Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ව හමුවීමට කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් පැමිණෙයි...

Sunday, August 7, 2016

මහින්ද මැතිඳුන්ව හමුවීමට කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් පැමිණෙයි...

දකුණු කොරියාවේ සෝල් නුවරට මහින්ද රාජපක්ෂ මැතිඳුන් අද දින සපැමිණියේය. එහිදී මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවක් පැවැතුණි. ඊට කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සම්බන්ධ විය.



















මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම් වලට එන අති විශාල සෙනග කන්දරාව දැකීමෙන් උරණ වන එජාප ජවිපෙ සමහරුන් විසින් එතුමාට අවසානයේදී කරන චෝදනාව වන්නේ, එලෙස සෙනග පැමිණෙන්නේ බත් පැකට් එකට සහ අරක්කු බෝතලයට බවයි.

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යනු එලෙස අයවලුන් නොවන අතර, විදෙස් රටක වෙලත් මෙලෙස පැමිණි ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට වත්මන් දේශපාලනයේ ඇති ප්‍රමුඛස්ථානය මැනැවින් පෙන්වා දී ඇත.

මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට විදෙස් රටවල කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවා ඇති ඉරණම පැහැදිළි කරන ඔවුන්ගේ මෑතදී පැවති රැස්වීම් 2 ක පින්තූර පහතින් පළ කරන්නෙමු.



ජන සටන පාද යාත්‍රාවට ප්‍රතිචාරයක් ලෙසට කුරුණෑගල පැවති එජාප රැළිය.

ජන සටන පාද යාත්‍රාවට ප්‍රතිචාරයක් ලෙසට එදිනම පන්නල නගරයේ පැවැති ජවිපෙ රැළිය


mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.