කොළඹට එන ජන ගඟට බිය වී යහපාලකයින් හයිඩ් පිටිය පුරාම ඩෝසර් කර බොරු වලවල් කපයි…

මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇත.

ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට කටයුතු කරමින් තිබීම ය.

පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටිය ඩෝසර් කර තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.

වෙන්කරගත් පිටිය වැනසීමට අමතරව, පාද යාත්‍රාව තුළට එජාප ආධාරකරුවන් ලවා ගිලන් රථ පැදවීම, පාද යාත්‍රාවට එරෙහිව පොලිසිය මගින් උසාවි නියෝග ලබා ගැනීම, පාද යාත්‍රාව පවත්වන දිනදීම එය ඉදිරියෙන් එජාපයේ රැළි පැවැත්වීම, පාදයාත්‍රාව පැවැත්වෙන මාර්ගයේ ජනාධිපතිවරයා වෙනම රැස්වීම් පැවැත්වීම, පාද යාත්‍රාවේ එන අයට විශ සහිත බීම වර්ග බෙදීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සියලුම පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගැනීම, පාද යාත්‍රාවේ එන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලඥයින්ව අත් අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගැනීම, පාද යාත්‍රාව ඉදිරිපිටට 6000 ක පමණ පොලිස් බලඇණියක් යෙදවීම ආදී නොයෙකුත් ආකාරයේ නිවට වැඩ වලින්, පාද යාත්‍රාව නිසා ආණ්ඩුව මරු විකල්ලෙන් දඟලන අයුරු පැහැදිළි වෙයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to කොළඹට එන ජන ගඟට බිය වී යහපාලකයින් හයිඩ් පිටිය පුරාම ඩෝසර් කර බොරු වලවල් කපයි…

  • Dinuu

    සාමකාමී පාද යාත්‍රාවට යමපල්ලන් ගේ තුච්ඡ නින්දිත පහත් බාධා කිරීම් දැඩි පිළිකුලින් හෙලා දකිමු! මේ පහත් නියෝග ලබා දෙන අය ලැජ්ජා විය යුතුයි!

    • sayumi

      මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරලා ජන සටන නවත්තන්න දරන මෝඩ උත්සාහයෙන්ම මේ ආණ්ඩුව කොයි තරම් බංකොලොත්ද කියලා පෙනෙනවා.මේ රටේ ඉතිහාසයේ කියවෙන අර සේන ගුත්තික අස්ස වෙළෙන්දෝ දෙන්නගේ ආණ්ඩුවවත් මෙච්චර බංකොලොත් නැතුව ඇති. හරිම ලැජ්ජයි,පිළිකුල් සහගතයි.

      ජන සටනට ජයෙන් ජයම වේවා ! කොළඹදී හමු වෙමු !!!

  • Power

    අනිවා..

    යමපාලනය ඇතිවී ඇති පාදපාත්‍රා භීතිකාවේ බල මහිමය මෙමගින් සිතාගත හැකිය.ගිලන් රථ යොදා ජනතාව ප්‍රොකෝපකාරී ලෙස හැසිරවීමට යමපාලනය ගත් නිවට බියඟුලු උත්සහය ඊයේ දිනයේදී දැකගන්නට ලැබුණේ,පසුව එය සංවිධානය කරවූ පිරිසගේත් රෙදි ගලවා දමමින්ය.දැන් උත්සහ කරනුයේ යමපාලනයට එරෙහිව කොළඹට ගලමින් සිටින මහා ජන ගංඟාව කෙසේ හෝ අවහිර කිරීමටයි.එහෙත් මෙවැනි තුච්ඡ බාධක හමුවේ සැබෑ ජන නායකයා පුමුඛව කොළඹට ගලන මහා ජනගංගාව අවහිර කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත.

  • Singha

    පාද යාත්‍රාව නිසා බඩ බුරුල් වූ රනිල් ඇතුළු බටහිර බත්බැලයින්ට ඉන්දියානු ECTA ක්‍රමයට පෙලට ඉඳ ශරීර කෘත්‍යය කිරීම සඳහා මේ වලවල් කැපු බව දැන් ආරංචියි.

Leave a Reply