කොළඹට අති දැවැන්ත ජන ගංගාවක්. මෙන්න පින්තූර සහ වීඩියෝ

කිරිබත්ගොඩ සිට කොළඹ බලා පිටත් වූ ජන සටන පාද යාත්‍රාවට අති දැවැන්ත ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ මැතිඳුන් පෙරටු කරගනිමින් කිලෝමීටර් 7 ක් පමණ එක දිගට ජනතාව මෙම පාදයාත්‍රාවේ යෙදුණි.
කලාවැවේ දිය දෝතක් අතට ගෙන මේ මගේ වත්කම යැයි, එදවස ධාතුසේන නරනිඳු කාශ්‍යප පුතණුවන් ඉදිරියේ කිවූහ. අද පැමිණි මහ ජන ජන ගංගාව දෙසට සිය දෑත දිගු කර මේ මගේ වත්කම යැයි රාජපක්ෂ නරනිඳු ලෝකයා ඉදිරියේ හඬ ගා කිවූහ.

පාද යාත්‍රාවට එක් වූ සියලුම දේශමාමක ජනතාවට අපගේ ප්‍රනාමය පුද කරමු. රට බෙදන, ආර්ථිකය වනසන, ජනතාව පීඩාවට පත් කරන දූෂිත ආණ්ඩුව එලවා දමන පළමු වෙඩි මුරය මෙයයි.

පාද යාත්‍රාවේ අවසාන දිනයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවැත්වූ කථාව ඇතුළු ජන සටන පාද යාත්‍රාවේ ලබා ගත් වීඩියෝ කිහිපයක් පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to කොළඹට අති දැවැන්ත ජන ගංගාවක්. මෙන්න පින්තූර සහ වීඩියෝ

  • Cyber Devil

    ටොයියන්ට දාඩිය දාල ඇති, බොමුද සීතල වතුර වීදුරුවක්.

    යූඇන්පී පේජ් කරන සක්කිලින්ට ආපු ගාන ගණින්න අඩිරූල් පැන්සල් කවකටු හොයල දෙමු.

  • සිංහල භික්ෂුවක්

    පාද යාත්තරාව ඉතාම සාර්ථකයි රට ජාතිය අාගම වෙනුවෙන් එයට සහභාගිවූ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • Nilanthi Kaluarachchi

    මේ අපේ රටේ හද ගැස්මයි.මේ අපේ ජනතාවගේ ඉල්ලීමයි.මේ සිරි ලක් මවගේ අයැදුමයි.මහින්ද මැතිඳුනි යළි මගේ රට ගලවා දෙන්න.

  • shyam

    after a very long time to be precise after 08th January 2015,it is heartening and uplifting to see that our opportunistic society still has some right thinking citizens who genuinely care for the country! Pada Yathra 2016 is a scathing testament to the bankruptcy of the yahapalana administration whose mouth pieces were scoffing that there would not be much of a crowd! Tonight the upper echelons of power will be suffering from nightmares knowing that their days are numbered! This is a huge testament to who is really the leader in the patriotic hearts of right thinking citizens of this country! Yahapalana will definitely tighten the screws around the Rajapaksa clan as payback but it would not deter the patriots who will step up to the occasion just like they did these past couple of days to give a slap on the cheek to the incumbent western and indian aided government;the message is clear:-the true sons and daughters of the soil recognize a true patriot leader and will stand by him in times of adversity unlike the opportunists who betrayed him; a huge thank you for all the organizers of the event and to the patriotic citizens who are the real hero’s of this event (though their were some who came back after not getting what they expected from Yahapalanaya they too if they are genuine in their act are welcome) MR has shown once again that he is truly a leader in the hearts of the people!

  • Power

    පුස්වෙඩි වන් යමපාලන අභියෝග හා සටන් පාඨ ලත් තැනම ලොප් කරමින් මහා ජන සුනාමියකින් කොළඹ මෙස් වැසී ගියේ තවමත් අප මාතෘ භූමියේ සැබෑ පොදුජන නායකයා කවුරුන්දැයි රටටම හා ලොවටම නැවත නැවතත් පෙන්වා දෙමින්ය.එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලක්ෂ පනස් අටකට අධික මනාප ප්‍රමාණයක් ලැබුණේ කජු මඳ,කොස් ඇට වලින් නොවේය.එතුමා අප මාතෘ භූමිය වෙනුවෙන් කල අපමණ සේවය හා එඩිතර,නොසැලෙන රාජ්‍ය පාලනය අමතක නොකල සැබෑ කෘතගුණ දත් ජනතා මනාපයන් ජනතා දෑතින් ලැබුණේ යුගයක් එකළු කල,ජනදුක හඳුනන එඩිතර නායකයා එතුමාම වූ නිසාය.එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන් සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ මිත්‍රශීලීව සිටිමින්,සුක්ශම දේශපාලූ බළල් අත් සමඟ එකතුව ශ්‍රී ලංකා මාතෘ භූමිය අරාජික,අස්ථාවර කිරීමේ පාදම දැමූ පුද්ගලයා ලෙස නාමය මෛත්‍රී උවත් කිසිඳු මෛත්‍රීයක් නොමැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතිහාසයට එක් වී අවසන්ය.ඔහුගේ ප්‍රධානත්වයෙන් රටට දායාද වූ යහපාලනය නැමැති මායාව මායාවක්ම වෙමින් ඔහු සහ ඔහුගේ කල්ලිය සමඟ වියැකී යන දිනය වැඩි ඈතක නොවන බව අවිවාදාත්මකය.

    ශ්‍රී ලංකා මාතෘ භූමියේ දියසෙන් කුමරා වූ අප මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛව මහා ජන ගංඟාවක් සමඟ පෙරටම ඇදෙමින්,එම ජන ගංඟාව අවසානයේ ජන සුනාමියක් බවට පත් කිරීමේහිලා උර දුන් සියළුම දේශපාලන හෝ දේශපාලන නොවන සියළුම දේශමාමක බලවේගයන් හට මාගේ ප්‍රණාමය.

    උදාරතර ශ්‍රී ලංකා මාතෘ භූමියට ජයවේවා..!

  • හොඳ ලමයා

    “අද පැමිණි මහ ජන ගංගාව දෙසට සිය දෑත දිගු කර මේ මගේ වත්කම යැයි රාජපක්ෂ නරනිඳු ලෝකය ඉදිරියේ හඬගා කිවූහ”.
    – මෙය විසි එක් වන සියවසේ ශ්‍රේෂ්ඨ නායකයකු කල අභිමානවත් ප්‍රකාශයක්.

  • Bandula Ukwatta

    Massive march of PADAYATRA definitely will be the bench mark of downfall of UNP-SLFP colition, which was formed only against Mahinda hand in glove with American-Indian alliance against China.UNP-SLFP alliance (Hita fraction) is not based on national interest.Defeat of Mahinda follows not only national factors but also International factors associated with close contact with China.Indian attempts to destabilize Sri Lanka, economically & politically embodied in their long driven agenda. Last presidential election was a manifestation that all minority fractions, ethnically and religiously, came to one platform, with assistance of foreign and local NGOs, funded by Americans & Westerrners.In this regard India & Singapore played their International role, directed by America. In recent voting against Sri Lanka by India at Human Right Council, exemplifies their attitudes toward Sri Lanka and overtly expressed that was calculated error they made.To their vision, Sri Lanka leader must be moolycoddle to them as a Emporer of region. That was the one reson, why India opposed to mahinda.Now both pupets will do anything what they want.The massive crowed is human capital of Mahinda, earned in his tenor, not money.

  • RATA wenuwen

    එකම ලියක නො ලබු මේ යස ගෝසා,
    මහිම නිසා ඔබ ලොම් සිදුරක් පාසා,
    සැපම ඇතැයි සලකා ලෝවැසිහු මේ සා,
    ඔබම පතයි ඔබටම දක්වති ආසා.

  • Dinuu

    පළමුව දෙවෙනි තුන්වෙනුවද මව්බිමමයි..
    පැවසූ නිරිඳුනේ මේ රට ඔබෙ නමටයි..
    ‘පින්බිම රැක ගැන්ම ඒකායන පැතුමයි’..
    පා ගමනින් ගෙන ආ පනිවිඩය එයයි..!

    රට බෙදනා වියවස්තා ගෙනෙන්නට..
    ඉඩක් නොදෙමු අප මව්බිම කඩන්නට..
    අප රැකගත් රණවිරුවන් දඩයමට..
    යුධ අධිකරණ තහනම් පිටරැටියන්ට..!

    බදු බර පටවලා අසරණ වැසියන්ට..
    මැති ඇමතින්ට සුර සැප වැඩි කර ගන්ට..
    යමපල්ලන්ට නොහැකියි මින් ඉදිරියට..
    වැඩි කල් නොගොස් සිදුවෙයි ගෙදරම යන්ට..!

    අල්ලපු රටේ වහලුන් වී දණ නමලා..
    ‘එට්කා’ ගෙනත් රට බිලි දෙන්නට හිතලා..
    ගිවිසුම් ගහන්නට යන මේ යමපල්ලා..
    ගෙදරම යවන්නට මුලු රට සැරසීලා..!

    ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනා..
    මේකද යහපාලනේ ජනපති ගෙනෙනා..
    පිට්ටනි වල වලවල් හාරන බැවිනා..
    ජන හඬ පිටු දැක්ම ගැන පිලිතුරු ඕනා..!

    මාස ගණන් පුහුණුව ඇමෙරිකාවේ..
    සුපිරි ප්‍රජාතන්ත්‍රය මෙහි ගෙනාවේ..
    කියමින් නේද අගමැති පාරම් බෑවේ..
    පා ගමනකට වත් ඉඩ කෝ ලංකාවේ..!

    තහනම් නියෝගය ගන්නට පොලීසිය..
    තැන තැන අධිකරණ ඔස්සේ බඩ ගෑව..
    බැරිවිය වලකන්න මහ ජන ගංගාව..
    නැග එන ජන හඬට අද රට අත්පත්ව..!

  • Dinuu

    දැයේ අප්පච්චීටත්..
    පාද යාත්‍රාවේ අප සියලු දෙනා හා එක්වී..නොසැලෙන අභීත රණහඬක් මව්බිම වෙනුවෙන් නැඟූ සැබෑ දේශප්‍රේමීන් සැම දෙනාටම ජාතියේ උපහාර සහ ප්‍රණාමය සමඟ භක්ති පූර්වක ගෞරවණීය ස්තුතිය සෙනෙහසින් පිරි නමමු!

    යමපල්ලන්ගේ බටහිර පරගැති නින්දිත පාවා දීම් මැඬගෙන අපේ මාතෲ භූමිය ඒකාන්තයෙන්ම සුරැකෙන බව ඉර හඳ මෙන් විශ්වාසයි!

  • Dinuu

    ආශ්චර්යමත් පාද යාත්‍රාවේ මතක සටහන්!

    අපේ ආදරණීය මහින්ද මැතිඳු ඉතා ඉහලින්ම සාර්ථක වූ පාද යාත්‍රාවේ ‘මුදුන් මල්කඩ’ වූ බව අවිවාදයෙන් පිලි ගත හැක.
    අපේ විමල් වීරයා පාද යාත්‍රාවේ ‘මහා බලය’ විය. අවසන් රැලියේ වේගවත් කතාව පෙර රජ කල්හි රට රැක ගත් අභීත සෙන්පතියකු මේ අවදානම් යුගයෙන් ලංකා මාතාව මුදා ගැනීමට නැවත පැමිනි බව ස්තීර කරයි.
    විරුද්ධවාදීන් කොහොම කිව්වත්..නාමල් පාද යාත්‍රාවේ ගමන්ගත් සැබෑ දේශප්‍රේමීන්ගේ මෙන්ම මඟ දෙපස රොඳ බැඳගෙන පොර කකා රැස්වූ අහිංසක ජනතාවගේ ද… ඈත සිට සජීවී දර්ශන නැරඹූ දේශීය හා විදේශීය පාදයාත්‍රා රසිකයින් ගේ “ආදරණීය සුරතලා” බවට අනිවාර්යයෙන්ම පත් විය. නාමල් ගේ කතා බහ සහ සෑම ඉරියව්වක්ම ජනතාව ආදරෙන් වැළඳ ගත් බවක් කැපී පෙනෙන්ට තිබුනි. සමහරු අවිවාදයෙන් නාමල් තුලින් අප්පච්චී දුටුවා. අම්මලා පුතේ මේක අප්පච්චිට දෙන්න කියලා ලියුම් පවා දුන්නා. රාජපක්ස පවුලම ඔය ජනතා සෙනෙහස ලබන්න පෙර පින් ලැබූ අය. විරුද්ධවාදීන් ඒකට අකැමැති වුනාට කරන්න දෙයක් නැහැ.
    මද්දුම බන්ඩාර වීරයාගේ නව උපත බඳු පාද යාත්‍රාවට ජීවය ගෙනා පුංචි පුතා කාගේත් ආදරයට ලක් වුනා. ඔතරම් කුඩා වයසකදී රජ කුමරු ගේ කර පිටින් යමින් මුලු රටම පුදුම කරවමින් සටන් පාඨ කියූ පෙර පින් බොහෝ ඇති චූටි පුතාට සුබ අනාගතයක් පතමි.
    මහින්දානන්ද සංවිධාන ශක්තියේ බල මහිමය පෙන් වූ පාද යාත්‍රාවේ ‘කොඳු නාරටිය’ වූ අතර රෝහිත ජනතාව වසඟ කල ‘ආදරණීය හඬ’ විය.
    දිනේශ් පාද යාත්‍රාවේ ‘ශක්තිය’ විය. සමන්මලී බොරලුගොඩ සිංහයා ගේ පරම්පරාවට ‘සිරි දෙව් දුව’ කැන්දූ ලෙසක් දක්නට ලැබින.
    ප්‍රසන්න සියනෑ කෝරලයේ අපිට ‘අපේම කෙනෙක්’ විය. පවිත්‍රා මවක් මෙන් නාමල් රැක ගනු දැක ඇසට කඳුලු ආවා.
    උදයගේ සුපුරුදු ලෙස හදවතේ කැටපත බඳු සිනහව මට හැමවිටම දැනෙන්නේ ‘ලක්මව සුබ අනාගතයකට හිනැහෙන්නාක් මෙනි’.
    ජයවේ ජයවේ රාජපක්ස මැතිඳේ…ගීතය හරිම ලස්සනට ගායනා කල වැඩිහිටි තාත්තා මගේ සිත තදින්ම බැඳ ගත්තා.
    සැබෑ දේශප්‍රේමී සැමටම ජයවේවා!
    මාතෲ භූමියට ජයෙන් ජයම වේවා!
    (රට වෙනුවෙන්, සයුමි, දේශමාමක, සමරේ ඇතුලු දේශප්‍රේමී මිතුරනේ ඔබලාගේ අදහස් කොහොමද?)

    • sayumi

      පාද යාත්‍රාවට සහභාගී වූ අති විශාල ජන ගංගාව දැකලා හරිම සතුටුයි දිනූ ! හොරිකඩ ආණ්ඩුවට ඒ ගැන කොයි තරම් රිදිලද කියලා පේනවා. පාද යාත්‍රාව නිමවී දින 3ක් දැන් ගිහිල්ලත් තාම කියවන්නෙ ඒ ගැනමයි.
      අර කුඩා දරුවගෙ ආප්ප කතාව අල්ලගෙන, සිවිල් සංවිධාන කියලා නම් දාගත්තු, කටු කන සිමයියලා දෙතුන් දෙනෙක් දඟලන දැඟලිල්ල දැක්කම හිනා යනවා! කවුද මේ ආප්පයා කියන එකත් කියලාම ඔය පැමිනිල්ල දැම්මා නම් තමයි වැඩිය හොඳ !

  • RATA wenuwen

    නම්ව් පුදව් ජාතික කිරුළෙහි නමට,
    දමව් උණු කඳුලු කැට ලක් පොළොව පිට,
    යොමව් නුවන නිදහස හිමි වන තැනට,
    යමව් ජාති ආලය පෙරමුණෙහි කොට.

Leave a Reply