එදා පැවසූ බොළඳ පොරොන්දු වෙනුවට 2015 මහ මැතිවරණයේදී වඩාත් ජනප්‍රිය පොරොන්දු 3 ක් තරුණ ප්‍රජාවට දෙන ලදී. එනම්,
1. වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කර තරුණයින්ට රැකියා දීම සහ අඩු මුදලට වොක්ස්වැගන් කාර් දීම.
2. "Google Loon" මාර්ගයෙන් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.
3. "Free Wi-Fi" මගින් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.
එම පොරොන්දු 3 ඉටු කළ හැටි බලමු...
[2]. මෑතක් වෙන තුරු වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ගැන කියමින් හර්ෂ ද සිල්වා මහතා ජනතාව ගොනාට ඇන්දීමට හැදූ අතර අවසානයේහී එරාන් වික්‍රමරත්න මහතා ඇත්ත හෙළි කළේ මෙලෙසයි. [කාලය විනාඩි 16:50 සිට]

වොක්ස් වැගන් ආයතනයට ජාත්‍යන්තරව මුහුණ දීමට තිබූ ප්‍රශ්න නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය නොකිරීමට තීරණය කළ බව එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පවසයි. එනමුත් වොක්ස් වැගන් ආයතනයට ප්‍රශ්න ඇති වූයේ 2015 අගෝස්තු මාසයටත් පෙර සිටයි. එජාපයේ ආර්ථික ඔස්තාර්ලා ඒ ගැන නොදැන සිටියා විය නොහැක. එසේනම් වොක්ස් වැගන් ගැන කියමින් එජාපයෙන් ජනතාව අන්දා ඇති බව ඔබට පැහැදිළි වෙනු ඇත.
ඒ අතර හර්ෂ ද සිල්වා මහතා ඉහත පළමු වීඩියෝවෙන් වොක්ස්වැගන් ආයතනයට දෙනවා කී අක්කර 20 ක ඉඩමට වුණ කුමක්ද යන්න වෙනම සොයාබැලීමට සිදුවේ.
[3]. Google Loon යනු ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන්නක් මිස වත්මන් ආණ්ඩුවේ ඉල්ලීමක් නොවන බවත්, එසේම එය අපේ රටට ගැලපෙන්නේ නැති බවත් mahinda.info වෙතින් පසුගිය මහ මැතිවරණය කාලයේදීම සාක්ෂි සහිතවම පෙන්වා දුනෙමු. මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියාවෙ විශාලතම කුලුණ වන නෙලුම් කුලුණ ගොඩ නැගුවේ මූද බැලීමට නොව අධිවේගී 4G අන්තර්ජාල සන්නිවේදනයට ය. නෙලුම් කුළුණට මඩ ගසා Google Loon වෙත දත නියවූ එජාපය දැන් Google Loon ද බොරු පොරොන්දුවක් බව පිළිගත්තේ මෙලෙසයි.
[4]. Free Wi-Fi දීගන්න බැරිවුනාට සමාවෙන්න කියමින් Free Wi-Fi ගැන දුන් බොරු පොරොන්දුව ගැන රංජන් රාමනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලුවේ මෙලෙසයි.
සුරංගනා කතා වලට නොදෙවෙනි කප්පරක් බොරු පොරොන්දු සහ මඩ වලට රැවටී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහි වූ උදවියට දැන්වත් එජාපයේ බොරු බේගල් වල තරම වැටහේවි යැයි අප සිතන්නෙමු.