ඒකාබද්ධ විපක්ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇත.
ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට කටයුතු කරමින් තිබීම ය.
පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටිය ඩෝසර් කර තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.






වෙන්කරගත් පිටිය වැනසීමට අමතරව, පාද යාත්‍රාව තුළට එජාප ආධාරකරුවන් ලවා ගිලන් රථ පැදවීම, පාද යාත්‍රාවට එරෙහිව පොලිසිය මගින් උසාවි නියෝග ලබා ගැනීම, පාද යාත්‍රාව පවත්වන දිනදීම එය ඉදිරියෙන් එජාපයේ රැළි පැවැත්වීම, පාදයාත්රාව පැවැත්වෙන මාර්ගයේ ජනාධිපතිවරයා වෙනම රැස්වීම් පැවැත්වීම, පාද යාත්‍රාවේ එන අයට විශ සහිත බීම වර්ග බෙදීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සියලුම පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගැනීම, පාද යාත්‍රාවේ එන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලඥයින්ව අත් අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගැනීම, පාද යාත්‍රාව ඉදිරිපිටට 6000 ක පමණ පොලිස් බලඇණියක් යෙදවීම ආදී නොයෙකුත් ආකාරයේ නිවට වැඩ වලින්, පාද යාත්‍රාව නිසා ආණ්ඩුව මරු විකල්ලෙන් දඟලන අයුරු පැහැදිළි වෙයි.