම අවිවාදයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාව දේශපාලනිකව විශ්වාස කරන්නෙමු. බැසිල් මහතාට එවැනි ඩීල් එකක් තිබේනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් මහතාව කිසිදු ආකාරයෙන් සිය දේශපාලනයේ උදව්වට තබා ගන්නේ නැත. ඒ අනුව එම ඩීල් කතාව ගොබෙල්ස්කරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව විශ්වාස නැති අයයි. ඔවුන් කවුදැයි ඔබ දනී.

(ii). බැසිල් රාජපක්ෂ මහතාට එජාපය සමග ඩීල් එකක් තිබේනම් එතුමා ශ්‍රී ලංකවට පැමිණි සැනින් සැක පිට අත් අඩංගුවට ගෙන සිරගත කර, දැනුත් සැක පිට සිරගත කර තබන්නේ ඇයි. බැසිල් රාජපක්‍ෂ මහතාව බන්ධනාගාරගත කිරීමට වත්මන් ආණ්ඩුව නොයෙක් වර උත්සාහ කර ඇත. නිදසුනක් ලෙස පසුගිය මස එතුමාව පූගොඩ උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් එතුමාව රිමාන්ඩ් කිරීමට අපමණ වෙහෙසක් දැරීය. ප්‍රබල නීති තර්ක හමුවේ මහේස්ත්‍රාත්වරයා සිය හෘද සාක්‍ෂියට ඉඩ දී එතුමාට ඇප ලබා දුන්නේ ය. ඊට පෙර මාතර උසාවියේ දී ද එසේ ය. කෙසේ වෙතත්, කුමන නීති තර්ක දැමූව ද කඩුවෙල උසාවිය ඒවා පිළිගත්තේ නැත. රජයේ මුදල් තවත් රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභා වලට දුන්නා කියා එතුමාව සිරගත කළේය. සමහරුන්කි යා තිබුණේ බැසිල් සිරගත වූයේ ද ඩීල් එකකට බව ය. මෙය එල්ටිටිය මහින්ද මැතිතුමාගෙන් මුදල්ගෙන ස්වයං-පරාජය පැතුවා සේ වන විහිළුවකි. බැසිල් මතු නොව රිමාන්ඩ් භාරයේ දුෂ්කරතාව, එමගින් පැන නගින මානසික හිංසනය, සහ දේශපාලන අවාසිය දන්නා ඕනෑම කෙනෙකු කැමැත්තෙන් සිරගත වන්නේ නැත. බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥ කණ්ඩායම ඔහුට ඇප ලබා ගැනීම සඳහා කොතරම් වෙහෙස වූයේ ද යන්න උසාවියේ සිටි බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි, ගීතා කුමාරසිංහ, පියල් නිශාන්ත, සේමසිංහ, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරුන්ඇ තුළු තව බොහෝ පාර්ලීමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් අසා දැනගත හැකි ය. බැසිල් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 2 ඇතුළු 25කට ආසන්න කණ්ඩායමක් පෙනී සිටියහ. කැමැත්තෙන් සිරගත වීමට නම් එවැනි මාරාන්තික සටනක් කරන්නේ ඇයි?



(iii). බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩුව සමග ඩීල් එකක් ඇති බව පවසන්නේ එජාපයේම මඩ වෙබ් අඩවි මගිනි. එවැනි ඩීල් එකක් තිබේනම් ඔවුන්ට එය වාසිදායක ය. එවැනි වාසිදායක ඩීල් ඔවුන් සිය අරමුණ ඉටුවන තුරු හෙළි නොකර ආරක්‍ෂා කළ යුතු ය. උදාහරණ ලෙස සිරිසේන මහතා එජාපය සමග ඇතිකරගත් ඩීල් එක ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදීවත් එජාපයේ වෙබ් අඩවි හෙළි කළේ නැත. ජනාධිපතිවරණ සමයේ සිට මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන ලද එජාපයේ වෙබ් අඩවියක් වන colomboxnews මගින් පළ කළ ව්‍යාජ සිරස්තලය පහතින්. ඒ අනුව එජාපය විසින් බැසිල් රාජපක්ෂ මහතාව මහින්ද පාර්ශවයෙන් ඉවත් කිරීමට ගෙනියන සයිබර් ප්‍රහාරයේ බරපතල කම ඔබට පැහැදිළි වනු ඇත.

(iv). රාජපක්ෂවරුන් කිසිදා එකිනෙකා පාවාදී නැත. ඔවුන්ගේ තිබෙන සහෝදරත්වය විස්මිත ය. 2005 දී මන්ත්‍රී ආසන කිහිපයක බහුතරයක් තබාගත් සංධාන ආණ්ඩුව පෙරලගන්නේ නැතිව මානුෂික මෙහෙයුම ජයගැනීමට දේශපාලන නායකත්වය ලැබුණේ එම රාජපක්ෂවරුන් අතර ඇති සහෝදරත්වයේ බැඳීමෙනි. ඊට ඊර්ෂා කළ එජාපය සහ එහි වෘත්තීය සමිතිය, "සහෝදර සමාගම" නැමැති නම පටබැන්දෝ ය. දැන් ආණ්ඩුවේ බලවතුන්ගේ සහෝදර සමාගම් කීයක් තිබේද?

(v). බැසිල් රාජපක්ෂ මහතා සියලු අමාත්‍යාංශ වල පාලනය සියතට ගත් බවත් සමහරුන් චෝදනා කර තිබුණි. අපට ඇසීමට ඇත්තේ එක ප්‍රශ්නයකි. එදා බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිව සිටියදී ජනතාවට කැපී පෙනෙන සේවයක් කළ ඇමතිවරුන්, අද යහපාලන ආණ්ඩුවේම ඇමතිකම් ගත් විට කිසිදු සේවයක් ජනතාවට නොකරන්නේත්, දිගින් දිගටම අදාල අමාත්‍යාංශ යටතේ ඇති ආයතන කඩා වැටෙන්නේ ත් ඇයි?

[caption id="" align="alignright" width="434"] 2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව[/caption]

 

[4]. (i). "මෙගා ඩීල්" "මෙගා කොමිස්" චෝදනා වලට වෙන වෙනම පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් නොමැතිය. බැසිල් රාජපක්ෂ මහතා එකදු වරදක් කර තිබේනම් මෙතුවක් කල් එතුමාට අධිකරණයෙන් දඬුවම් නොදී තිබෙන්නේ නැත. සැක පිට අත් අඩංගුවට ගැනීම යනු දඬුවම් නොවේ. 2015 වසරේදීද යහපාලනයෙන් එසේ සිදුකළ අතර, එවිට බැසිල් රාජපක්ෂ මැතිතුමා නිර්දෝශී වී නිදහස් විය. මෙරවර අත් අඩංගුවට ගෙන තිබෙන්නේ රජයේ මුදල් රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභා වලට දුන්නා කියමිනි. ඔය කියපු විදිහට බැසිල් රාජපක්ෂ මහතා "මෙගා ඩීල්" "මෙගා කොමිස්" කර තිබුණානම්, මේ වගේ විහිළු සහගත චෝදනාවක් නගා එජාපය ජනතාව ඉදිරියේ බංකොලොත් වන්නේ ඇයි?

(ii). යහපාලන රජයෙන් බැසිල් දින 70ක් සිරගත කොට සිටියේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සමෘර්ධි නිලධාරීන්ට කොහොමත් දියයුතු වූ වන්දිය මහභාණ්ඩාගාරයෙන් ගෙවන තුරු දිවිනැගුම අරමුදලින් ගෙවීමට කටයුතු කිරීම ය. ඇත්ත වශයෙන් ම එසේ කළේ වන්දි ප්‍රමාද වූයේ නම් අමතර රුපියල් මිලියන 5ක් දඩ ලෙස ගෙවීමට සිදුවන බැවිනි. අනෙත් චෝදනාව ලිතක් මුද්‍රණය කොට ජනතාවට ලබා දීම හා අඩු ආදායම් නිවෙස්වල වැසිකිලි ආදිය නවීකරණය කර ගැනීමට රුපියල් 10000කින් 2500ක මුල් වාරිකය ලබා දීම ය. ඇප ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයාම කියා තිබුණේ මේ එකතු චෝදනාවක හෝ බැසිල් රාජපක්‍ෂ මුදල් සොරකම් කළ බවට කිසිදු සාක්‍ෂියක් නැති බව ය.

 

[5]. (i). බැසිල් රාජපක්ෂ යනු අති දක්ෂ රාජ ත්‍රාන්ත්‍රිකයෙකි. 2009 වසරේ මානුෂික මෙහෙයුම නතර කරන ලෙසට ඉන්දියාව බලපෑම් කරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනින් ඉන්දියාවට පිටත් කර හැරියේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව ය. ඉන්දියානු පරිප්පු යාපනයට වැටුණු අන් යුධ සමයන්ගෙන් මහින්ද ජනපතිඳුන්ගේ කාලය වෙනස් වන්නේ බැසිල් විසින් අකුරට ම ඉන්දියාව කළමනාකරනය කරගත් නිසා ය.





(ii). මානුශීය මෙහෙයුමේ සිටි ග්‍රාමීය සංවර්ධනය හරහා මහා සංවර්ධන ව්‍යාපෘථි දක්වා පිටුපසින් සිටි මහා සෙවණැල්ල බැසිල් රාජපක්ෂ මහතා බව දන්නේ ලංකාවේ අල්ප දෙනෙකි. බැසිල් රාජපක්ෂ මහතා සමග සිදුකළ සංවාද වලින් අනතුරුව එවකට එජාපයේ නායකයින් බුරුතු පිටින් මහින්ද ජනපතිඳුන් වටා එක් විය. නිර්මාල් දේවසිරිගේ ෆුටා සටනේ නිරුවත ගැන කොතරම් තාක්ෂණිකව පෙන්වා දුන්නත් එය ඔවුන් නතර නොකළ තැන, බැසිල් රාජපක්ෂ මහතා සමග එක් සාකච්ඡාවකින් පමණක් ෆුටා අවසන් විය. (වෙනසක් ඉල්ලූ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 1 1/2 ක් වුණත් 6% නම් තාම ලැබී නැති අතර, ඒ වෙනුවට පාසල් වලින් මුදල් අය කරයි).

(iii). වැදගත්ම දේනම් බිම් මට්ටමේ ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග සම්බන්ධතා ඇත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ටයි. උදාහරණ ලෙස මෑතකදී ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීවරුන් සමග පැවැති සමුළුව බලන්න. එනම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන සහභාගීත්වය දැවැන්ත අවශ්‍යතාවයකි. බැසිල් රාජපක්ෂ මහතාව මහින්ද පාර්ශවයෙන් ඉවත් කිරීම එජාපයට තීරණාත්මකය.





 

[6]. (i). “යහපාලන” මඩ බලකාය විසින් රාජපක්‍ෂවරුන් අතරින් මුලින් ම පහර දී බිම ඇද දැමූයේ බැසිල් රාජපක්ෂ මහතාය. ඊට විශේෂ හේකුවක් තිබුණි. මහින්ද මැතිඳුන්ගේ මුළු දේශපාලන ව්‍යාපෘථිය මතු නොව, මහින්ද ආණ්ඩුවේ කොඳු නාරටිය වූයේ ද බැසිල් රාජපක්ෂ මහතා ය. උපක්‍රමික සැලසුම්කරණයේ කෙළ පැමිණි බැසිල් අති දක්‍ෂ සංවිධායකයෙකු බව ද පක්‍ෂ වික්‍ෂ සැම අවිවාදයෙන් පිළිගනිති. ඒ අනුව, මහින්ද මැතිඳුන්ව වැට්ටවීමට නම් බැසිල් වැට්ටවිය යුතු ය. ඒ අනුව, බැසිල් රාජපක්‍ෂ හොරෙකු, දූෂීතයෙකු කෙරුණි.

(ii). ඉහත කී ලෙස බැසිල් රාජපක්ෂ මහතා ශූරයෙකු වූයේ නම් ඔහු මේ මිත්‍යාවට එරෙහි ව සටන් නොකළේ ඇයි? එය වැදගත් ප්‍රශ්නයකි. මහින්ද යුගයේ සිදුකළ ව්‍යාපෘති සංඛ්‍යාව 4300 කට අධික ය. මහින්ද මැතිඳුන්ගේ ධූර කාලයෙන් වසර 5 ක්ම මානුෂික මෙහෙයුම වෙනුවෙන් කැප කළ අතර රට සංවර්ධනය කිරීමට ඉතිරිව පැවැතියේ වසර 5 කි. වසර 5 ක් තුළ ව්‍යාපෘති 4300 ක් නිම කිරීම යනු හිතන තර්ම් ලෙහෙසි වැඩක් නොවේ. ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සියලුම අමාත්‍යාංශ වල සම්බන්ධීකරණය සිදුකළ බැසිල් රාජපක්ෂ මැතිතුමා තම ශක්තිය ශ්‍රමය පමණක් නොව, එතුමාට තිබූ මානව සම්පත් පවා සම්පූර්ණයෙන්ම යෙදවූයේ රටේ සංවර්ධන ව්‍යාපෘති උදෙසා මිස සිය දේශපාලනය වෙනුවෙන් නොවේ.

 

[7]. (i). අද අවාසනාවන්ත තත්වය වන්නේ අපේම ඇතැමුන් විසින් බැසිල් රාජපක්ෂ මහතා ගැන යහපාලන ආණ්ඩුව මැවූ කළු චිත්‍රය ඒ ලෙස ම පවත්වාගෙන යාමට උත්සාහ කිරීමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සතුරන්ට අවශ්‍ය දෙය ඇතැම් මිතුරන් විසින් ද ඉටු කිරීම සිතාගැනුමට පවා අපහසු ය. මහින්ද යුගයේ මහා ජයග්‍රහණ ගැන මහ ඉහළින් කතා කරන පිරිස් ඒ පිටුපස වන මහා බැසිල් සාධකය හිතාමතා ම අමතක කිරීම තේරුම්ගත නොහැක්කකි. ඇත්ත වශයෙන් ම මෙරට ජනතාව විසින් වටහාගත යුත්තේ මහින්ද-බැසිල්-ගෝඨාභය යනු එකිනෙකාගෙන් වෙන්කළ හැකි පුද්ලයින් නොවන බව ය. අද සියළු අතින් පිරිහෙමින් පවතින ලංකාව නැවතත් අන් කිසිවෙකුට ලඟා විය නොහැකි තලයකට ඔසවා තැබීමේ හැකියාව ඇත්තේ ද මේ තිදෙනාට බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට වත්මන් ලංකාවේ සාධක එමට ය.

(ii). ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාව කපා කොටා ටයරයක දමා පණ පිටින් ගිණි තැබූ එජාපය සමග ජවිපෙට සංධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වූවානම්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය දිනූ බැසිල් රාජපක්ෂ මහතාව එජාපයේ මඩට රැවටී අප විසින් පිටුදැකිය යුතු ද?