Mahinda Rajapaksa: පාද යාත්‍රාවට එරෙහි ඇම්බියුලන්ස් මඩ අතේ මාට්ටු, ආණ්ඩුව හත් පොළේ ගා ගත්ත හැටි මෙන්න.

Thursday, July 28, 2016

පාද යාත්‍රාවට එරෙහි ඇම්බියුලන්ස් මඩ අතේ මාට්ටු, ආණ්ඩුව හත් පොළේ ගා ගත්ත හැටි මෙන්න.

[1]. ජන සටන පාද යාත්‍රාව අතරට ගිලන් රථයක් දමා ආණ්ඩුව විසින් සිදුකළ නිර්ලජ්ජිත ක්‍රියාව ආණ්ඩුවේ මාධ්‍ය මගින් විකාශය කළේ මෙලෙසයි.



 

[2]. එහි දැක්වෙන්නේ "රෝගීන් රැගෙන ඒමට යමින් සිටි ගිලන් රථයක්" ලෙසටය.

(i). ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ නියාමනයන්ට අනුව රෝගීන් රැගෙන ඒමට යන ගිලන් රථයක නිල සාත්තු සේවකයෙක් හෝ හෙදියක් සිටීම අනිවාර්ය වේ.

(ii). ඊට හේතුව ගිලන් රථයක් ගෙන යන්නේ කැස්ස හෙම්බිරිස්සාව ඇති රෝගීන් රැගෙන ඒමට නොව අසාධ්‍ය රෝගීන් රැගෙන ඒමට නිසාය.  එහිදී ප්‍රථමාධාර දීමට පුහුණුව ලත් අයෙක් සිටිය යුතුය. නැතහොත් රෝගියා රැගෙන ඒමේදී සිදුවෙන අත්වැරදීමකින් රෝගියා මිය යනු ඇත.

(iii). පහත පින්තූර බලන්න, මේවායේ සාත්තු සේවකයන් හෝ හෙදියන් සිටියි.







 

[3]. නමුත් ආණ්ඩුවේ මාධ්‍ය මගින් නිර්ලජ්ජිතව විකාශය කරන ලද මඩ වීඩියෝවේ ඇති ගිලන් රථයේ කිසිදු හෙදියක් හෝ සාත්තු සේවකයෙක් නොමැත.



(i), ජනසටන අනතුරදී මේ ආකාරයෙන් ආණ්ඩුවේ හෙංචයියන් පදවන, හෙදියන් හෝ රෝගීන් නොමැති ගිලන් රථ 6 ක් පමණ ගෙන ගොස් පාද යාත්‍රාවේ යන ජනතාව පීඩාවට පත් කළෝය. එහිදී අවසාන ගිලන් රථයේ පසුපස දොර අරමින් එහි රෝගීන් හෝ හෙදියන් නොමැති බවට එහි සිටි ජනතාව පෙන්වා දෙන ලදී. මහින්ද පාක්ෂිකයන්ගේ සංවරත්වය නිසා එම ගිලන් රථ යහතින් ගිය අතර, වෙනත් පක්ෂයක රැළියක් අතරතුරදී මෙවැනි වැඩක් කළහොත් ගිලන් රථ රියදුරා එම ගිලන් රථයෙන්ම රෝහල් ගත වෙනු ඇත.

(ii). අප වෙත වාර්තා වුණ ආකාරයට එම ගිලන් රථය පැදවූයේ ජනසටන කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින මහනුවර ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ හෙංචයියෙක් සහ පසුපස සිටියේ එම හෙංචයියාගේ බිරිඳයි.

(iii). යුද ගිණිදැල් කඳුළෙන් තෙත් වූ දේශයට නිදහසේ සිනාව එක් කරමින් යෝධ සංවර්ධනයක් සිදුකළ අසහාය ජනනායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසීමේ නින්දිත කටයුත්ත සිදුකිරීමට රජයේ කිසිදු හෙද නිලධාරියෙක් හෝ නිලධාරිණියක් එක් නොවූ අතර, ඔවුන්ගේ උතුම් නිළ ඇඳුම මඩ ගැසීමේ වැඩ වලට බලහත්කාරයෙන් යොදා ගත්තොත් නඩු දමන බවට ඔවුන් පවසා ඇත.

 

[4]. පහත දැක්වෙන්නේ ඒම අවස්ථාව ගැන ජනතාව දැක්වූ අදහස් සහ ජන සටනට එක් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දර්ශන කිහිපයකි.