Mahinda Rajapaksa: අන්ත අසාර්ථක දින 100 යේ වැඩපිළිවෙළේ වෙබ් අඩවියත් ඉවත් කර ගනී.

Saturday, August 27, 2016

අන්ත අසාර්ථක දින 100 යේ වැඩපිළිවෙළේ වෙබ් අඩවියත් ඉවත් කර ගනී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එජාපය ඇතුළු පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයා කරළියට ආවේ දින 100 යේ වැඩපිළිවෙළක් ගැන කියමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආ විගස ඔවුන් ඒ වෙනුවෙන් www.100days.lk නමින් වෙබ් අඩවියක්ද ආරම්භ කළෝය. නමුත් එම වෙබ් අඩවිය නරඹන අය ආණ්ඩුව කෙරෙහි කළකිරෙන බැවින් ඔවුන් වෙබ් අඩවිය ඉවත් කරගෙන ඇත.

කෙසේ නමුත් අප විසින් එය archive කරගෙන තිබූ අතර මෙතනින් ඔබට එය නැරඹීමට පුලුවන්.



ආණ්ඩුවේ උදවිය එම වෙබ් අඩවියෙන් පවසන්නේ වෙච්ච පොරොන්දු 25 න් 10 ක් පමණක් ඉටු කළ බවයි. ඒ මොනවාදැයි බලමු.

ජනවාරි 10: දිවුරුම් දීම
අගමැතිවරයෙක් සිටියදී ඔහුව නිසි පරිදි ඉවත් කිරීමකින් තොරව තවත් අගමැතිවරයෙක් දිවුරුම් දෙන ලදී. මෙය රජ්‍ය විරෝධී කුමන්ත්‍රණ යන පදනම යටතේ දඬුවම් ලැබෙන වරදකි.

ජනවාරි 11: 25 කට නොවැඩි කැබිනෙට් මණ්ඩලයක් පත් කිරීම.
විලි ලැජ්ජාවක් නොමැතිව මෙය ඉටු කළ පොරොන්දුවක් ලෙස දක්වා තිබුණත් ඔවුන්ම පෙන්වා දෙන පරිදි මාර්තු 22 වෙද්දී කැබිනෙට්ටුවේ ඇමතිවරුන් 39 ක් පත් වී ඇත. මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරුන් ගණන 92 කි. ඊට අමතරව මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක් සඳහා ඇමති වරප්‍රසාද සහිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිවරුන් 2 බැගින් පත් කර ඇති අතර ඔවුන්ටත් ඇමතිවරුන්ට ලැබෙන සියලුම දේවල් හිමි වෙයි. ඒවිට වත්මන් "යහපාලන" ආණ්ඩුවේ ඇමති වරප්‍රසාද සහිත පිරිස 132 කි.

ජනවාරි 12: පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කිරීම.
සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කළේ නැත. ඒ අනුව එයත් කඩවුණ පොරොන්දුවකි. "ජාතික විධායක සභාව" යනුවෙන් එකක් පත් කළද ඊට සියලුම පක්ෂ නියෝජිතයින් හෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පත් කළේ නැත. ජාතික විධායක සභාවෙන් ජනතාව වෙනුවෙන් සිදුකළ කිසිවක් නොමැති අතර ඔවුන් සිදුකළේ රාජපක්ෂවරුන්ගෙන් පළි ගන්න හැටි සැලසුම් කිරීම සහ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සැලසුම් කිරීමයි. පහත මුහුණු හොඳින් බලන්න.


ජනවාරි 19: පාර්ලිමේන්තුව රැස් වීම.
එය ඉටු කලද එයත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විසඳීමක් නොවේ.

ජනවාරි 29: කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
මේ කියන්නේ කුප්‍රකට කොත්තමල්ලි අයවැය ගැනයි. මෙහිදී ගෑස් මෙන්ම කොත්තමල්ලි, කහ ඇතුළු භාණ්ඩ වල මිල අඩු කළද සහල් පොල් එලවළු ඖෂධ ආදී භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යන ලදී.

ජනවාරි 30: අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම.
කොත්තමල්ලි අයවැයෙන් පෙර කියන පරිදිම එක් අතකින් ජනතාවගේ හිස අත ගාන ගමන් අනිත් අතින් පික් පොකැට් ගැසීම සිදුකර ඇත. දින 100 තුළදී වැටුප් 5000 කින් වැඩි කළත් එහිදී සිදුවූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයවැයෙන් වැඩි කළ 3000 ට තවත් 2000 ක් එකතු කිරීමකි. [මූලාශ්‍රය] දැරිය නොහැකි ආකාරයකින් වැටුප් වැඩි කිරීමත් සමග වැටුප් ගෙවීම සඳහා දිගින් දිගටම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ අතර රට ණය උගුලක හිර විය.

පෙබවරවාරි 4: නිදහස් දිනය
ඉටු කර ඇත. එනමුත් පෙර මෙන් ජාතික අභිමානයක් දැනුනේ නැත. අගමැති තුමා, ජනාධිපති ආර්යාව සහ හිටපු ජනාධිපතිනියගේ ඉරියව් දෙස බලන්න.



පෙබරවාරි 05: මහාපරිමාණ දූෂණ සෙවීම සඳහා කොමිසමක් පත් කිරීම.
පත් කරන ලද ජනාධිපති කොමිසම් සහ එෆ් සී අයි ඩී මගින් සිදුකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයන්ගෙන් පන්න පන්නා පළි ගැනීමයි. ගල් අඟුරු හෝරු, බැඳුම්කර හොරු, නැව් හොරු ගැන එමගින් කිසිදු විනිශ්චයක් සිදුකළේ නැත. මහින්ද මැතිඳුන්ට ගැසූ මඩ වල පව් පරිසන් දෙද්දී ජාත්‍යන්තරය මගින් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එල්ල විය.


පෙබරවාරි 6: ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනෙට්ටුවට ඉදිරිපත් කිරීම.
සේනක බිබිලේ ප්‍රතිපත්තිය යනුවෙන් මෙය හැඳින්වූවත් මෙමගින් සිදුවූයේ පෞද්ගලික රෝහල් ගාස්තු තවත් වැඩි කිරීමය. තවමත් ෆාමසි වලින් මිලදී ගන්නා ඖෂධ එක එක ගණන් ය.

රෝගීන් තව තවත් ලෙඩ කරන පෞද්ගලික රෝහල් ගාස්තු මැයෙන් ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය යහපාලකයින්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ තරම පෙන්වා දෙන්නකි. ලංකාදීප පුවත්පත අයිති රුවන් විජයවර්ධන මහතා ආණ්ඩුවට මඩ ගසනවා යැයි කවුරුත් නොකියන බව අප සිතමු.



මාර්තු 18: ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම.
සේනක බිබිලේ ප්‍රතිපත්තිය යනුවෙන් මෙය හැඳින්වූවත් මෙමගින් සිදුවූයේ පෞද්ගලික රෝහල් ගාස්තු තවත් වැඩි කිරීමය. තවමත් ෆාමසි වලින් මිලදී ගන්නා ඖෂධ එක එක ගණන් ය. රෝහල් ගාස්තු ඇසූ විට සුව වූ රෝගීන් නැවතත් ලෙඩ වෙයි. ඉහත අප සඳහන් කළ ලංකාදීප ලිපියේ කොටසක් පහත දැක්වේ.


මාර්තු 20: තොරතුරු පනත සම්මත කිරීම.
දින 100 තුළ මෙය ඉටු කළේ නැත. නමුත් අවුරුදකට පමණ පසුව සමම්ත කළ මෙම පනතින් මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගේ කාලයේ තිබූ තොරතුරු දැනගැනීමට ඇති අයිතියත් අහිමි විය. [මූලාශ්‍රය]


ඉහත කරුණු බැලීමේදී ඔබට පෙනී යන පරිදි යහපාලකයින් දින 100 ක් තුළ කරනවා කී පොරොන්දු 25 අතුරින් නිසියාකාරව ඉටු කර ඇත්තේ
1. පාර්ලිමේන්තුව රැස් වීම
2. නිදහස් දිනය සැමරීම
පමණි. ඉතින් තවත් ඒ ගැන වෙබ් අඩවියක් පවත්වාගනිමින් ජනතාව ඉදිරියේ විහිළුකාරයින් වීම සිදුසු නැතැයි සිතා එම වෙබ් අඩවිය ඉවත් කරගන්නට ඇත.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව අමු කෙප්ප වපුරා රටේ බලය ලබාගත් යහපාලකයන්ට ඉහත වෙබ් අඩවියට යොදාගන්නට තිබුණේ "100dayas.lk" නොව,"sirapacha.lk" කියාය.තිස් වසරක බිහිසුණු මිනීමරු සංග්‍රාමයේ අවසානය සනිටුවහන් වීමත් සමඟ දිනෙන් දිනම සුභවාදී අනාගතයක සුභවාදී සළකුණු දුටු අපේ මාතෘ භූමිය දිනෙන් දිනම අන්ත නන්නත්තාර වෙමින්,අනාත වූයේ 2015 ජනවාරී 9 වනදා මළහිරු බැස යමින් පැවතී මොහොතේ දිවුරුම් දුන්,සියදින පචයේ මහ පචයා ප්‍රමුඛ කල්ලිය නිසාය.ජනවාරී 9 වනදා ජන මතයට හිස නමමින් හැඟූම්බරව නික්ම ගිය අප මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් තම වෛරය පිරිමසා ගැනීම හැර රට,ජාතිය වෙනුවෙන් කිසිඳු සුභවාදී දෙයක් යහපාලන හරහා ඉටුවූයේ නැත.ඉටුවූයේ අනුන් කළ ව්‍යාපෘති තමන් කළ ව්‍යාපෘති සේ අනුන්ටත් බනිමින් විවෘත කරමින්,රටම මරාගෙන කෑමය.

    ReplyDelete
  2. Hemamali BandaranayakeAugust 29, 2016 at 7:19 PM

    aurudu dekakatath adu kalayak thula Sinhala Buddhange manawa himikam sampurnayen nathi kara dama siyalu dema sulu jathita pamanak sapaima itha wardiya.sama paththenma thalenne ahinsaka sinhalayanya.Baduddin mahatha kalakapamin akapaththa natanakota anith paththen Sambandan mhatha sinhalayan uthren pannamin pansal kada sunu wisiri kari.Ratath ranwiruwanuth [awa di hamaraya.dan apa kala hakke anduwa peralima ho mhamhudata panimaya.me rata bera ganima appochchita barai.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.