හූ කීමේ චෝදනාවට ඩලස්ගෙන් ශ්‍රීලනිප නායකත්වයට කට උත්තර නැති වෙන පිළිතුරක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් පාද යාත්‍රාව ගමන් කරන මාර්ගය පොලිසිය විසින් ලබා දෙද්දී එහි සැඟවුණ යටි අරමුණක් තිබෙන බවත් කරුණාකර සියල්ලන්ටම ඒ ගැන උපදෙස් දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසූවේයැයි ඩලස් අලහප්පෙරුම මහතා අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භකයෙකු වූ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා නිදන සොහොන ළඟදී තම හිස්වැසුම් ගලවා, හිස පහත් කර, නිශ්ෂබ්දතාවය ආරක්ෂා කළ අයගෙන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී හූ කිව්වානම් ඇයි එහෙම වුණේ යැයි සොයමින් අභ්‍යන්තර සාකච්ඡාවක් කරන ලෙසට ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ශ්‍රීලනිප පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රීලනිප අප විසින් එජාපය විවේචනය කරද්දී එජාපය ආරක්ෂා කරමින් අපට පහර දීම නොකළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මහින්ද අමරවීර ඇමතිවරයා පැවසූ පරිදි සිරිකොත ඉදිරිපිටින් නිශ්ෂබ්දව යාම තියා සිරිකොත ඉදිරිපිටින් පාද යාත්‍රාව ගමන් කළේවත් නැති බවත්, එනිසා සිරිකොත මැණික රකින නාගයන් නොවන ලෙසත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසයි.

පාද යාත්‍රාව ඔලු ගෙඩි වලින් පිරවීමට ඇවසි වුණානම් මාතර සිට කොළඹට පාද යාත්‍රාව කරන බවත්, එහෙත් මහනුවර සිට පාද යාත්‍රාව පැවැත්වූයේ හිටපු මැතිවරණ වලින් පරාද වූ ප්‍රදේශ වල පක්ෂයේ ශක්තිය ආණ්ඩුවට පෙන්වීමේ දර්ශකයක් ලෙසටත්, ජන ශක්තියේ පරීක්ෂණයක් ලෙසටත් බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම පාද යාත්‍රාව පැවැත්වූයේ ආණ්ඩුව නොමැතිව බවත් විපක්ෂය නොමැතිව බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය නොමැතිව බවත් අවම වශයෙන් පක්ෂයේ නිල අනුග්‍රහයවත් නොමැතිව බවත් ය. මහින්ද රාජපක්ෂ නැමැති ජාතික නායකත්වයේ දැවැන්ත ප්‍රතිරූපය සහ සහෝදර පක්ෂ වල සහයෝගය හැරෙන්නට වෙන කිසිවක් නොතිබුණ බවත්, එසේ තිබියදීත් මිලියන 2 ක පමණ ජනතාව මහ පාරට බැසීම මානව ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එතුමා පැවසූ ඉතිරි කරුණු පහත වීඩියෝවෙන්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to හූ කීමේ චෝදනාවට ඩලස්ගෙන් ශ්‍රීලනිප නායකත්වයට කට උත්තර නැති වෙන පිළිතුරක්.

  • nuwara putha

    මම නුවර මට දුක මෙයට ඒන්න බැරි උනාට අපේ පක්ෂය යු ඒන් පී ඒකට හේත්තු කරන්න හදන උන් තවමත් පාද යාත්‍රා ගැන කතා කරන්නේ අැයි පාද යාත්‍රාව අති සාර්තන නිසා දැන් දවස් ගානක් වෙලත් තවම මේකේ වැරදි හොයනව මම අභියෝග කරනව ලංකාවෙ කාටවත් බෑ මේ වගේ දෙයක් කරන්න අනෙක් කරැන නම් මේකට අකමැති නම් පාරේ මිනිසුන් මේ තරම් සිටීවීද පෙරහැර බලන්න වගේ නාමල් මැතිදු දවස් 5 ම ගියාට ඔහුට ස්තූතියි මම මහින්දට පමනයි චන්දය දෙන්නේ

    • Dinuu

      nuwara putha ඔබ හරි. තවමත් යමපල්ලන් හති දමමින් පාද යාත්‍රාව විවේචනය කරන එකෙන් ඒ මහා ජන සන්නිපාතය දැකලා කොයි තරම් භීතියට පත් වෙලාද කියලා හිතාගන්න පුලුවන්. ඔය ආරම්භය පමණයි. nuwara putha වගේ අපිත් හැමදාමත් මහින්ද මැතිඳුන්ටයි.

      අපි අද නිදහසේ හුස්ම ගන්නේ එතුමාට පිංසිද්ධ වෙන්නයි. ලොව දරුණුතම ත්‍රස්ත බිය සහමුලින්ම නැති කර දමා මේ රට දැවැන්ත සංවර්ධනයෙන් ඉහලටම එසවූ එතුමාටත් රට බේරා දුන් අපේම වීරෝධාර රණවිරුවන්ටත් අපි සදහටම ණයගැතියි! මාතෲ භූමියට ජයෙන් ජයම වේවා!

  • තාරක අද්නාන්

    ඇත්ත වශයෙන් අප දුක් විය යුතු වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්සයේ වගකිව යුතු පුද්ගලයන් ක්‍රියා කරන ආකාරය පිලිබදවයි. ඔවුන් එ. ජා. ප යේ රට පාවාදෙන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනි සිටිමින් ඒ වෙනුවෙන් ඒකාබද්ද විපක්සයේ ඒකීය රටක් නිවහල් දේශයක් වෙනුවෙන් ඔවුන් රැගෙන යන ක්‍රියාදාමය විවේචනය කිරිම පිලිබදවයි. නොබෝදිනකින් මෙරටේ ප්‍රගතිශිලි ජනතාව ඔවුන්ට පිලිතුරැ ලබා දෙන්නට සැදි පැහැදි සිටින බව මේ නිවටයන් තෙරුම් ගත යුතුව ඇත.

  • sayumi

    දිනූට පිළිතුරු ලිව්වට පස්සෙයි නුවර පුතාගේ කමෙන්ට් එක දෑක්කේ. තාමත් පාද යාත්‍රාවේ වැරදි හොයන්නේ කෑ ගහන්නේ එහි අති සාර්ථක භාවය ඉවසන්න බැරි නිසාමයි. ජනතා හඬට කන් නොදුන්නොත් ඊළඟ පාර කොළඹ වටලන්න ජන ගඟ ගලන එක නම් නියතයි !

  • RATA wenuwen

    2004 දැක ඇති ඒ සුනාමිය,
    සමකෙරුමට ජන සටනත් එලෙසමය,
    දැක බියවෙලා යමරැළ ගේ විකාරය,
    අහෝ පවකි ! මට නම් දැන් හරි දුකය.

Leave a Reply