ආණ්ඩුවේ මර්දනයට යට නොවූ සමහර විනිශ්චයකාරවරුන් ට අපගේ ස්තුතිය.

ජනසටන පාද යාත්‍රාව කඩාකප්පල් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව බොහෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ලදී. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පොලිසිය ලවා ජනසටන තහනම් කිරීමට උසාවි ගණනාවකින්ම අධිකරණ නියෝග ගැනීමට උත්සාහ දැරීමයි. එහිදී සමහර විනිශ්චයකාරවරුන් විසින් ආණ්ඩුවේ දැඩි බලපෑම නොසලකාහරිමින් ස්වාධීන තීන්දු දුනි. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීතීඥයෙකු වන ප්‍රේමනාත් සී දොළවත්ත මහතා දක්වන අදහස් පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to ආණ්ඩුවේ මර්දනයට යට නොවූ සමහර විනිශ්චයකාරවරුන් ට අපගේ ස්තුතිය.

  • Dinuu

    දේශපාලන විරුද්ධ මතධාරීන්ට පන්න පන්නා අවහිර බාධක දමමින් තම බලය රැක ගැනීමට මාන බලන යමපල්ලන් ගේ මේ කුහක නින්දිත තක්කඩි දේශපාලනය දැඩි පිළිකුලින් හෙලා දකිමු! නීති විශාරදයකු වූ ඔබතුමාට ස්තුතියි මේ පැහැදිලි කිරීමට. සාධාරණ තීන්දු තීරණ ගත් මහේස්ත්‍රාත් වරුන්ට ජාතියේ ප්‍රණාමය! ජන සටනට ජය නියතයි!

  • Power

    “සාමන්‍යයෙන් කනත්තක් ලඟින් රෑට යනකොට මහ හයියෙන් සින්දු කිය කියා,කුණු හරුප කිය කියා යන පුරුද්දක් තිබේ.කනත්ත ලඟින් යනකොට එහෙම කෑ ගගහා යන්නෙ හිතේ තියන බය නැති කර ගන්නය.අද යහපාලන ආණ්ඩුව පාද යත්‍රාවට පස් පඩංගුවේ බනින්නෙ ගැමියන් කනත්ත ඉස්සරහින් යනකොට බය නැති කර ගන්ඩ කුණු හරුප කිය කියා යනවා වගේය.”

    http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/566.jpg

  • UNP ආණ්ඩුවක් පත්වූ සෑම කලකම කලේ විරුද්ධ දේශපාලන මතවාදින්ගෙන් පන්න පන්නා පලි ගැනීමයි. එම පලිගැනීමට හේතු අවශ්‍ය නොවූ අතර දේශපාලන විරුද්ධ මතදාරියෙක් වීම පමණක් ප්‍රමාණවත් විය. 77 නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තබා ආරම්භ කල UNP පාලනය එයින් නොනැවතී සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර දේශපාලන පිටියෙන් එළවා දමන ලද්දේ ලද්දේ ඇයට පාර්ලිමේන්තු ආසන 8 ක් පමණක් තිබු , 5/6 පාලන බලයක් තිබු UNP යට කිසිදු තර්ජනයක් නැති පසුබිමකය. එම නිසා UNP පාක්ෂිකයන්ගේ අසීමාන්තික වයිරය අප හොඳින් අවබෝධ කර ගත යුතුය. තමන්ට දේශපාලන තර්ජනයක් ඇතත් නැතත් විරුද්ද දේශපාලන මතදාරින්ගෙන් පන්න පන්නා පලි ගැනීම ඔවුන්ගේ චාරිත්‍රයකි. මහින්ද මහතා නැවත දේශපාලනයට නාවා නම් රාජපක්ෂ වරුන්ට වන මේ පලිගැනීම් සිදුනොවේ යයි කියන දේශපාලන මාන්දමිකයන්ගේ දැනගැනීමට මෙය දැක්වුයෙමු. වර්තමානයේ මහින්ද මහතා වෙත UNP මර්ධනයේ හස්තය මුලිමනින්ම දිගු නොවන්නේ එතුමා යලි දේශපාලනයට පැමිණ අතිවිශාල ජනපිරිසකගේ රැකවරණය ලබන නිසා පමණි. එසේ නොවුනා නම් ජඩ UNP ය දැනටමත් රාජපක්ෂ වරුන් සියල්ලන්ම මරා දමා අවසන් කොට තිබීමට ඉඩ තිබුණි.

    මට ඇති ප්‍රශ්නය මෙයයි. දශක ගණනාවක් තිස්සේ UNP ය සහ එහි පාක්ෂිකයන් මෙසේ තුච්ච , නීච , දේශ ද්‍රෝහී වයිරි දේශපාලනයක යෙදෙන නමුත් , පොදු පෙරමුණු ආණ්ඩුවක් යටතේ ඔවුන් සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් නිතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන්නේ ඇයි. චන්ද්‍රිකා රජය යටතේ රට විනාශ කල , මිනි මැරූ , නිතිය දුෂණය කල කිසිවෙකුටත් දඬුවම් ලැබීමක් සිදු නොවින. වර්තමානයේ UNP ය යටතේ සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් , නිතිය කැඩීම් , මහා පරිමාන දුෂණ වංචා වලට අනාගත රජයකදී වත් නිතිය හරිහැටි ක්‍රියාත්මක වේද ?

Leave a Reply