බොරු චෝදනා නගා නාමල්ව සිරගත කිරීමට එරෙහිව බෙලිඅත්තේ දැවැන්ත උද්ඝෝෂණයක්

අගතියට පත් පාර්ශවයක් නොමැතිව, ප්‍රස්තුතයට කිසි සේත්ම අදාල නොවන දේශපාලන චරිතයකගේ බොරු පැමිණිල්ලකට නාමල් රාජපක්ෂ මහතාව සිරගත කිරීමට එරෙහි වූ දහස් ගණනක ජනතාව බෙලිඅත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

ඒ අතර, දක්‍ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ගෙන යනු ලැබුවේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් යයි දැක්වෙන දැවැන්ත පුවරුවක් හම්බන්තොට බෙලිඅත්ත ප‍්‍රදේශයේ දක්නට ලැබෙයි.

තමන් කළ දෙයක් නොමැති තැන මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා බැන්න අධිවේගී මාර්ගය තමන්ගේ වැඩක් බවට පත් කරගන්නේ එලෙසය. තව ටික කලකින් මත්තල ගුවන්තොතුපොළ තමන්ගේ වැඩක් බවට මෙවැනි පෝස්ටරයක් ගසා ගත්තත් පුදුම නොවන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to බොරු චෝදනා නගා නාමල්ව සිරගත කිරීමට එරෙහිව බෙලිඅත්තේ දැවැන්ත උද්ඝෝෂණයක්

  • යහපාලනයට චන්දය දුන්න විශාල ප්‍රමාණයක් ජනතාව තව දුරටත් යහපාලනය අගය කරමින් මහින්ද මහතා සහ ඔහුගේ පවුල සම්බන්ධව ද්වේශ සහගත සිතින් ගත කරනවා. දශකයක් පමණ කාලයක් UNP මාධ්‍ය සහ කටකතා ජාලය මගින් ඉතා සාර්ථකව සමාජයට පොවන ලද අසත්‍ය විෂ තවමත් ඔවුන්ගේ සිත් තුලින් ඉවත් වී ගොස් නැහැ.

    යහපාලනය එපා වී ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දෙන ජනතාව පවා සමාජ ජාල සහ මාධ්‍ය තුල දී අදහස් දක්වන්නේ “මහින්ද හොරා කෑවත් මිට වඩා හොඳට රට කළා” යනුවෙන්. මේ මගින් ඔවුන්ගේ සිත් තුල නොදැනුවත්වම UNP මාධ්‍ය ජාලය මගින් තැන්පත් කරන ලද “මහින්ද හොරා” යන අභූත මතවාදය පෙනී යනවා.

    මේ බොරු විෂ පෙවීම සහ මාධ්‍ය මර්ධනය මගින් සාමාන්‍ය ජන මනසට යෙදිය හැකි බලපෑම ගැන මහින්ද පාර්ශවයට තවමත් හරි අවබෝධයක් නැති බව පෙනී යාම කනගාටුවට කාරණයක්. අද මා කතා කල කිසිම කෙනෙක් ඊයේ දිනයේ යාපනය විශ්ව විද්‍යාලය තුල සිදු වූ දේ සම්බන්ද කිසිම දෙයක් දැන සිටියේ නැහැ. UNP රජය මාධ්‍ය අවශ්‍ය විටදී තම මඩ සහ අභූත සම්ප්‍රචාරණය කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය මෙන්ම අවශ්‍ය විටදී මර්ධනය මගින් තමන්ට අහිතකර තොරතුරු මාධ්‍ය වරණය මගින් ජනතාව වෙත සම්ප්‍රේෂණය වීම වැළැක්වීමත් ඉතා සාර්ථකව කරනවා.

    ඕන බොරුවක් දිගටම ජනතාවට පෙන්වූ විට ඔවුන් එය විශ්වාස කරන බව ගොබෙල්ස් සහ පොනිල් පෙන්වා දී තිබෙනවා. සජිත් ගේ මේ වැයම ඒ අනුව අවබෝධ කර ගත යුතුයි.

    කොහොම නමුත් දේශපාලනයේ අනාගතයක් තිබෙන නායකයන් බොහෝ දෙනෙක් කුමන හෝ හේතුවකට සිරගත වී සිරබතේ රස විඳ තෙම්පරාදු වූ අය. මෙතෙක් මා දුටු කරුණු අනුව නාමල් හට ඉතාමත් දීප්තිමත් දේශපාලන අනාගතයක් හිමියි. සිරිසේනගේ මේ තුට්ටු දෙකේ බාලාංශ දේශපාලන සෙල්ලං ඒ දේශපාලන ගමනේ වානේ පන්නරය ලැබීමට නාමල්ට උපයෝගී කර ගත හැකියි.

    • Dinuu

      මහසෝන් සමඟ 100% ක් එකඟයි. මඩ ප්‍රචාර වලට එදත් රැවටුනා. අදත් රැවටෙනවා. ඒ බව දන්න නිසයි සජිත් ලා වුනත් විලි ලජ්ජා නැතිව මහින්ද මැතිඳුන් ගේ අධිවේගී මාර්ග වැඩ පිලිවෙලත් තමුන් කලා කියලා ජනතාවට ඒත්තු ගන්වන්න හදන්නෙ. මතකද ‘ඕනෙ ගොනෙක්’ අධිවේගී විවෘත කරන්න යන විට එයාට කලින් ‘මහින්ද මැතිඳුන්ට ජයවේවා’ කියලා දේශප්‍රේමී අම්මලා පීත්ත පටිය කැපුවා. මේ යමපාලන බොරුව ජනතාවට දැන් තිත්තයි. මහසෝන්, ඔබ හරි. ජනතාව රට යන මඟ ගැන තව දැනුවත් විය යුතුයි!

  • Piyaseeli Senanayake

    All these stupid actions of Yahapalanaya has given unparalleled popularity to Namal. That is a blessing in disguise.

    My worry is the Federal Constitution and the 15 bills Yahapalanaya are trying to push through parliament. Before that we have to organise protests and topple the government.

    Jayawewa! Theruwan Saranai.

  • Dinuu

    නාමල් පිපෙනවා සත්තයි ලක් දෙරණේ..
    මුලු රට සුවඳවත් කරමින් ලක් පුතුනේ..
    ඔබ යලි වඩින දින ජන හද බබලමිනේ..
    ලැබු පන්නරය ජය පිට ජය ලැබදෙමිනේ..!

    මේ ජන හඬට එක්වූ අද ඔබ වෙනුවෙන්..
    මුලු රට එකතු වේ හද පිරි ගුණ බැතියෙන්..
    රටක් වටින නාමල් මැතිඳුනි අදරින්..
    පතනෙමි ඔබට ජය පිට ජය රට වෙනුවෙන්..!

    තෙරුවන් ගුණ මහා බලයක් ගන්වන්ට..
    තිස් තුන් කෝටියක් දෙවි අනුහස් දෙන්ට..
    මේ බාධකය පසු කර ඔබ ජය ගන්ට..
    සැරසෙන දිනට මුලු රට එක්වෙයි ඔබට..!

  • Power

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නන් දොඩවමින්,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යාපෘති විවෘත කරමින්,කුණු බැනුම් අසමින්,රට වටා සැරිසරනුයේ..එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැඩි තීන්දු තීරණ හමුවේ ජාත්‍යයන්තරය ශ්‍රී ලංකාව සමඟ දැඩි විරසකයකින් පසු වූ බවත්,තමා විසින් 2015 ජනවාරී 8 වනදා ත්‍රස්ත නායක මහින්ද රාජපක්ෂගේ ත්‍රස්තවාදී පාලනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමෙන් අනතුරුව එම විරසකය දුරු කරමින් තමා ප්‍රධාන යහපාලන නඩය ජාත්‍යයන්තරය විශිෂ්ඨ අයුරින් ජය ගත් බවත් කියමිනි.එහෙත් දැන් පෙනෙන්නට ඇති ආකාරයට,ජාත්‍යයන්තරය විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත්තෙ සිරිසේන ජනාධිපතිවරයා නොව,දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොටට දිඝ්ගැස්සුවා කියා උකුං මහත්තයා කියන සජිත් ප්‍රේමදාස ගරු.ජනාධිපතිතුමාය.ආප්ප කා තාච්චි පහරා පක්ෂ,පාට,ලකුණු භේද බින්න කිරීමේ අරටුව වූ සිරිසේනට ඇස් පනාපිටම තම යහපාලනයෙන්ම සොරි වීම ආරම්භ වී ඇති බවට මෙම සාක්ශි,සාධක හොඳටෝම ප්‍රමාණවත්ය.

Leave a Reply