යහපාලනයේ රෙදි ගැලවෙයි, නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි, මෙන්න සාක්ෂි!

[1]. එවකට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරද්දී, ශ්‍රී ලංකාවේ අයෝජනය කළ ප්‍රධානතම ආයෝජක සමාගම් 2 තමයි Shangri-La සහ Krrish හෝටල් සමාගම් දෙක.

[2]. ජනතා විමුක්ති පෙරමුණෙන් පරාජයට පත් වූ වසන්ත සමරසිංහ නැමැති දේශපාලඥයා චෝදනා කරනවා නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත Krrish සමාගම ප්‍රිමියර් සුපර් ස්පෝර්ට්ස් සමගමට රු මිලියන 70 ක මුදලක් ලබා දුන්නා කියලා. එම පැමිණිල්ල මතයි නාමල් රාජපක්ෂ මහතාව “සැක පිට” අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. නමුත් එම මුදල ලබා දී තිබෙන්නේ ප්‍රචාරණ කටයුතු සඳහා යි.

[3]. නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා එල්ල කළ චෝදනාවේ විහිළුසහගත බව මෙන්න…

(i). මුදල් ලබා දුන් ක්‍රිෂ් සමාගම විසින් කිසිදු පැමිණිල්ලක් කර නෑ. FCID එක විසින් ඔවුන්ගෙන් මේ ගැන විමසද්දී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ අදාල මුදල් ලබා දීම ගැන තමන්ට කිසිදු ආකාරයක ගැටළුවක් නොමැති බවයි.

(ii). මුදල් ලබා ගත් ප්‍රිමියර් සුපර් ස්පෝර්ට් සමාගමත් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් කර නෑ.

මූලාශ්‍රය: රජයේ දිනමිණ පුවත්පත 2016/07/12

(iii). පැමිණිල්ල කර තිබුණේ, මුදල් ලබා දුන් ක්‍රිෂ් සමාගමට හෝ මුදල් ලබා ගත් ප්‍රිමියර් සුපර් ස්පෝර්ට්ස් සමාගමට කිසිදු සම්බන්ධයක් නොමැති, ජනතා විමුක්ති පෙරමුණෙන් පරාජයට පත් වූ වසන්ත සමරසිංහ නැමැති දේශපාලන චරිතයක් විසිනුයි.

මේක අපි උදාහරණයකින් බලමු. එජාපයේ බැංකු ගිණුමට පාක්ෂිකයෙක් ආධාර කරනවා. අදාල මුදලට සිදුකළේ කුමක්ද කියල ජවිපෙ මන්ත්‍රීවරයෙක් FCID පැමිණිළි කරනවා. එවිට එජාපය සතුව ලියකියවිලි නෑ කියමින් අදාල එජාප පාක්ෂිකයාව අත් අඩංගුවට ගැනීමත් මේ වගේ දෙයක්. එසේම මේ අනුව පන්සලක පිං කැටයට මුදල් දැම්මත් ඒකත් FCID ගොස් අත් අඩංගුවට පත් වීමට හේතුවක් වේවි.

(iv). අදාල මුදල පෞද්ගලික ආයතනයක් සතු මුදලක්. එසේනම් මෙහිදී රජයේ මුදල් භාවිතා වීමක් සිදුවී නැති නිසා පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගත නොහැකියි.

(v). ක්‍රිෂ් සමාගම මෙරට BOI ආයතනයේ ලියාපදිචි වී තිබෙනවා. එසේනම් මෙය රට අභ්‍යන්තරයේ සිදුවූ ගණුදෙනුවක්. විනිමය රෙගුලාසි වලට මෙය අයත් වන්නේත් නැති නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගත නොහැකියි.

(vi). නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලේ, ඇප පනතට වැටෙන වගන්ති බී වාර්තාවට ඇතුළත් කර නැති බවත් මෙවැනි වරදක් නැවත කරන බවට, විමර්ෂණවලට බාධා කරන්නට ඉඩ ඇති බවට හෝ මහජන කැළඹීමක් මින් ඇතිවන බවටත් බී වාර්තාවේ සඳහන් කර නැති බවත් නීතීඥවරුන් පෙන්වා දෙනවා.

(vii). නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානම ගැන රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය නිවේදන පළ කරනවා. එසේනම් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නේ රජයේ අමාත්‍යවරුන්ගේ නියෝග අනුවයි.

[4]. නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි.

රජයේ ලියාපදිචි පුවත්පතක් වන රිවිර පුවත්පත 2016/07/12

[5]. මෙම මුදල භාවිතා කළ ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙන්නේ 2015.10.01 දින සෝදිසි වරෙන්තුවක් හරහා සෝදිසි කර ලියවිලි විශාල ප්‍රමාණයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය බාරයට ගෙන ඇති නිසයි. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට.

[6]. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන්ට එරෙහිව මීට පෙර එල්ල කරන ලද චෝදනා එකක්වත් එජාපයට මේ වෙන තුරු ඔප්පු කරගත නොහැකි වී තිබෙනවා. උදා: රත්තරං අශ්වයින්, “ඇමරිකාවේ” බකිම්හැම් මාලිගාව, රත්තරං කඳු, ලැම්බොගිණි, ශැංගිල්ලා හෝටලය, හෙළිකොප්ටර් 6 ය.

[7]. එජාප ආණ්ඩුවෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව සිදුකරන ලද මඩ චෝදනා හරහා මේ වන විට කීර්තිනාමයටට හානි කරන ලද ආයතන ලයිස්තුවෙන් කිහිපයක් මෙලෙසයි.
1. ෂැංගිල්ලා හෝටලය
2. ක්‍රිශ් හෝටලය
3. පෝර්ට් සිටි
4. ලෝටස් ටවර්
5. නෙලුම් පොකුණ
6. මාගම්පුර වරාය.
7. මත්තල ගුවන්තොටුපොළ.
8. නොරොච්චෝලේ බලාගාරය.
9. එක්සිම් බැංකුව (අධිවේගී මාර්ග වලට ආධාර කළ)
10. ඇවන්ගාඩ් ආයතනය.
11. මැරියට හෝටලය
මේවා ලෝකයේ ව්‍යාපාර දැවැන්තයන් විසින් මෙහෙයවන ආයතනයි. එජාපයේ පවිටු මඩ ගැසීමෙන් ශ්‍රී ලංකාවට ජාතික සම්පතක් වන එම ආයතන වලට විශාල හානියක් කර තිබෙනවා. ඉතින් එජාප රජයක් තිබියදී තවත් ආයෝජකයින් ශ්‍රී ලංකාවට එන්නේ නෑ.

[8]. ඉහත ආයතන වලට හානියක් නොකර දියුණු වෙන්නට දුන්නානම් ශ්‍රී ලංකා රජයට ලැබෙන්න තිබුණේ අති දැවැන්ත ආදායමක්. එසේනම් අද එජාපයට එදා වේල කන්න නොහැකිව දිගින් දිගටම රට උගසට තියමින් බැඳුම්කර විකිණීමට හෝ, ජනතාවගේ බොටුවෙන් මිරිකමින් VAT ගැසීමට අවශ්‍ය වන්නේත් නෑ.

[9]. එක් සමාගමක් විසින් ප්‍රචාරක කටයුතු සඳහා තවත් ක්‍රීඩා ආයතනයකට මුදල් ලබා දීම තවත් පුද්ගලයෙකුව සිරගත වීමට හේතුවක් බවට පත් වී ඇති මෙවන් වකවාණුවක, සමාගම් මගින් ක්‍රීඩා වලට අනුග්‍රහ දැක්වීමට මැලිකමක් දක්වාවි. එහිදී රටේ ක්‍රීඩාවට අත් වෙන ඉරණම ඉතාමත් කණගාටුදායකයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to යහපාලනයේ රෙදි ගැලවෙයි, නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි, මෙන්න සාක්ෂි!

  • Dinuu

    යමපල්ලන්ගේ මේ අසාධාරණ දේශපාලන පලිගැනීම් ජනතාවට තිත්තම තිත්ත වී හමාරයි! මංගල දේශපාලන බංකොලොත් භාවය ගැන කතා කලේ තමා ඇතුලු යමපල්ලන් ගැනම බව එයාට ලඟදීම අවබෝධ කරවීමට ජනතාව වග බලා ගනු ඇත.

  • Dinuu

    නාමල් මැතිඳුන්ගේ එඩිතර අවංක දේශපාලන අනාගතයට හදවතින්ම ආශිර්වාද කරමි. ජනතාව ඔබ සමඟයි! ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණ නිරතුරුවම ලැබේවා!

    (එඩිටර් තුමා, මේ කරුණු එක් රැස් කර දැක්වීම ගැන ඔබට බෙහෙවින් තුති! යමපල්ලන් මේ අවුරුදු එකහමාර තුලම දිනපතාම කලේ අසාධාරණ දේශපාලන පලිගැනීම් වලින් තම දේශපාලන විරුද්ධවාදීන් වෙහෙසට පත් කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වීම පමණයි. රට ගොඩ නඟන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. රට අවුරුදු ගණනකින් ආපස්සට ගියා පමණක් නොවේ. දැන් රට භයානක අනතුරකට වැටෙන්න ඔන්න මෙන්න. ඉතාම ඛේදජනක තීරණාත්මක දොරටුවක් අබියස! ජනතාව අවදියෙන් ඉන්නේ. නිදි නැහැ!)

  • Power

    “එජාපයේ බැංකු ගිණුමට පාක්ෂිකයෙක් ආධාර කරනවා.අදාල මුදලට සිදුවූයේ කුමක්ද කියලා ජවිපෙ මන්ත්‍රීවරයෙක් FCID පැමිණිලි කරනවා.එවිට එජාපය සතුව ලියකියවිලි නෑ කියමින් අදාල එජාප පාක්ෂිකයාව අත් අඩංගුවට ගැනීමත් මේ වගේ දෙයක්.එසේම මේ අනුව පන්සලක පිං කැටයට මුදල් දැමීමත් ඒකත් FCID ගොස් අත් අඩංගුවට පත් වීමට හේතුවක් වේවි.”

    ඒක එහෙම උනාට යහපාලන නීතිය යනු මේකයි..

    මෙම පිං කැටේ මෙම විහාරස්ථානයේ තිබුණට,කැටේ එකතු වන සම්පූර්ණ මුදල් කන්දරාව මෙතුවක් කලක් එකතු වූ සැනින් එසැනින් ගිහින් තියෙන්නෙ “රාජපක්ෂලාගේ” බැංකු ගිණුම් වලට.එජාප සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් එජාප බැංකු ගිණුමට මුදල් තැන්පත් කර තිබෙන්නෙත් “රාජපක්ෂ පවුලට” ඉතාමත්ම සමීප පුද්ගලයෙක් බව අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්ඩ ලැබුණා. එනිසා ඉහත පිංකැට සිද්ධිය හා එජාප මුදල් තැන්පත් කිරීම යන බරපතල ගණයේ මූල්‍ය අක්‍රමිකතා සිද්ධි දෙකම සළකා බලමින් “රාජපක්ෂ පවුලේ” අහවලා අහවල් දින සිට මෙදින දක්වා රක්ෂිතයට පිටත් කිරීමට තීරණය කලා.

    රාජපක්ෂ භීතිකාව වැළදි යමපාලකයන්ගෙ ජිල්මාට් මොළගෙඩි වල ඩේටා වැඩ කරන්නෙ මෙහෙම නෙමෙයිද..?

  • සිංහල භික්ෂුවක්

    නාමල් මඅතිදුනි ඔබ හොද අාත්ම ශක්තියක් තියෙන කෙනෙක් දුක්නොවන්න ඔය බොරු චෝදනා වලින් ඔබ නිදහස් වෙනවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • Thilak

    Apila merila ipadune ne. Monawada une monawada kiyala Api hondata dannawa. Ara ahinsaka chooti Namal petiyata karala thiyana adadaranaya gena apita pudumai. Kawda kiyanne me ahinsaka Paula kisima wereddak karala name. Weradda karala thiyenme apine. Apine t megolla parlimenthuwata yewwe. ANe me nodaruwanta anulampa karala lankawe agamethi kama denna one. Mona tharam sewayak me estate karala thiyanawada?
    Kalaguna danne nethi amanayo inne ratak meka.

  • sayumi

    දයාබර නාමල්,
    ජඩයින්ගෙන් එල්ල වන මේ සියලු බාධා කරදර; අනාගතයේ සුදුසු කල ආවිට ඔබගේ උතුම් පියාණන් මෙන්ම මේ රට භාර ගෙන, රටට වින කරන අදමිටු බලවේග පලවා හැර මගේ රට ලෝකයේ ඉහලින්ම තැබීමේ ඒ මහා කාර්‍ය්භාරය ඉටු කිරීම සඳහා අද ඔබට ලැබෙන පන්නරයක් සේ සලකන්න.
    ———————————————————————
    බොහොම සතුටුයි ඔබ බන්ධනාගාරයේ සිටින රැඳෙවියන්ටත් යෝග උගන්නන්න ලෑස්ති වෙන බව අහලා ! හදවතින්ම ඔබට සුභපතමි!

  • එඩිටර් තුමනි. මේ වසර 1 1/2 ට ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් , අයුතු අත්අඩංගුවට ගැනීම් , පහර දීම් , සිර කිරීම් , ඝාතන , සොරාකෑම් , රේගු වංචා ගණන් කල නොහැකි ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. එමගින් ජාතික ධනය ප්‍රකෝටි ප්‍රමාණයක් ලංකාණ්ඩුවට අහිමි වී තිබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද මහතා ස්ටේජ් වල විහිළු තහළු සඳහා භාවිතාවට ගැනීම හැරුන කොට මේ ජාතික අපරාධයට සම්බන්ධ උන කිසිවෙක්ට තමන් බලයට පත්වූ පසු සාදාරන ක්‍රමයකින් නඩු අසා දඬුවම් කරන බව පවසා ජනතාවට සහතිකයක් දී නැත්තේ එසේ කිරීමට බලාපොරොත්තුවක් නැති නිසාද ?

    චන්ද්‍රිකාට , ලසන්ත ගාථකයන්ට නිතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම වේවිද ? එසේ නම් අපේ බයිට් අපරාදේ නේද ?

  • RATA wenuwen

    එඩිතර නාමල් කුමරුවෙනි,
    දැනුයි ඔබ නිර්භීත දේශපාලන සොල්දාදුවෙක් වුනේ,
    ඔබට සදා ජය අනිවාර්යයෙන්ම
    , නිවට දේශපාලන හිවලුන්ට පාඩමක් නිසිකලට උගන්වමු
    අපේ නාමල් සහෝදරයාට සියලු දෙවි රැක වරණයි.
    තිසරන සරණ නිතතින්ම

Leave a Reply