



පාද යාත්‍රාවට කිසි තහනමක් නෑ.. මාධ්‍ය වාර්තා බොරු.. පොලීසිය හත්පොලේ ගාගෙන..
හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාද යාත්‍රාව එරෙහිව පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරනයන්ගෙන් තහනම් නියෝග ඉල්ලා තිබිණ. මෙම අධිකරණ දෙකේදීම ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් පෙනී සිටියහ.
මහනුවරදී පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇමති කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන නිසා ගැටුමක් ඇති විය හැති බවයි.
නමුත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කළේ නැත.
මාවනැල්ල අධිකරණයට පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන නිසා ගැටුමක් ඇති විය හැකි බවයි. එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙළපාලිය යාමට බාධාවක් නැති වුවත් ඒකාබද්ධ විපක්ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසත්ය.
කුමන බාධාකිරිම් සිදුවුණද පාද යාත්‍රාව සිදුවෙනු ඇත. ආර්ථිකය කඩා වැට්ටවීම, අසාධාරණ වැට්බදු ගසා ජනතාව සූරා කෑම, රණවිරුවන් පාවා දීම, රට බෙදීම, ජාතික ආර්ථිකය ඉන්දියාවට විකිණීම, ජනමාධ්‍ය වලට තර්ජනය කර මාධ්‍ය මර්දනය කිරීම, මහාපරිමාණ දූෂණ සිදුකර රට කොල්ල කෑම ආදී ජනතාවට එරෙහි සිදුකරන අපරාධයන්ට එරෙහිව දූෂිත ආණ්ඩුවට ජනතාවගෙන් එල්ල වෙන පළමු වෙඩිමුරය පාදයාත්රාවෙන් ඇරඹෙනු ඇත.