Mahinda Rajapaksa: ජනපති සිරිසේන මොරගහකන්ද ගැන කියපු පට්ට පල් බොරු මාට්ටු වෙයි. මෙන්න සාක්ෂි!

Sunday, August 14, 2016

ජනපති සිරිසේන මොරගහකන්ද ගැන කියපු පට්ට පල් බොරු මාට්ටු වෙයි. මෙන්න සාක්ෂි!

මොරගහකන්ද ජලාශයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ කථාව පහත දැක්වේ.



එම කථාවේදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැනද සඳහන් කරමින් වත්මන් විධායක ජනාධිපතිවරයා විසින් බොරු ගණනාවක් ප්‍රකාශ කර තිබේ. එනිසා ජනතාව නොමග යැවීම වැළැක්වීමට ඒ ගැන අන්තර්ජාලය භාවිතා කරන ජනතාව වෙත මූලාශ්‍ර සහිතව පැහැදිළි කිරීමක් ඉදිරිපත් කරන්නෙමු. ඔහු දැක්වූ බොරු සහ ඒ ගැන ඇත්ත මූලාශ්‍ර සහිතව පහතින්.

[1]. බොරුව: "2005 දී අපි අලුත් ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව තුළ මම අවුරුදු 2 ක් බලාගෙන හිටිය මේ කාර්යය ඉෂ්ට වෙනකම්, ඉටු වුණේ නැහැ."

ඇත්ත: ඉහත බොරුවේ තරම පහත කරුණු වලින් පැහැදිළි වෙයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2005 දී බලයට ඒමේදී ජනතාවට දුන් මූලිකම පොරොන්දුව වන්නේ රට කොටියාගෙන් බේරා ගැනීමයි. එනිසා බලයට ආ සැනින් වැව් අමුණු හැදීමට වඩා ප්‍රමුඛස්ථානයක් රට බේරාගැනීමට දීමට සිදුවිය.

(ii). 2005 සිට 2007 දක්වා තිබුණේ "අපායේ ඉන්ටවල් එක" වැනි තත්ත්වයකි. යුද්දය ඇරඹුනොත් රටට අත්වෙන ඉරණම ගැන කිසිවෙකුට අදහසක් තිබුණේ නැත. එනිසා රජයේ බහුතර ප්‍රාග්ධන වියදම් වෙන් කෙරුණේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

(iii). අනික් අතට රජරට ප්‍රදේශය ආරක්ෂාව අතින් තිබුණේ දැඩි අවදානමක යි. එවැනි අවිනිශ්චිත තත්ත්වයකදී කිසිදු ආයෝජකයෙක් එම ප්‍රදේශ වල ආයෝජනය කිරීමට නොපැමිණෙනු ඇත.

(iv). මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාවේ මුල් භාගය තුළදී ඔහු මෙසේ පැවසුවේය. "1930 කාලෙ ඉඳන් මොරගහකන්ද ගැන කතා කළේ... 1973 දී පළවෙන සක්‍යතා අධ්‍යයනය... චන්ද්‍රිකාගේ කාලෙදි කරන්නත් බැරි වුණා.... එතකොට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාලයි... පහුගිය අවුරුදු 50 ක කාලයේම දේශපාලන වේදිකාවල මොරගහකන්ද කළුගඟ ගැන කතා කළා." එසේ අවුරුදු 50 ක් කල් ගත වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ මහා යුද්දයක් තිබියදීත් වසරකින් ඇරඹීම ගැන කෘතවේදී විය යුතුය. ඒ වෙනුවට මොහු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කිරීමයි.



(v). මහින්ද ආණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් යනකම් මේ කාර්යය ඉටු වුනේ නැහැ කීම පට්ට පල් බොරුවකි. ඇත්තනම් මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් පත් කරගැනීම ඇරඹෙන්නේ 2006 දීය. (2007 දී පැවැතුණේ නිල වශයෙන් මුල් ගල් තැබීමයි). එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ හරියටම අවුරුද්දෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය ඇරඹීය. මූලාශ්‍රය: 2006 වර්ෂයේ මුදල් අමත්‍යාංශයේ වාර්ෂික වාර්තාව , 65 පිටුව

පහත දැක්වෙන්නේ 2006 වර්ෂයේ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවේ මුල් පිටුවේ මොරගහකන්ද ඉදිකිරීම් ගැන පළවූ පින්තූරයයි.

 

[2]. බොරුව: අවසානයේදී මගේ බේරිල්ලට මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා "එහෙනම් පටන් ගන්න වෙන්නේ සල්ලි නැතිවයි" කියලා. මම කිව්වා කමක් නැහැ සර් සල්ලි නැතිව පටන් ගමු, පටන් ගත්තට පස්සෙ සල්ලි හොයාගමු" කියලා.

ඇත්ත: 2006 දී ලබාගත් ඉහත පින්තූරය බලන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි සල්ලි නැතිව මොරගහකන්ද ඇරඹුනානම්, ඉහත දැක්වෙන ආකාරයට මොරගහකන්ද වේල්ල ගොඩ නගන්නේ පිනට විය යුතුය. ඩෝඩර් කරුවන්, බැකෝ කරුවන්, ඉංජිනේරුවන්, කම්කරු සහෝදරවරුන්, ඇතුළු කාර්ය මණ්ඩලය අතින් වියදම් කරගෙන ඉහත ඉදිකිරීම් ඇරඹුවා විය යුතුය. මුදල් නැතිව ව්‍යාපෘතිය ඇරඹුවා කියපු බොරුවේ තරම පැහැදිළියි නේද?

 

[3]. බොරුව: අවුරුදු 5 ක් යනකම් සල්ලි දුන්නෙ නෑ මේ ව්‍යාපෘතිය කරන්න.

ඇත්ත: 2006 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 169 පිටුවේ මෙසේ දැක්වෙයි.

ඉහත දැක්වෙන අයුරින් මොරගහකන්ද ජලාශය සඳහා ඉඩම් අත් පත් කරගෙන ජනතාව නැවත පදිංචි කිරීම සිදුකළේ 2006 දී ය. එම ව්‍යාපෘතීන් සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා රු මිලියන 4600 ක් වෙන් කරන්නේ යුද්දයක් ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී ය. එතනින්ම සල්ලි දුන්නේ නැහැ කියන බොරුව මාට්ටු වෙයි.

 

[4]. බොරුව: 2007 ජනවාරි 25 වැට පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 අවුරුද්දෙයි කියන එක මම මතක් කරන්න ඕන.

ඇත්ත: එම බොරුවට පිළිතුරු 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙයි.



ඒ අනුව මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වී එය විවෘත කරමින් රජරට ගොවීන්ට ජලය ලබා දීමට තිබුණේ 2016 වර්ෂයේදී ය. (පසුගිය දා සිදුවූයේ විවෘත කිරීම නොව නිදන් වස්තු තැන්පත් කිරීමයි).

 

[5]. බොරුව: 2012 අවසන් කරන්න තිබුණ වැඩේ දැන් 2018 ට කල් ගියේ අවුරුදු 5 කට වැඩි කාලයක් මේ ව්‍යාපෘතිය කරන්න මුදල් නොලැබිච්ච හින්දයි, මුදල් නොදුන්න හින්දයි.

ඇත්ත:  මුදල් ලැබුණේ නෑ කීම බොරුවක් බවට අප මීට පෙර පෙන්වා දුන්නෙමු. එසේම 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙන පරිදි මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වීමට තිබුණේ 2016 වර්ෂයේ දී ය. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පළි ගැනීම සඳහා එතුමා සිදුකරගෙන ගිය සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් නවතා දැමීය. මොරගහකන්ද ව්‍යාපෘතිය 2018 ට කල් යන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මොරගහකන්ද 2018 ට කල් යාමට යහපාලන ආණ්ඩුව වග කිව යුතු වෙයි.

 

[7]. "ගල් පැලෙන බොරු" යන වැකිය ඔබ අසා තිබෙනවා ඇත. පැරැන්නන් එය පැවසූයේ කට කහනවාට නොවේ. මොරගහකන්ද වේල්ලේ නිදන් ගලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී ඉහත පට්ට පල් බොරු සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ අතර, පසුව බැකෝවක් වැදී නිදන් ගල ඉරි තලා ගොස් ඇත. මූලාශ්‍රය: දිවයින පුවත්පත /2016/08/07



 

[7]. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 දී එසේ පැවසුවත්, 2014 දී පැවසුවේ මෙලෙසයි.



"ඔබතුමා ආරම්භ කරපු මහා යෝධ සංවර්ධනය තුළ තව වසර 100 කට අවශ්‍ය වරායන් 5 ක් ඔබතුමා ඉදිකරලා තියෙනවා. ඒ වගේම නොරොච්චෝලේ කොත්මලේ කෙරවලපිටිය වැනි විදුලි බලාගාර ඉදි කරල තියෙනවා. ඔබතුමා මහා ජාතික වාරි පද්ධතියක් ඇති කරලා තියෙනවා. මොරගහකන්ද කළු ගඟ වැනි මහා යෝජනා, ඒ වගේම උමා ඔය දැදුරු ඔය වැනි යෝජනා ඔබතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා...." - සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තාමත් හරියට නොදන්නා අයට ඉහත වීඩියෝව නැරඹීමෙන් සෞඛ්‍ය අමාත්‍ය සිරිසේනගේ හඬින්ම අසාගැනීමට හැකියාව ලැබේ.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

14 comments:

  1. එඩිටර් තුමනි, බෙහෙවින් ස්තුතියි මේ පැහැදිලි කිරීමට. එජාප වැඩ පමනක් වර්ණනා කරමින් රට ගොඩ නැගූ මහින්ද මැතිඳුන්ට ගරහමින් මෙහෙම සිරිසේන ජනපති කතා කරන විට ශ්‍රීලනිප නායකත්වය කිසිසේත් තමන්ට හිමි නැති බව අයිති නැති බව තමයි මේ රටට හඬ නඟා කියන්නේ.

    බලාගෙන ගියාම වසර ගණනාවක්ම සාක්‍යතා අධ්‍යයනය කරමින් මේ කට්ටිය කාලය කා දමද්දී මහින්ද මැතිඳුන් නේ ව්‍යාපෘතියට මුදල් වෙන් කර එය ඉදිරියට ගෙනිහිල්ලා තියෙන්නේ! මේ පට්ට පල් බොරු බේගල් රට පුරා අත හරිමින් මෙයාලා රට වටේ ගියත් මේ රට ගොඩ නැංවූයේ අපේ ගරු මහින්ද මැතිඳුන් බව මේ රටේ ඕනෑම කුඩා දරුවෙක්ගෙන් ඇහුවත් කියයි! මේ රටේ ජනතාව එතුමාගේ නායකත්වය ආදරෙන් වැළඳ ගන්නේත් සිරිසේන ජනපති බලය කොල්ල කා ගත් දිනයේ සිටම අහස උසට කුණු බැනුම් අහන්නෙත් ඇයි කියලා අපි කවුරුත් හොඳින්ම දන්නවා. බොරුවට ආයුෂ අඩුයි! සත්‍යය අන් සියල්ල පරදා කවදා හෝ ජය ගනී!

    ReplyDelete
  2. රටේ සිදුවෙන හැම දෙයක්ම ගැන ජනතාව අවදියෙන් ඉන්නේ. නිදි නැහැ. වසර දහස් ගණනක් අපේ ඓතිහාසික උරුමය වූ අසිරිමත් බුදුසසුනට හිමි ප්‍රමුඛත්වය නැති කරලා.... මේ රට අනාගමික රාජ්‍යයක් කරන්න ලිපි ලේඛන පවා දැන් සියල්ල සූදානම්... යමපාලකයින් සංහිඳියා නාමෙන් බටහිරට සහ ඉන්දියාවට දණ නමාගෙන සිංහල බෞද්ධයා කුණු කූඩෙට වීසි කරමින් රට පාවා දෙද්දී.... සිරිසේන ජනපති ඒවා වහන්න බොරුවට "පූජනීය සංඝ රත්නයට ඕනෙ විදියට අපි හැම දෙයක්ම කරන්නෙ" කියලා ජනතාව රවටන්න හදනවා! මේ බොරු අපි එලි කරන්න ඕනෑ!

    යමපාලන රජය බලය කොල්ල කා ගත් දින සිටම පෝර සහනාධාර නවතලා ගොවියෝ මහ පාරට ඇදලා දැම්ම. බොරුවට චන්දෙ කඩා ගන්න පොරොන්දු වූ වී, තේ, රබර් මිල ගණන් ලබා දුන්නෙ නැහැ. ගොවියා අසරණ කලා. දැන් බොරුවට ගොවියෝ ගැන තමන් සංවේදී බව පෙන්වන්න විලි ලැජ්ජා නැති උත්සාහයක යෙදෙනවා!
    බලය කොල්ල කා ගනිමින් දේශය පාවා දීමේ මහා පාපයට වඩා රට බේරා ගත් අපේ මහින්ද මැතිඳුන්ට කරන ගැරහීම් වලට නම් මහා ජනතා සාපයකට ලක්වෙනවා ඒකාන්තයි!

    ReplyDelete
  3. the whole country knows that the incumbent president has the capacity and ability to lie through his teeth! His remedy for all is to blame MR!However, what is sad is that how many opportunistic people continue to believe in these lies!They are blinded to the truth and like the opportunistic incumbent president they continue to propagate the Goebels theory! Articles like these have to be circulated more on social media forums!It would also be good if an article on the inside story of the state seizure of assets of CSN and Basil Rajapaksa's alleged lands were to be published to hear the other side of the story!

    ReplyDelete
  4. මහින්ද මහතා යටතේ-හිටියා හිටන්! යස අගේට,
    පරණ පවක් පලදීලා - ගියානෙ එකා අලි ගාලට.

    මොලේ තදට පුස්කාලා- පත්තරේම පිහිට තමයි,
    කට සැරේට කතාකලොත්-තොල් වෙව්ලා දිවත් හැපෙයි.

    බූරුපිටියේ සෙල්ලම දැන්- කොලේ වහලා රනිලා ගසයි
    කිසිම දෙයක් දන්නෙම නැහැ- තොත්ත බාබා නහින හැඩයි

    ReplyDelete
  5. "රටකට ඕනෑ අපමණ අගයක්-ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්" යන බහුතර කෙප්ප සටන් පාඨයන් මවා ගනිමින් රටට දායද වූ සිරිසේන ජනපති ප්‍රමුඛ යහපාලනය යනු කෙප්ප පමණය.මොරගහකන්ද ජලාශ පතුලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රාජපක්ෂලාව පළු ඇරීමේ සුපුරුදු අදෝනවා නැවත වරක් මුළු රටමක් පසුගියදා හොඳ හැටි දැක බලා ගත්තේ ඉහත කී කෙප්ප සටන් පාඨයන්ට පින්සිදු වීමටය.එදා නිධන් වස්තු තැන්පත් කිරීමෙන් අනතුරුව නිධන් ගල පැලී යාමට ඇත්තේත් බැකෝ කුල්ල වැදී නොව,රජපක්ෂ පවුලට එරෙහිව සිරිසේන ජනාධිපතිවරයා කියූ එම පට්ට කෙබර වල හැටියට විය යුතුය.රාජ්‍ය නායකයෙකුගේ මූලිකත්වයෙන් තොරව මෙවැනි දැවැන්ත ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සිහිනයක්ම පමණය.එය ග්‍රාමසේවකවරයෙක් ගමක කටයුතු පාලනය කරමින් කරන සේවයට වඩා සිය දහස් ගුණයක බෑරෑරුම් රාජකාරියක් බව නමට ජනපති වී සිටින සිරිසේන ජනපතිත් මතක තබාගත හොත් හොඳය.මුදල් ප්‍රතිපාදන හා අවශ්‍ය සම්පත් නොමැතිව එක තැන පල් වෙමින් තිබූ මොරගහකන්ද වාරී ව්‍යාපෘතිය 2007 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව නව මුහුණුවරකින් යළි ඇරඹීමට කටයතු නොකලේ නම්,අද එතුමාට දෙස් දෙවොල් තබමින්,නිධන් වස්තු තැන්පත් කිරීමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුවනුයේ තම ගෙමිදුලේ බවත් මතක් කිරීමට කැමැත්තෙමි.සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරමින් රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා 2016 වසරේදී ලබා දීමට තිබූ මේසා විශාල වාරී ව්‍යාපෘතිය වර්තමානය වන විට 2018 වසර තෙක් නැවතත් එය දිඝ්ගසාගෙන ඇත්තෙ සිරිසේන ජනාධිපතිවරයාගේම කුහකතවය හා පුද්ගලික වෛරය මුසුවූ යහපාලන ප්‍රතිපත්ති වලටම පින්සිදු වීමට බවත් සත්සුඳක් සේ දැන් පැහැදිලිය.සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව එයටත් පැහැදිලිවම වරදකරු වනවා ඇත්තෙ වෙන කවුරුත් නොව,මහින්ද රාජපක්ෂය.

    ReplyDelete
  6. 2016 වසරේදී මොරගහකන්ද වාරී ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට කටයුතු යොදා තිබූ බවට දැක්වෙන වීඩියෝ සාක්ශියක් මෙන්න..

    https://www.youtube.com/watch?v=zYGCSCJLvHU

    ReplyDelete
  7. බොහොම ස්තුතියි එම වීඩියෝවට

    ReplyDelete
  8. නිධන් ගල පැලී ඇත්තේ සිරිසේන ජනපති සුපුරුදු වෛරී දේශපාලනයේ යෙදෙමින් මහින්ද මැතිඳුන්ට ගරහමින් එතන කියූ "පට්ට කෙබර" වලට බව නම් සම්පූර්ණ ඇත්ත!
    මෛත්‍රී පාලනයක් පොරොන්දු වී බලය කොල්ල කා ගත් නමුත් බලයට ආ දා සිටම තම දේශපාලන විරුද්ධවාදීන් ට රනිල් චන්ද්‍රිකා සමඟ එකතු වී පන්න පන්නා හිරිහැර කරමින් බටහිරයන්ට ඉන්දියානුවන් ට වහලෙකු වී සන්හිඳියා නාමෙන් සුලු ජාතීන් පමනක් සතුටු කරමින් සිංහල බෞද්ධයින් කුණු කූඩෙට වීසි කර ඇත. නමුත් රටට ඇහෙන්න ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත් කරනවා...වන්දනීය පූජනීය සංඝරත්නයට ඕනෙ විදියට හැම දෙයක්ම කරනවා කියමින් දිනපතා "පට්ට කෙබර" අත හරියි!
    අතුරුදහන් පනත බලෙන්ම ගෙනත් රට බේරා ගත් අපේම වීරෝධාර රණවිරුවන් සෙන්පතීන් සේනාධිනායකයාණන් කරදරයට පත් කරන හැටි බලමින් මේ රටේ හෘද සාක්ශියක් ඇති ජනතාව නිදාගෙන ඉඳියි කියලා හිතන්න එපා!

    ReplyDelete
  9. බොහොම ස්තූතිය දැනුවත් කලාට
    ඔබට ජයෙන් ජය මහින්ද ජනාධිපතිතුමනි

    ReplyDelete
  10. Thank for the so and so.

    ReplyDelete
  11. Thanks a lot. Its great if you could publish this for non FB users too.

    ReplyDelete
  12. හිටන් ගෙ ලෝකයJanuary 11, 2018 at 4:55 AM

    Power දිනූ සයුමි ආයෙත් dakiima සතුටක්

    ReplyDelete
  13. ඔබට ස්තූතියි.මහින්ද නිවසේ හිතවතුන් යලි හමුවන්න ලැබීම අපටත් ලොකු සතුටක්. පවර් දිනූ සහ රටවෙනුවෙන් හිතවතුන්ට පණිවිඩයක් තිබ්බත් එය සී නිව්ස්හි පල වුනේ නැහැ. එයාල තාම දන්නේ නැතුව ඇති. ඒකයි ඇවිත් නැත්තේ.නම නම් අලුත්. මේ අපේ සමරේවත්ද

    ReplyDelete
  14. ඔබ සැමව නැවතත් දක්නට ලැබීම අපට සතුටක්. පවර් දිනූ සයුමි රට වෙනුවෙන් ආදී සියලුම හිතවතුන්ව සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.