Mahinda Rajapaksa: ලැජ්ජා නැතිව ආණ්ඩුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ ප්‍රචාරණයට යොදා ගත්ත හැටි මෙන්න.

Monday, August 22, 2016

ලැජ්ජා නැතිව ආණ්ඩුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ ප්‍රචාරණයට යොදා ගත්ත හැටි මෙන්න.

[1]. උසස් පෙළ විභාගය සඳහා පසුගිය දා ලබා දුන් ප්‍රශ්න පත්‍රයක තිබූ ප්‍රශ්න 2 ක් මගින් සිසුන් ලවා ආණ්ඩුවේ ගුණ වැයීමට යොදා ගත් අයුරු වාර්තා වී තිබේ. පහත දැක්වෙන්නේ එම ප්‍රශ්න 2 යි.



 

[2]. ඉහත ප්‍රශ්න 2 කේ ගැටළුසහගත ස්වභාවය පහත කරුණු වලින් ඔබ හමුවේ තබන්නෙමු.

(i). ප්‍රධානතම ගැටලුව වන්නේ වර්තමාන ආණ්ඩුව නිවැරදි බවට පූර්ව නිගමනයක පිහිටා මේවාට පිළිතුරු දීමට සිදුවීමයි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා උසස් පෙළ සිසුන් ලවා ආණ්ඩුව සාධාරණීකරනය කරගැනීම සිදුකර ඇත.

(ii). "රාජ්‍ය සේවයේ අල්ලස් හා දූෂණය මර්දනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන ඇති පියවර" විස්තර කිරීමේදී සමහර සිසුන් ලියනු ඇත්තේ ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා අල්ලස් හා දූෂණය තව තවත් වර්ධනය වී ඇති බවයි. ඊට උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ලබා දුන් දේශපාලන පත්වීම් 62 ගැන, අධ්‍යාපන අමාත්‍යවරයා තම හෙංචයියෙකුට කථිකාචාර්ය ධූරයක් දීමට නියෝග කිරීම ගැන සඳහන් කරනු ඇත. [මූලාශ්‍ර: 1 , 2 srilankamirror.com]. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

[caption id="" align="aligncenter" width="640"] Source: http://srilankabrief.org/2016/07/minister-kiriellas-deception-exposed/[/caption]

(iii). "වර්තමාන ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ" ගැන ලියන සමහර සිසුන් සඳහන් කරනු ඇත්තේ මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ නම් බටහිරට යට වීම, ඉන්දියාවේ සෑම ඉල්ලීමක්ම ඉටු කිරීම, කොටි ඩයස්පෝරාව සැනසීම යන ත්‍රිත්වය බවයි. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

(iv). කෙටියෙන් කිවහොත් එකී ප්‍රශ්න වලට පිළිතුරු ලියන සිසුන්ගෙන් ලකුණු ලැබෙන්නේ උපන් ගෙයි එජාප දරුවන්ට සහ අකමැත්තේන් හෝ ආණ්ඩුවට පක්ෂපාතීව කරුණු දක්වන දරුවන්ට පමණක් ය.

(v). එක් තැනක "වර්තමාන ආණ්ඩුව" ලෙස දක්වා ඇති අතර තවත් තැනක "වර්තමාන ජාතික ආණ්ඩුව" ලෙස දක්වා ඇත. ජාතික ආණ්ඩුවක් තිබේනම්, විපක්ෂයක් හෝ විපක්ෂ නායකයෙක් සිටිය නොහැකි බවත්, ඒ අනුව "ජාතික ආණ්ඩුව" (National Unity Government) කීමම දේශපාලනිකව වැරදි ප්‍රකාශයක් බවත්, වර්තමානයේ ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය මූලික වූ සභාග ආණ්ඩුවක් (Coalition Government) බවටත් මතයක් ඇත. දේශපාලන න්‍යාය උල්ලංඝනය කළ නොහැකි නිසා අකමැත්තෙන් වුවද රතු අලි පැටව් පවා ප්‍රකාශ කරන්නේ එම මතයයි. එසේනම් දේශපාලන විද්‍යාව පසෙකට කර විභාග ප්‍රශ්න පත්‍රයෙන් ආණ්ඩුවට කඩේ ගොස් ඇත.





 

[3]. ඉහත හේතු නිසා එම ප්‍රශ්න වලට පිළිතුරු ලියූ සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට සිදුවෙනු ඇත. දැන් ඇතිවන ඊළඟ ප්‍රශ්නයනම් එම ප්‍රශ්න මගහැර අනික් 2 කට පිළිතුරු දුන් අයට ලකුණු අඩු වීමයි. ඒ අනුව ප්‍රශ්න අංක 7 ට සහ 8 ට සම්පූර්ණ ලකුණු 40 ම දීමට සිදුවෙනු ඇත. ලෝකයේම පිළිගත් ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට වත්මන් ආණ්ඩුව කරපු දේ...

 

[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී මෙවන් ප්‍රශ්න උසස් පෙළට ඇසුවානම් ඒ ගැන කියමින් පොළොවේ පස් කෑමට සමහරක් ආචාරීවරුන් කටයුතු කරනු ඇත. එනමුත් ඔවුන් මේ ගැන මාරාන්තික නිහඬතාවයක් දරයි.

 

[5]. උසස් පෙළ සිසුන් යනු අවුරුදු 18 වයසේ පසුවන්නන් වන අතර විභාගය අවසන් වීමත් සමගම ඊළඟ මැතිවරණයට ඡන්දය දීමට හිමිකම් ලබයි. ඒ අනුව අලුත් ඡන්ද ගොඩ වැඩි කරගැනීමට උසස් පෙළ විභාගය දේශපාලනීකරනය කිරීමත්, ඒ හරහා ආණ්ඩුවට පක්ෂපාතී කරුණු ලබන වසරේ සිට උසස් පෙළ සිසුන් ලවා පාඩම් කරවීමත් මෙම නිර්ලජ්ජිත වැඩපිළිවෙළයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.