
අතුරුදහන් කොමිසමේ කාර්යභාරය වන්නේ මැරුණ කොටියා ගැන මරණ පරීක්ෂණ පවත්වා රණවිරුවන්ට දඬුවම් දීම බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් කොතෙක් කිව්වත් සමහරුන් පිළිගත්තේ නැත. මේ සිදුවන්නට යන්නේ එදා ඔවුන් කී දෙයයි.
ශ්රී ලංකා රජයේන් වියදම් කළ මුදලින්ම විදේශිකයන් පැමිණ ශ්රී ලංකාවේ පරීක්ෂණ සිදුකර, ප්රභාකරන් අතුරුදහන් වූ බවට සොයාගෙන, අවසානයේදී ශ්රී ලාංකික ජනතාවගේම මුදලින් ප්රභාකරන් වෙනුවෙන් වන්දි ගෙවනු ඇත. ප්රභාකරන්ගෙන් රට බේරා ගත් රණවිරුවන්ව ප්රභාකරන්ව අතුරුදහන් කළා කියමින් පෝරකයට යවනු ඇත. අන්න එදාට ප්රභාකරන් තියපු බෝම්බ වලින් කෑලි කෑලි වෙච්ච දරුවන්, නෑදෑයන්, යාළු මිත්රයන් සිටින අයට මොනව හිතේවිද?
[caption id="" align="aligncenter" width="350"]

ඒ අතර ප්රභාකරන්ව අතුරුදහන් කළා කියමින් සිවාජිලිංගම් සිදුකරන්නට යන සාහසික වැඩේට සමගාමීව සරත් ෆොන්සේකා ද ප්රකාශ කරන්නේ ප්රභාකරන් තම දරුවන්ගෙන් පළි ගත්තේ නැති බවයි.