මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්රීවරුන් ගණනාවක් එක්ව සිටින අතර අති විශාල ජන සහභාගීත්වයක්ද තිබේ.
පෙළපාලිය නිසා කොළඹ නුවර මාර්ගය පේරාදෙණියේදී දැඩි වාහන තදබදයක් ඇති වී ඇත.








පාද යාත්රාවේ ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියෙන් පා ගමනින් පැමිණියද ඉන් අනතුරුව ඇතිවුණ දැඩි සෙනග තදබදය නිසාත්, වත්මන් ආණ්ඩුවෙන් දරුණු කොටි ත්රස්තවාදීන්ව නිදහස් කිරීම නිසා ඇතිවී ඇති ආරක්ෂක අවදානම නිසාත්, එතුමාගේ ආරක්ෂාවට සිටි පුහුණු හමුදා නිලධාරීන් වෙනුවට නුපුහුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති නිසාත්, එතුමාව විශ්වාසවන්ත හිතවතුන්ට මැදි කරගනිමින් රථකයින් ගමන් කර ඇත.





මේ අතර කොළඹ අතිරේක මහේත්රාත් අධිකරණය විසින් පාද යාත්රාවේ එන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ තවත්හ යදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ.

