ලැජ්ජා නැතිව ආණ්ඩුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ ප්‍රචාරණයට යොදා ගත්ත හැටි මෙන්න.

[1]. උසස් පෙළ විභාගය සඳහා පසුගිය දා ලබා දුන් ප්‍රශ්න පත්‍රයක තිබූ ප්‍රශ්න 2 ක් මගින් සිසුන් ලවා ආණ්ඩුවේ ගුණ වැයීමට යොදා ගත් අයුරු වාර්තා වී තිබේ. පහත දැක්වෙන්නේ එම ප්‍රශ්න 2 යි.

 

[2]. ඉහත ප්‍රශ්න 2 කේ ගැටළුසහගත ස්වභාවය පහත කරුණු වලින් ඔබ හමුවේ තබන්නෙමු.

(i). ප්‍රධානතම ගැටලුව වන්නේ වර්තමාන ආණ්ඩුව නිවැරදි බවට පූර්ව නිගමනයක පිහිටා මේවාට පිළිතුරු දීමට සිදුවීමයි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා උසස් පෙළ සිසුන් ලවා ආණ්ඩුව සාධාරණීකරනය කරගැනීම සිදුකර ඇත.

(ii). “රාජ්‍ය සේවයේ අල්ලස් හා දූෂණය මර්දනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන ඇති පියවර” විස්තර කිරීමේදී සමහර සිසුන් ලියනු ඇත්තේ ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා අල්ලස් හා දූෂණය තව තවත් වර්ධනය වී ඇති බවයි. ඊට උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ලබා දුන් දේශපාලන පත්වීම් 62 ගැන, අධ්‍යාපන අමාත්‍යවරයා තම හෙංචයියෙකුට කථිකාචාර්ය ධූරයක් දීමට නියෝග කිරීම ගැන සඳහන් කරනු ඇත. [මූලාශ්‍ර: 1 , 2 srilankamirror.com]. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

Source: http://srilankabrief.org/2016/07/minister-kiriellas-deception-exposed/

(iii). “වර්තමාන ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ” ගැන ලියන සමහර සිසුන් සඳහන් කරනු ඇත්තේ මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ නම් බටහිරට යට වීම, ඉන්දියාවේ සෑම ඉල්ලීමක්ම ඉටු කිරීම, කොටි ඩයස්පෝරාව සැනසීම යන ත්‍රිත්වය බවයි. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

(iv). කෙටියෙන් කිවහොත් එකී ප්‍රශ්න වලට පිළිතුරු ලියන සිසුන්ගෙන් ලකුණු ලැබෙන්නේ උපන් ගෙයි එජාප දරුවන්ට සහ අකමැත්තේන් හෝ ආණ්ඩුවට පක්ෂපාතීව කරුණු දක්වන දරුවන්ට පමණක් ය.

(v). එක් තැනක “වර්තමාන ආණ්ඩුව” ලෙස දක්වා ඇති අතර තවත් තැනක “වර්තමාන ජාතික ආණ්ඩුව” ලෙස දක්වා ඇත. ජාතික ආණ්ඩුවක් තිබේනම්, විපක්ෂයක් හෝ විපක්ෂ නායකයෙක් සිටිය නොහැකි බවත්, ඒ අනුව “ජාතික ආණ්ඩුව” (National Unity Government) කීමම දේශපාලනිකව වැරදි ප්‍රකාශයක් බවත්, වර්තමානයේ ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය මූලික වූ සභාග ආණ්ඩුවක් (Coalition Government) බවටත් මතයක් ඇත. දේශපාලන න්‍යාය උල්ලංඝනය කළ නොහැකි නිසා අකමැත්තෙන් වුවද රතු අලි පැටව් පවා ප්‍රකාශ කරන්නේ එම මතයයි. එසේනම් දේශපාලන විද්‍යාව පසෙකට කර විභාග ප්‍රශ්න පත්‍රයෙන් ආණ්ඩුවට කඩේ ගොස් ඇත.

 

[3]. ඉහත හේතු නිසා එම ප්‍රශ්න වලට පිළිතුරු ලියූ සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට සිදුවෙනු ඇත. දැන් ඇතිවන ඊළඟ ප්‍රශ්නයනම් එම ප්‍රශ්න මගහැර අනික් 2 කට පිළිතුරු දුන් අයට ලකුණු අඩු වීමයි. ඒ අනුව ප්‍රශ්න අංක 7 ට සහ 8 ට සම්පූර්ණ ලකුණු 40 ම දීමට සිදුවෙනු ඇත. ලෝකයේම පිළිගත් ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට වත්මන් ආණ්ඩුව කරපු දේ…

 

[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී මෙවන් ප්‍රශ්න උසස් පෙළට ඇසුවානම් ඒ ගැන කියමින් පොළොවේ පස් කෑමට සමහරක් ආචාරීවරුන් කටයුතු කරනු ඇත. එනමුත් ඔවුන් මේ ගැන මාරාන්තික නිහඬතාවයක් දරයි.

 

[5]. උසස් පෙළ සිසුන් යනු අවුරුදු 18 වයසේ පසුවන්නන් වන අතර විභාගය අවසන් වීමත් සමගම ඊළඟ මැතිවරණයට ඡන්දය දීමට හිමිකම් ලබයි. ඒ අනුව අලුත් ඡන්ද ගොඩ වැඩි කරගැනීමට උසස් පෙළ විභාගය දේශපාලනීකරනය කිරීමත්, ඒ හරහා ආණ්ඩුවට පක්ෂපාතී කරුණු ලබන වසරේ සිට උසස් පෙළ සිසුන් ලවා පාඩම් කරවීමත් මෙම නිර්ලජ්ජිත වැඩපිළිවෙළයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to ලැජ්ජා නැතිව ආණ්ඩුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ ප්‍රචාරණයට යොදා ගත්ත හැටි මෙන්න.

  • Dinuu

    යමපාලනය තරුණ දරුවන් අල්ලා ගන්න හිතා මතා කරන විලි ලැජ්ජා නැති වැඩ! දැන් රටේ තරුණ ලමයි ඕවට අහුවෙන්නෙ නැහැ. ලකුණු ටික ගන්න ඕනෙ නම් බොරුවට යමපාලන රජයට පක්ශව ලියයි. නමුත් තම ප්‍රථම චන්දය නිවැරදිව දේශප්‍රේමී නායකත්වයකට දෙන බව මට නම් ස්තීරයි.

    යමපාලන රජය රට පාවා දෙන හැටි, තිස් වසරක් මේ රට ලේ විලක් කල දරුණු මිනීමරු කොටි නිදහස් කරමින් දිවි පරදුවට තබා රට බේරාගත් රණවිරුවන් සිරගෙට පෝරකයට යවන හැටි, බුදුසසුන සඟ පරපුර විනාස කරන හැටි තරුණ ලමයි හොඳින්ම දන්නවා.
    යමපාලනය වසර සමරන උත්සවයට කෝ තරුණ ලමයි? තරුණ ලමයි තියා වයසක උදවියවත් හිටියෙ නැහැනෙ. පිට්ටනියේ තණකොල නම් හොඳට පෙනුනා. අර ජනපති පවුල පහුවදා හිමිදිරි පාන්දර තිරුපති කෝවිල් ගියේ නිකම්ද? කෝ මේ ‘ජනබලය?’ කියලා දෙවියන්ගෙන් අහන්න. ජනබලය අතුරුදහන් වීම ගැන දේව කන්නලව් කරන්න.

    මේ පින්බිම සුරකින දෙව් මහ රජුන් දැන් යමපාලකයින් ගැන උදහස් වී ඉන්නේ. යමපල්ලන්ගේ රට දෙකඩ කරන න්‍යාය පත්‍ර කඩා වැටෙනවා ඒකාන්තයි!

  • Power

    යහපාලනයේ පැටිකිරිය සුළුතර ජන හරකුන් කිහිපයකට හැර බහුතර ජන බලයකට හොඳහැටි තේරී අවසන්ය.එය හොඳින්ම දන්නා යමපාලන දේශපාලූවන් මේ කර තිබෙන්නෙ යම් සමීක්ෂයක් දෝ කියා මෙය දුටු විඟස මට සිහිපත් වූ කරුණකි.උසස් පෙළ හදාරන නංගිලා,මල්ලිලා යනු හය හතර නොදත් තොත්ත බබාලා නොවේය.කරඳඩු උස් මහත් වී සමාජය පිළිබඳව සැළකිය යුතු අවබෝධයක් ඔවුන් සතුව පවතී.දහසකුත් බලාපොරොත්තු මධ්‍යයේ එවැනි පිරිසක් තම ජීවිතයේ තීරණාත්මක කඩ ඉමක් ජය ගැනීමට සූදානම් වන මොහොතක රටට වින කටිමින් අමු හෙළුවෙන් සිටින යමපාලන ත්‍රස්තවාදයට යලි රෙදි ඇන්දවීමට ඔවුන්ව යොදා ගැනීමෙන්ම යමපාලනයේ දේශපාලන බංකොලොත් භාවය මනාව පෙන්වා දී අවසන්ය.මන්ද ඉහත ප්‍රශ්න අනුව යම් සිසුවෙක් හෝ සිසුවියක් සපයන පිළිතුර අනුව ඔවුන් මහින්දගේ මිනිසුන් නේ දැයි නිශ්චය කර ගන්නවා ඇත.එවිට සිදු වනුයේ දේශපාලන පළිගැනීමකි.උසස් පෙළ පිළිතුරු ප්‍රත්‍ර ඇගයීම් කටයුතු කරන උදවිය කිසිඳු අනක් ගුණක් නැති පිරිසක් බව මමද අසා ඇත.එසේ අනක් ගුණක් නැති,යමපාලනයට ගැති,යම් පරීක්ෂකයෙකුට මහින්ද ගැති පිළිතුරු පත්‍රයක් ලැබුණොතින් බඩුම තමාය.රටක පවතින ආණ්ඩුවේ ප්‍රගතිය පිළිබඳව එම රටේ ජනතාවගෙන් ඇසීම වරදක් නැත.එහෙත් පාණ්ඩුවක් වූ මේ ආණ්ඩුව සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා බහුතරයකගේ අධ්‍යාපන තීන්දුව විසදෙන මෙවැනි විභාගයක් ප්‍රාණ ඇපයට තබා ගැනීම සගගහන අපරාධයක් බව කිව යුතුමය.මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලන සමයේ සිදු කලේ නම්,එතුමාට සිදු කරන අවලාද,අපවාද කොතෙක්ද කියා කීමට සිංහල භාෂාවේ අක්ෂරත් මඳිවනු ඇත.

    • වටිනා අදහසක්, ඔබ දැක්වූ දේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ අවධානයට ලක් විය යුතුයි.

  • යහපාලනය නිසා සිදුවුණ සාධනීය කරුණු
    – බොරු පැතිරීමේ UNP ව්‍යාපාරය නිසා ජනතාවගේ සීග්‍ර අප්‍රසාදයට පත් වෙමින් තිබුන මහින්ද මහතා යලිත් ජනතාව ගේ හදවතට ලංවිම
    – මහින්ද මහතාගේ කාලයේදී නොපෙනී වැසි තිබුන SLFP දෙවන පෙළ නායකත්වය හොඳින් වර්ධනය වී එලියට පැමිණීම (නාමල් , අමුණුගම , etc )
    – නාමල් දේශපාලනයේ තෙම්පරාදු වී මුහුකුරා ඒම සහ අනාගත ජනාධිපතිවරයෙකුගේ ලක්ෂණ පෙන්වීමට පටන් ගැනීම. මේ නාමල් රගර ගසන රේස් පදින ලාමක නාමල් නොව පරිනත දේශපාලක නාමල් බව ජනතාවට පෙනී යාම.
    – ෆුටා නිරුවත හෙළිවීම
    – සිංහල ජාතික සංවිධාන වල සරම් ගැලවී යාම
    – විජාතික කුමන්ත්‍රණ කියමින් විමල් ට විහිළු කල අමනයන්ගේ මුක පුට්ටු වෙන ආකාරයට කරුණු සැලසීම
    – අපේ ජෙනරාල් කියමින් වෙල් විදානේ පසු පස ගිය අමන සිංහල පිරිස් නන්නත්තාර වීම
    – විමල් ට සහ ගම්මන්පිලට ලංකාවේ දේශමාමක දේශපාලනය තුල ඔවුන්ට හිමි ප්‍රමුක ස්ථානය ලැබීම
    – JVP ව්‍යාපාරයේ සහ ලප ප්‍රින්ස් ගේ අමුඩ පිටින් ගැලවී නිරුවත් වීම
    – සුලුජාතිකයන්ගේ ජාතිවාදී මානසිකත්වය විවුර්තව පෙනී යාම (කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් )
    – ලංකාවේ වැඩිපුර සිටින සිංහල චන්දදායකයන් බත් කන හරක් බව 77 න් පසු නැවතත් තහවුරු වීම

    • Dinuu

      දේශප්‍රේමී මිතුරනේ, නීතීඥ සංජීව වීරවික්‍රම ගේ “පාලනයේ යෂ්ටිය සිරිසේනලාට අහිමි කල පාද යාත්‍රාවේ දේශපාලනය” ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.

      “තමතමන්ගේ පටු දේශපාලන අරමුණු ඉස්මත්තට ගෙන, මහින්දට එරෙහිවී සමස්ථ රටකට කල විනාශය දැන්වත් අප තේරුම් ගත යුතුය. ලෝක බැංකුවට හා අන්තර් ජාතික මූල්‍ය අරමුදලට අනුව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වූ රට, අද මහා ආර්ථික අඝාදයකට ඇද දමා ඇත. ශ‍්‍රී ලංකාව 2014 දි ලෝකයේ දෙවෙනියට වේගයෙන් සංවර්ධනය වූ රට බව පැවසූවේද ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදලයි. එය දෙවැනි වූයේ චීනයට පමණි. බ්ලූම්බර්ග් හා ෆෝබර්ස් ස`ගරාවට අනුව ලෝකයේ සංවර්ධිත රාජ්‍ය මට්ටමට වේගයෙන් නැගී එන රාජ්‍ය 7 ට අයත්වූ එකම දකුණු ආසියානු රට ශ‍්‍රී ලංකාවයි. මෙතරම් මහා වාසනාවක් අත්කරගත් ශ‍්‍රී ලංකාවට 2015 ජනවාරි 08 පසු අත්වූ මේ විනාශය, අප කෙසේ වළක්වා ගමුද? සිත් ඇති, මනස් ඇති සියල්ලන්ට සිතීමට කාලය එළඹ ඇත. 2005 දී බලයට පැමිණි මහින්ද, මේ මහා ආශ්චර්යය අපට ගෙනත් දුන්නේ, 2004 දී ලෝකයේ අසාර්ථක රාජ්‍යයක් ලෙස නම් කොට තිබූ රටක, තත්ත්වයක සිටය. මහින්ද තවත් එක් තනි මිනිසෙකු නොව ලොවම දිණුවා වූවද, උත්සාහවන්ත වූද, ධෛර්ය වන්ත වූද, ඥාන සම්ප‍්‍රයුක්තවූද, මහා ජන සමූහයකට නායකත්වය දිය හැකි නිර්මානාත්මක මිනිසෙකි. මහා දක්‍ෂතා පිරිණු මිනිසුන් රැුසක් එක්කොට යෝධ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් සිදුකල හැකි මහා නායකයෙකි. මහින්ද යනු නමක් නොව රටකි. පාදයාත‍්‍රාව අපට කියාදුන් මහා පාඩම එයම මිස වෙන කිසිවක්ද?”

      http://www.yuthukama.com/2016/08/paaGamaneDeshapalanaya.html

  • Dinuu

    ජනපති ගී වරුණා 2

    රජපුටුවට ලොබ සිතිලා මහමෙරට..
    කළ පව්කම් පල දීලා ඇත මෙමට..
    රජකම කුමට ජනතාවක් නැති කලට..
    ජනපති තැවෙයි නිදි නැති මැදියම් යමට..!

    පක්ශය දෙකට කෙරු මට මේ මුලු රටද..
    දෙකට තුනට කඩනා එක කජ්ජක්ද..?
    එජාපයත් කොටි නඩයත් හවුල් වද..
    රජ පුටුවත් රැක ගන්නට හැකි නෙවද..?

    රණවිරුවන් සමඟම රට පාවා දී..
    සම්පත් රටේ සැම පිටරටුනට බිලි දී..
    පක්ශය නොරැකුණත් රජ පුටුවම රැක දී..
    දෙවිඳුනි පිහිට වනු මැන මට සැප බල දී..!

    මා ලඟ සිටින මගෙ හෙන්චය්යන් පිරිස..
    සිරිකොත ඉඳුල් කයි මගෙ රජකම පිණිස..
    සිහසුන අත් නොහරිමි සිඳලුවත් හිස..
    පාවා දෙමින් රට වනසමි සිතැඟි ලෙස..!

    මස් කටු බුඳින මගෙ කට්ටිය සිටින තුරූ..
    මම වෙමි මගේ මව්බිම රජතුමා ගරූ..
    දඩයම් කලත් අප බේරා ගත්ත විරූ..
    රැක ගමි කොටි රැලම රට ලේ විලක් කෙරූ..!

    බටහිර පදට නටමින් වනසමින් රට..
    විකුණමි රටේ සම්පත් පිටරැටියන්ට..
    බලයට එන්න දුන් ගිවිසුම් පරිදි හෙට..
    අල්ලපු රටට අයිතිය දෙමි වනසන්ට..!

  • මොංගල් සමරේ

    ඌනේ ගොනෙකුට ප්‍රශ්න පත්‍ර හදිය හැකිය -ලක්ෂ්මන් කිරිඇල්ල
    නිර්මාල් රන්ජිත් ආචාරිතුමෙනි ඔබ නිදිද

Leave a Reply