Mahinda Rajapaksa: එජාපයේ දේශපාලන සිරකරුවෙකු වූ නාමල් රාජ්‍ය මර්දනයට අභීතව මුහුණ දෙයි...

Monday, July 11, 2016

එජාපයේ දේශපාලන සිරකරුවෙකු වූ නාමල් රාජ්‍ය මර්දනයට අභීතව මුහුණ දෙයි...

පොලිස් ආඥා පනතට පටහැනිව බිහි කළ නීති විරෝධී ආයතනයක් වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේ පින්තූර අප වෙත ලැබී තිබේ.









මීට දසක කිහිපයකට පෙරාතුවදී මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මේ ආකාරයෙන්ම එජාප ආණ්ඩුව විසි අත් අඩංගුවට ගනු ලැබුණි. එදා එජාපයෙන් මෙලෙස මාංචු දැමුවේ වසර 600 කට පසුව රට එක් සේසත් කළ නායකායට යි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.