මහින්ද මැතිඳුන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරියට යැවූ ලිපිය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියට සුබපතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ.

එම ලිපියේ සිංහල පරිවර්තනය පහත පරිදිය.

ගරු තෙරේසා මේ මැතිනිය,
මහා බ්‍රිතාන්‍යයේ අගමැති,
නො. 10, ඩවුනින් වීදිය,
ලන්ඩන්

මැතිණියනි,

මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට පත්වීම ගැන මම ඔබට සුබපතමි. යුරෝපා සංගමයෙන් ඉවත්වී මහා බ්‍රිතාන්‍ය නව මාවතකට ප්‍රවිෂ්ඨ කිරීමේ භාරදූර කාර්ය ඔබට පැවරී ඇත. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ඇතැම් අය කනස්සල්ල පල කර තිබුණද, දැනටමත් ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝ ගණනක් මහා බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමට කැමැත්ත පළකොට ඇත. මේ නව තත්වයෙන් යුරෝපා සංගමයට පිටින් සිටින රටවලට නව අවස්ථා බිහිවෙන බව අවිවාදාත්මකය.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ තිබෙන සුවිශේෂ තැන නිසා පොදු රාජ්‍ය රටවල්වල සෛවරීභාවය, ස්ථාවරබව, භෞමික අඛණ්ඩතාවය හා ආර්ථික සංවර්ධනය සුරක්‍ෂිත කිරිම සඳහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාර්යක් මහා බ්‍රිතාන්‍යට පැවරේ. යුරෝපා සංගමයේ මෑත කාලීන අත්දැකීම් වලින් පැහැදිලි වෙන යථාර්තය වන්නේ එක් රටක් තුළ ඇති වෙන දේශපාලන අස්ථාවරභාවය මුලු කලාපයක් තුළම පැතිරී ගොස් ඈතින් පිහිටි රටවල්වලට පවා බරපතල ආනිශංස ගෙන දෙන බවයි. මේ නිසා ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්‍ෂිත කිරීම අද ලෝකයේ ප්‍රධානම දේශපාලන අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි.

ඔබතුමිය මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට දරණ ධූරකාලය සියලු ආකාරයෙන් සාර්ථක වේවා යැයි මම පතමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හිටපු ජනාධිපති

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්ද මැතිඳුන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරියට යැවූ ලිපිය.

  • Dinuu

    මව්බිම එක්සේසත් කර අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න සතුටින් ජීවත් වෙන්න වරම් ලබා දුන් මහින්ද මැතිඳුනි, යමපල්ලන් මව්බිම මහා භයානක අනතුරකට ගෙන යන මේ තීරණාත්මක මොහොතේ දිනූ දේශය රැකගන්නට සැබෑ දේශප්‍රේමීන්ට ඔබතුමාගේ අභීත නායකත්වය ලබා දෙනු මැනවි!

  • Piyaseeli Senanayake

    Mr President, this type of a worthy greeting could be expected only from a worthy leader like you.

    Jayawewa! Chiran Jayathu.

  • අතිගරු ජනාධිපති තුමනි…එදත් අදත් මතුත් අපේ හදවතේ සිටින ජනාධිපති ඔබතුමාම පමණයි.ඔබතුමා වැනි අභීත දක්ෂ නායකයෙකු අපට අහිමි වුයේ අපගේත් රටෙත් නොලැබීම නිසායි.නමුත් රට අගාධයට යන අයුරු දකින විට දැඩි කණගාටුවක් ඇතිවේ.මේ නරුම අදක්ෂ නායකයින් රටටත් සාසනයටත් කරන අපරාධය නැවත දමා රටත් මහජනතාවත් මහා සඟරුවනත් රැකගැනීමට පෙරට එන්න.අප සැමදා ඔබ සමගයි.

  • RATA wenuwen

    කඩු දුනු කිණිසි සවි බල මන් මදින් දැපී
    මුඩු මැත දොඩන රුපු හමුදා සමග හැපී
    කැඩුනොත් කැඩේවා අඬුපඬු දෙකට කැපී
    අඩුවක් නොකට යමු යන මේ ගමන අපී

Leave a Reply