මහින්ද මැතිඳුන් පෙරටුකරගෙන ජන සටන පාද යාත්‍රාව ඇරඹෙයි. (පින්තූර)

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජන සටන’ පාද යාත්‍රාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය පාලම අසලින් ආරම්භ විය.

මේ සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ගණනාවක් එක්ව සිටින අතර අති විශාල ජන සහභාගීත්වයක්ද තිබේ.

පෙළපාලිය නිසා කොළඹ නුවර මාර්ගය පේරාදෙණියේදී දැඩි වාහන තදබදයක් ඇති වී ඇත.

පාද යාත්‍රාවේ ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියෙන් පා ගමනින් පැමිණියද ඉන් අනතුරුව ඇතිවුණ දැඩි සෙනග තදබදය නිසාත්, වත්මන් ආණ්ඩුවෙන් දරුණු කොටි ත්‍රස්තවාදීන්ව නිදහස් කිරීම නිසා ඇතිවී ඇති ආරක්ෂක අවදානම නිසාත්, එතුමාගේ ආරක්ෂාවට සිටි පුහුණු හමුදා නිලධාරීන් වෙනුවට නුපුහුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති නිසාත්, එතුමාව විශ්වාසවන්ත හිතවතුන්ට මැදි කරගනිමින් රථකයින් ගමන් කර ඇත.

මේ අතර කොළඹ අතිරේක මහේත‍්‍රාත් අධිකරණය විසින් පාද යාත්‍රාවේ එන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත්හ යදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්ද මැතිඳුන් පෙරටුකරගෙන ජන සටන පාද යාත්‍රාව ඇරඹෙයි. (පින්තූර)

  • Pink Panther

    Jana satanata Jaya wewaa!

    • Dinuu

      කාලෙකට පස්සේ පින්ක් දැකීම සතුටකි. සුබපැතුම් එක්කරමි.

  • Dinuu

    පාද යාත්‍රාව උණුසුම්! ජන හදවත් උණුසුම්! යමපාලනය භීතියට පත් වී ඇති බවක් පැහැදිලිවම දක්නට ඇත. අධිකරණ නියෝග සහ පිට්ටනි අවහිර කිරීම් සමඟ නාමල් මැතිඳු ඇතුලු තව අය පාද යාත්‍රාව තුලම අත් අඩංගුවට ගන්න යන එකෙන් යමපල්ලන් කොයිතරම් සලිත වී ඇත්දැයි සිතා ගත හැක.

    යමපල්ලන්ගේ මේ බියගුලු දෙකයි පනහේ බොලඳ ක්‍රියා නිසා ජන සටන පාද යාත්‍රාව අපි කවුරුත් සිතුවාටත් වඩා සර්ව ප්‍රකාරයෙන් අති විශිෂ්ට සාර්ථකත්වයක් ලබාගනු ඒකාන්තයි. නාමල් මැතිඳු ඇතුලු අත් අඩංගුවට ගන්න යන අය ‘ජනතා වීරයින්” බවට නිතැතින්ම පත්වනු ඇත! ජය සිකුරුයි! ජයෙන් ජයම වේවා!

    පාදයාත්‍රාවට සහභාගි වන අපේ ආදරණීය මහින්ද මැතිඳුන් හා අප සියලු දෙනා සමඟ එක්වන මව්බිමට සැබවින්ම ආදරය කරන පැහැදිලි හෘද සාක්ශියක් ඇති සත්පුරුෂ සහෝදර ජනතාවට තෙරුවන් සරණයි. තිස්තුන් කෝටියක් දෙව් අනුහසින් ජයෙන් ජයම වේවා!

  • පුනුරුත්ථාපනය නොවූ ආත්මඝාතක කළුකොටියන් සියල්ලන්ම ජඩපාලනයෙන් නිදහස් කර ඇති කලක , සියලුම ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලැබූ හමුදා විශේෂ කාර්‍ය බලකා සෙබළුන් ආරක්ෂාවෙන් ඉවත් කර ඇති පසුබිමක , ආරක්ෂාව වෙනුවෙන් සැලකිලිමත් වන ලෙස මහින්ද , විමල් ඇතුළු සියළු දේශමාමක නායකයන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු . ජීවත්වෙලා හිටියොත් බලයට පත්වී රටට කැලරි දහනය කරනවාට වඩා සේවයක් කල හැකියි. පාදයාතරාව අද ගියා හෙට ඉවරයි. විලිලැජ්ජාවක් නැති සිරිසේනට බලය අත අරින්න පාද යාත්‍රා 10 ක් ගියත් හිතක් නැත.

    • Dinuu

      මහසෝන් ඔබ හරි. රටක් වටින අපේ මහින්ද මැතිඳුන් විමල් මැතිඳුන් ඇතුලු අපේ ආදරණීය ජනතා නායකයින් ආරක්ශා වීම ඉතාම වැදගත්.

  • Singha

    පාද යාත්‍රාව තුලදීම නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ඒම පොලිසියෙන් කරනු ලබන ඉතිහාසයේම ලියැවෙන අමන මරි මෝඩ ක්‍රියාවක් වනු ඇත. නාමල් අතට අධිකරණ නියෝගයක් ලැබී නැති නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් වීමට අවශ්‍යතාවක් නොමැත. පාද යාත්‍රාවේ හරි මැදට වී ගමන් කරන නාමල් ඇතුළු පිරිස අල්ලාගැනීමට එන පොලිස් නිලධාරීන්ට කුමකින් කුමක් වේදැයි මට සිතාගත නොහැක. එය මහා ලේ වැගිරීමකින් අවසන් වී එදිනම රජය පෙරලී යාමට වුවත් සමහරවිට මේ ක්‍රියාව ප්‍රමාණවත් වනු ඇත. අවසානයේ නාමල්ට අතිවිශාල මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබාදෙන මේ ක්‍රියාවට අපි අපේ අමන මරි මෝඩ ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුය.

Leave a Reply