Mahinda Rajapaksa: හූ කීමේ චෝදනාවට ඩලස්ගෙන් ශ්‍රීලනිප නායකත්වයට කට උත්තර නැති වෙන පිළිතුරක්.

Thursday, August 4, 2016

හූ කීමේ චෝදනාවට ඩලස්ගෙන් ශ්‍රීලනිප නායකත්වයට කට උත්තර නැති වෙන පිළිතුරක්.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් පාද යාත්‍රාව ගමන් කරන මාර්ගය පොලිසිය විසින් ලබා දෙද්දී එහි සැඟවුණ යටි අරමුණක් තිබෙන බවත් කරුණාකර සියල්ලන්ටම ඒ ගැන උපදෙස් දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසූවේයැයි ඩලස් අලහප්පෙරුම මහතා අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භකයෙකු වූ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා නිදන සොහොන ළඟදී තම හිස්වැසුම් ගලවා, හිස පහත් කර, නිශ්ෂබ්දතාවය ආරක්ෂා කළ අයගෙන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී හූ කිව්වානම් ඇයි එහෙම වුණේ යැයි සොයමින් අභ්‍යන්තර සාකච්ඡාවක් කරන ලෙසට ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ශ්‍රීලනිප පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රීලනිප අප විසින් එජාපය විවේචනය කරද්දී එජාපය ආරක්ෂා කරමින් අපට පහර දීම නොකළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මහින්ද අමරවීර ඇමතිවරයා පැවසූ පරිදි සිරිකොත ඉදිරිපිටින් නිශ්ෂබ්දව යාම තියා සිරිකොත ඉදිරිපිටින් පාද යාත්‍රාව ගමන් කළේවත් නැති බවත්, එනිසා සිරිකොත මැණික රකින නාගයන් නොවන ලෙසත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසයි.

පාද යාත්‍රාව ඔලු ගෙඩි වලින් පිරවීමට ඇවසි වුණානම් මාතර සිට කොළඹට පාද යාත්‍රාව කරන බවත්, එහෙත් මහනුවර සිට පාද යාත්‍රාව පැවැත්වූයේ හිටපු මැතිවරණ වලින් පරාද වූ ප්‍රදේශ වල පක්ෂයේ ශක්තිය ආණ්ඩුවට පෙන්වීමේ දර්ශකයක් ලෙසටත්, ජන ශක්තියේ පරීක්ෂණයක් ලෙසටත් බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම පාද යාත්‍රාව පැවැත්වූයේ ආණ්ඩුව නොමැතිව බවත් විපක්ෂය නොමැතිව බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය නොමැතිව බවත් අවම වශයෙන් පක්ෂයේ නිල අනුග්‍රහයවත් නොමැතිව බවත් ය. මහින්ද රාජපක්ෂ නැමැති ජාතික නායකත්වයේ දැවැන්ත ප්‍රතිරූපය සහ සහෝදර පක්ෂ වල සහයෝගය හැරෙන්නට වෙන කිසිවක් නොතිබුණ බවත්, එසේ තිබියදීත් මිලියන 2 ක පමණ ජනතාව මහ පාරට බැසීම මානව ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එතුමා පැවසූ ඉතිරි කරුණු පහත වීඩියෝවෙන්.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.