යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කී චන්ද්‍රිකාට එදා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු

චන්ද්‍රිකා කුමාරතුංග මිය පහත වීඩියෝවෙන් පවසන බොරු කන්දරාවට mahinda.info වෙබ් අඩවියෙන් සරළ පිළිතුරු…

[1]. බොරුව: “යුද්දෙ දිනුවෙ අර කිව්ව වාගෙ 3/4 ක් විතර මම යුද්දෙ ඉවර කරලා, මට ඉස්සර යූඇන්පී ආණ්ඩුවෙනුත් කොටසක් ඉවර කරලා, මම යුද්දෙ ඉවර කරලා 3/4 ක් විතර, එයාට ඉතුරු කාල බාර දුන්නේ.”

ඇත්ත: පහත දැක්වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දුන් ශ්‍රී ලංකාව යි. [මූලාශ්‍රය: dailynews.lk]

ඇය පවසන පරිදි ඇය විසින් යුද්දයෙන් 3/4 ක් ඉවර කර තිබුණානම් ඇය බලයට ඒමට පෙර සමස්ත ශ්‍රී ලංකාවම ප්‍රභාකරන් විසින් පාලනය කරමින් තිබුණා විය යුතුය. එයින්ම එම බොරුවේ තරම වැටහෙයි. යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කෙසේ වෙතත් මහින්ද මැතිඳුන්ට රට බාර දෙද්දී ඇයගේ ආරක්ෂක දුර්වලතාවය නිසා ඇයගේ ඇස් දෙකෙන් 1/2 ක් ඉවර වී තිබුණි.

2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගනිද්දී පැවැතියේ, එදා 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය රට බාර ගනිද්දී තිබුණාට වඩා මාරාන්තික අවදියකය. ඊට හේතුවනම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ඊනියා සටන් විරාම ගිවිසුම මගින් උතුරු නැගෙනහිර බන්දේසියක තබා ප්‍රභාකරන්ට වෙන් කර දී තිබුණි., මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලයට ආ සැනින් මානුෂික මෙහෙයුම ඇරඹීමට නොහැකි වූයේද එම සාම උගුල නිසයි.

දේශපාලඥ සරත් ෆොන්සේකා මහතා අද කියන දෑ එතුමාවත් දන්නේ නැත. එහෙත් හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසුව පැවසූ දෑ වලින්, චන්ද්‍රිකා කුමාරතුංග මියගේ කට කැඩිච්ච කතා වලට පිළිතුරු ලැබෙයි.

“යුද්දයට පීතෲත්වය දුන්න පුද්ගලයෙක් හිටියනම් අතිගරු ජනාධිපතිතුමා පමණයි. සහ ගරු ආරක්ෂක ලේකම් තුමා අපට දීපු සහයෝගය…” – හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා 2009 දී.

පහත දැක්වෙන්නේ 2014 දී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් කළ සේවය ගැන පැවසූ කරුණු යි.

“මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම චූදිතයා වන්නේ ඔබතුමා යි. එහෙම වුණානම් කියයි ලක්ෂ ගණනක් මෙච්චර මිය ගියා. කෝටි ගණනක් මෙච්චර වැය කළා. ඔන්න ඊළාම් රාජ්‍යය හැදුණා යුද්ධයෙන් පැරදිලා. අද මේ ජයග්‍රහණය බෙදා ගන්නට ඒ කවුරු කෙසේ කතා කළත් ඔබතුමා තමයි මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වන්නේ චූදිතයා වන්නේ කියන එක අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මතක් කරන්න ඕන” – මෛත්‍රීපාල සිරිසේන 2014 දී

 

[2]. බොරුව: “අපි කරපු ටික තිබුණෙ නැත්නම් එයාට කරන්න බෑ. අපි ගෙනාපු ආයුද තිබුණෙ නැත්නම් කරන්න බෑ.”

ඇත්ත: චන්ද්‍රිකා මිය පවසන අයුරින්ම මහින්ද යුගයේදී මිග් යානා ගෙන්වා ඇත. මානුෂික මෙහෙයුම කාලයේ ඔබ අප කවුරුත් රාත්‍රී පුවත් වලින් දුටුවේ මිග් 27 යානා මගින් කළ සේවයයි. අමතක අයට මෙන්න පුංචි වීඩියෝවක්.

මිග් යානා වලට අමතරව මල්ටිබැරල් රොකට්, ඩෝරා යාත්‍රා, යුද ටැංකි, උණ්ඩ, හෙලිකොප්ටර්, ආදී මානුෂික මෙහෙයුමට අවශ්‍ය වූ සෑම දෙයක්ම පාහේ ගෙන්වන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී ය.

 

[2]. බොරුව: “ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රහාරක යානාවල් 6 ක් ගෙනහල්ලා 6 ම කඩාගෙන වැටුණා.”

ඇත්ත: මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ගෙන්වන ලද්දේ මිග් යානා 6 ක් නොව 4 කි. ඒ සම්බන්ධව 2006 දී පළවූ ලිපියක්: Sri Lanka to buy four more MiG-27 fighter jets

හිටපු සේනාධිනායිකාවක් වන ඇය රටේ සිදුවූ වැදගත්ම ආරක්ෂක තොරතුරක්වත් නොදැන සිටීමෙන් ඇය යුද කළ ආකාරය රටටම පැහැදිළි වෙයි.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ කාලයේදී ශ්‍රී ලංකාවට මිග් 27 ගුවන් යානා ගෙන ඒමේදී එකක්වත් කඩා වැටී නැත.

 

[2]. බොරුව: “එකක් මගදි කඩාගෙන වැටුණා.”

ඇත්ත: එසේ කඩා වැටුණේ චන්ද්‍රිකා කුමාරතුංග මිය ජනාධිපතිව සිටි 2000 වර්ෂයේ මෙරටට ගෙන ආ යානයකි.

In August 2000, a Sri Lanka Air Force MiG-27 crashed near Colombo International Airport, killing its Ukrainian pilot. source: https://en.wikipedia.org/wiki/List_of_aviation_accidents_and_incidents_in_Sri_Lanka#2000s

තම ධූර කාලයේ සිදුවුණ ගුවන් යානා අනතුර මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැර කිරීමට තරම් ඇය සාහසික වුණ හැටි…

 

[3]. බොරුව: “ගේන්න ඕන මිල වාගෙ 3 ගුණයක් ගෙවලා. ඉතුරු සල්ලි ටික හොයාගෙන යනවා හොයාගෙන තියෙනවා එයාගෙ අකවුන්ට් එකකට පිටරට දාලා”

වචන පැටලෙමින් ගහපු එම චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, සාහසික මඩ ප්‍රකාශයක් පමණක් වෙයි. එසේම එම මඩට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධ වැඩිදුර පැහැදිළි කිරීමකි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන චන්ද්‍රිකා කුමාරතුංග මිය එදා ගහපු දූෂිත ඩීල් පහතින් දැක්වෙයි. මේවා මඩ නොව එජාපයේ ඇමති රුවන් විජයවර්ධනගේ Sunday Times පුවත්පතේ ගිය රටම දන්නා පුවතකි. [මූලාශ්‍රය: sundaytimes.lk]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කී චන්ද්‍රිකාට එදා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු

  • Sitharan

    Is there any appeal to the Supreme Court on the OMP to emphasize on the unlawful nature of the bill? Thanks.

  • Himinamak

    දයාබර හිතවතුනි, ඔබේ වෙබඩවිය ඉතා හොන්දයි. නමුත් යාවත්කාලීන වීම ඉක්මන් මදි. අද අපේ රට ගිනිගනිමින් තියෙන්නෙ. කෑලි 3 කට කඩාදාන්න අමෙරිකාව සැර්සෙනව. මේක සෙල්ලමක් නොවෙයි. මහින්ද රාජපක්ශ නම් වන එම මහා වීරයාට සහ එම පවුලේ අයට එරෙහිව ගෙනයන කුරිරු පලිගැනීම ගැන ඔබලා මීට වැඩියෙන් තොරතුරු ලිවියයුතුයි. එතුමගේ දරුවන්ට එරෙහිව කරන වැඩ්වලදි ඒ දරුවන්ගෙ නිවැරදිභාවය හෙලිකලයුතුයි. මේ පාලකයො තවදුරටත් හිටියොත් අපට රටක් ඉතිරි නොවන බව ස්තිරයි. ඊලම් වැඩ් නිදහසේ කෙරෙනව. දැන්ටමත් වෙනම රජ්යක ස්ව්භාවය පෙනෙන්ඩ තියනව. අර මහත්තය ඕව දකින්නෙ පත්තරෙන් නිසා එතුමාට යමක් කරන්ඩ වෙලාවක් හිටින්නෙ නැහැ! බිම්මට්ටමේ ඉන්න අපි දන්නව අද මහින්ද මහත්මය කොපමන ජනප්‍රියද කියල.

  • Power

    නවීන තාක්ෂිණික ලෝකය සමඟ දිනෙන් දින ඉදිරියට යන ලොකයේ ප්‍රධානතම අංගයක් බවට චන්ද්‍රිකාව නැමැති අධි තාක්ෂණික මෙවලම අද වනවිට පත් වී අවසන්ය.ඉහළ අවකාශයේ රඳවා එයින් ලබා ගන්නා දත්ත සමුදායන් හරහා මුළු ලොවක්ම අද හොඳ හැටි ප්‍රයෝජන ලබයි.එසේ මුළු ලොවටම නැතුවම බැරි චන්ද්‍රිකා නැමැති තාක්ෂණික මෙවලම් නාමයට පවා අගෞරවයක් කල හැකි වෛරීත්වත්වය උතුරා පිටාර ගලන ගැහැණියක් අප රටේ සිටී.ඇයගේ නමත් චන්ද්‍රිකාය.ඒ චන්ද්‍රිකා අර චන්ද්‍රිකාට වඩා බොහෝ සෙයින් වෙනස්ය.අර චන්ද්‍රිකා උඩු ගුවනේ සිට පෘථිවි වාසීන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන අතර,මෙරටේ චන්ද්‍රිකා පාලනයෙන් මිදී විනාශ වීමට අසන්න නොමඟ යන චන්ද්‍රිකාවක් සේ ලොව පුරාත්,රට වටාත් යමින්,රටකට ජාතියකට නිදහස් නිවහල් මර බියෙන් තොර රටක් නිර්මාණය කිරීමට උරදුන් සේනාධිනායකයෙකු ප්‍රධාන එම පවුල් සංස්ථාව ඉලක්ක කරමින් පන්නා පන්නා පහර දෙමින් රට ජනයා නොමඟ යැවීමට උත්සහ කරනුයේ තමනුත් නොමඟම යන නිසාය.2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරටේ රාජ්‍ය නායකයා බවට පත් නොවීමට යුද්ධයෙන් ¾ අවසන් කලා කියමින් නන් දොඩවන මෙරටේ මෙම චන්ද්‍රිකාගේ අනෙක් ඇසටත් අබ සරණ වීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බව අතීතය මතක ඇති ඕනෑම කෙනෙකුට තේරෙන පරම සත්‍යයකි.මැයගේ පාලන කාලයේදී අවසන් කර ගැනීමට නොහැකි වූ යුද්ධය.යුද්ධය යුද්ධය කිය කිය නොසිට අන්තෙටම අවසන් කර දැමීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කලේය.එහෙයින් මැයගේ සිතේ රාජපක්ෂ පවුල පිළිබඳව පැහැදිලි ඊර්ෂියාවක් හා වෛරයක් කාලයේ ඇයෑමෙන් පැන නැගී අවසන්ය. එහෙයින් තම සිතේ පවතින එම වේදනාවෙන් මඳකට හෝ මිදීම සඳහා මේ චන්ද්‍රිකා කරනුයේ රාජපක්ෂ පවුලටම පහර පිට පහර දීමය.එහෙත් අවසානයේදී එම පහර වදිනුයේ තමාටම බව මෙම නොමඟ යන චන්ද්‍රිකා නොදන්නවා විය හැකිය.

  • Power

    “පසුගිය දශක 10ට සිදු වූ පිරිසිදුම ගනුදෙනුව මිග්-27 ගනුදෙනුවයි..”ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිග්-27 ප්‍රහාරක යනා ගනුදෙනුව පිළිබඳව 2007 වසරේදීත් සිදු කළ පැහැදිලි කිරීමක් මෙන්න..

    https://www.youtube.com/watch?v=QTQtXKl6AAE

  • Power

    චන්ද්‍රිකාට අමතක,අපට මතක,අතීතය…

    https://www.youtube.com/watch?v=bSgAv82dXJE

Leave a Reply