Mahinda Rajapaksa: කුඩා දරුවෙක් ආප්පයා කීම ගැන අඬා වැටෙන එජාපෙ ජවිපෙ සාහසික ළමා අපචාර මෙන්න

Monday, August 8, 2016

කුඩා දරුවෙක් ආප්පයා කීම ගැන අඬා වැටෙන එජාපෙ ජවිපෙ සාහසික ළමා අපචාර මෙන්න

[1]. ජනසටන පාද යාත්‍රාවට තම දෙමාපියන් සමග පැමිණි කුඩා දරුවෙකුද "අප්පච්චිට ජය වේවා" සහ "ආප්පයා අපට එපා" යනුවෙන් කෑ ගැසුවේය. ඒ ගැන පසුගිය දිනවලදී එජාප සහ අවාසනාවන්ත ලෙස එහි වෘත්තීය සමිතියක් බවට පත්ව ඇති ජවිපෙ දේශපාලඥයින් විසින් අතොරක් නැතිව කිඹුල් කඳුළු හෙළනු දක්නට ලැබුණි.

[2]. එහිදී "ආප්පයා" යැයි කීම හරහා අපහාසයක් සිදුවූයේ කාටදැයි එජාප ජවිපෙ කිසිවෙක් පැවසූවේ නැත. ඒ අනුව ඔවුන්ගේ චෝදනාව නීතිමය රාමුව තුළදී පුස්සක් බවට පත්ව ඇත.

[3]. අද වැදි බන දෙසන එජාපය සහ ජවිපෙ පසුගිය කාලයේ ළමයින්ව යොදාගෙන කළ කී දේවල් අදාල මූලශ්‍ර සමගින් පහතින් දක්වන්නෙමු. අප මෙම දරුවන්ගේ මුහුණු කළු කර දක්වන්නේ ජවිපෙට සහ එජාපෙට දරු කැක්කුමක් නැති වුවද අප ඔවුන් ගැන සිතන නිසයි.

[4]. පහත දැක්වෙන්නේ එවකට වැඩ බලන අධ්‍යාපන අමාත්‍යව සිටි විජිත් විජයමුණි සොයිසා අතින් පාසල් නිල ඇඳුම් බෙදීම ප්‍රමාද වූවා යැයි කියමින් ජවිපෙ විසින් කුඩා දරුවන්ව අඩ නිරුවත් කරමින් පාරේ ඇවිද්දවූ ආකාරයයි. [මූලාශ්‍රය මෙතනින්].

ඒ දරුවන්ගේ පාසල් බෑග් දෙස බැලීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ඒ දරුවන්ව අඩ නිරුවතින් පාසල් යවන්නට හේතුවක් නොමැති බව ඔබට පැහැදිළි වෙනු ඇත. එසේම එවකට වැඩ බලන අධ්‍යාපන අමාත්‍යව සිටි විජිත් විජයමුණි සොයිසා මැතිවරණයෙන් පැරදුණ පසුවත් අමාත්‍ය ධූරයක් දරද්දී, රතු අලි පැටියාට දැන්නම් ඔහු ගැන කිසිදු අවුලක් නැත.

[5]. රතු අලි පැටියා ඇස් දෙක නළලේ තියාගෙන පැවසූයේ හය හතර නොතේරෙන දරුවන්ට දේශපාලනයට අදාල කරගන්න එපා කියමිනි. එහෙත් ජවිපෙ වරාය වෘත්තීය සමිතියට මේ දරුවාව එක් කරගැනීම ගැන රතු අලි පැටියා පවසන්නේ මේ දරුවාත් වරායේ සේවකයෙක් බව ද? [මූලාශ්‍රය මෙතනින්]

[6]. පහත දැක්වෙන්නේ එජාපය විසින් පාසල් දරුවෙක්ව බෙල්ලෙන් එල්ලා ඇති ආකාරයයි. [මූලාශ්‍රය මෙතනින්]

එහි දක්වා ඇති චෝදනා සියල්ලම පදනම් විරහිතය. උදාහරණ ලෙස පසුගිය වර්ෂ වලදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්ධන මිල වැඩි වී ඉන්දියාවේ ජාතික ගුවන් සේවය පවා පාඩු ලැබීය. [විස්තර]

[7]. ඒ සියල්ලටම වඩා අමතක කළ නොහැකි අතීතයක් අපට තිබේ. 88/89 කාලයේ එජාපය විසින් බටලන්ද ආදී වධකාගාර වලට දමා ඇස් උගුල්ලා කන් වලට පරාල ඇණ ගසා පසුව ටයර් වල දමා අමු අමුවේ පුලුස්සා මරා දැමූ තරුණයින් 60000 කට අධික සංඛ්‍යාව අතර පාසල් සිසුන්ද දහස් සංඛ්‍යාවක් සිටියෝය. එවකට කැමරා ෆෝන් නොතිබුණ නිසා ඒවායේ පින්තූර එතරම් නොමැත. එවකට අධ්‍යාපන අමාත්‍යව සිටියේ වත්මන් අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යි.






mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.