කුඩා දරුවෙක් ආප්පයා කීම ගැන අඬා වැටෙන එජාපෙ ජවිපෙ සාහසික ළමා අපචාර මෙන්න

[1]. ජනසටන පාද යාත්‍රාවට තම දෙමාපියන් සමග පැමිණි කුඩා දරුවෙකුද “අප්පච්චිට ජය වේවා” සහ “ආප්පයා අපට එපා” යනුවෙන් කෑ ගැසුවේය. ඒ ගැන පසුගිය දිනවලදී එජාප සහ අවාසනාවන්ත ලෙස එහි වෘත්තීය සමිතියක් බවට පත්ව ඇති ජවිපෙ දේශපාලඥයින් විසින් අතොරක් නැතිව කිඹුල් කඳුළු හෙළනු දක්නට ලැබුණි.

[2]. එහිදී “ආප්පයා” යැයි කීම හරහා අපහාසයක් සිදුවූයේ කාටදැයි එජාප ජවිපෙ කිසිවෙක් පැවසූවේ නැත. ඒ අනුව ඔවුන්ගේ චෝදනාව නීතිමය රාමුව තුළදී පුස්සක් බවට පත්ව ඇත.

[3]. අද වැදි බන දෙසන එජාපය සහ ජවිපෙ පසුගිය කාලයේ ළමයින්ව යොදාගෙන කළ කී දේවල් අදාල මූලශ්‍ර සමගින් පහතින් දක්වන්නෙමු. අප මෙම දරුවන්ගේ මුහුණු කළු කර දක්වන්නේ ජවිපෙට සහ එජාපෙට දරු කැක්කුමක් නැති වුවද අප ඔවුන් ගැන සිතන නිසයි.

[4]. පහත දැක්වෙන්නේ එවකට වැඩ බලන අධ්‍යාපන අමාත්‍යව සිටි විජිත් විජයමුණි සොයිසා අතින් පාසල් නිල ඇඳුම් බෙදීම ප්‍රමාද වූවා යැයි කියමින් ජවිපෙ විසින් කුඩා දරුවන්ව අඩ නිරුවත් කරමින් පාරේ ඇවිද්දවූ ආකාරයයි. [මූලාශ්‍රය මෙතනින්].

ඒ දරුවන්ගේ පාසල් බෑග් දෙස බැලීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ඒ දරුවන්ව අඩ නිරුවතින් පාසල් යවන්නට හේතුවක් නොමැති බව ඔබට පැහැදිළි වෙනු ඇත. එසේම එවකට වැඩ බලන අධ්‍යාපන අමාත්‍යව සිටි විජිත් විජයමුණි සොයිසා මැතිවරණයෙන් පැරදුණ පසුවත් අමාත්‍ය ධූරයක් දරද්දී, රතු අලි පැටියාට දැන්නම් ඔහු ගැන කිසිදු අවුලක් නැත.

[5]. රතු අලි පැටියා ඇස් දෙක නළලේ තියාගෙන පැවසූයේ හය හතර නොතේරෙන දරුවන්ට දේශපාලනයට අදාල කරගන්න එපා කියමිනි. එහෙත් ජවිපෙ වරාය වෘත්තීය සමිතියට මේ දරුවාව එක් කරගැනීම ගැන රතු අලි පැටියා පවසන්නේ මේ දරුවාත් වරායේ සේවකයෙක් බව ද? [මූලාශ්‍රය මෙතනින්]

[6]. පහත දැක්වෙන්නේ එජාපය විසින් පාසල් දරුවෙක්ව බෙල්ලෙන් එල්ලා ඇති ආකාරයයි. [මූලාශ්‍රය මෙතනින්]

එහි දක්වා ඇති චෝදනා සියල්ලම පදනම් විරහිතය. උදාහරණ ලෙස පසුගිය වර්ෂ වලදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්ධන මිල වැඩි වී ඉන්දියාවේ ජාතික ගුවන් සේවය පවා පාඩු ලැබීය. [විස්තර]

[7]. ඒ සියල්ලටම වඩා අමතක කළ නොහැකි අතීතයක් අපට තිබේ. 88/89 කාලයේ එජාපය විසින් බටලන්ද ආදී වධකාගාර වලට දමා ඇස් උගුල්ලා කන් වලට පරාල ඇණ ගසා පසුව ටයර් වල දමා අමු අමුවේ පුලුස්සා මරා දැමූ තරුණයින් 60000 කට අධික සංඛ්‍යාව අතර පාසල් සිසුන්ද දහස් සංඛ්‍යාවක් සිටියෝය. එවකට කැමරා ෆෝන් නොතිබුණ නිසා ඒවායේ පින්තූර එතරම් නොමැත. එවකට අධ්‍යාපන අමාත්‍යව සිටියේ වත්මන් අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to කුඩා දරුවෙක් ආප්පයා කීම ගැන අඬා වැටෙන එජාපෙ ජවිපෙ සාහසික ළමා අපචාර මෙන්න

  • Power

    ආප්ප කා තාච්චියේ පහරා රටක් ආපස්සට ඇඳ දැමූ උදවියට ආප්පයා නොකියා වෙන කුමක් කියන්නද..? එවැනි කතා එම උදවිය අසා ගන්නෙ එවැනි අයගේ අතීත ක්‍රියාපිළිවෙත් නිසාය.ඒ විතරක් නම් බැරිය. විශිෂ්ඨ වීර ක්‍රියාවක් කරා සේ ආප්පයට වසරක් සපිරෙන තැන පාසැලක් තුලදීම ආප්ප කෑ උදවිය මහත් උජාරුවෙන් ආප්පයේ පුරාජේරුව කියූ හැටි අපට නම් මතකය.(සාක්ශි මෙන්න.) එම නිසා “ආප්පයා මමයි” කියා එයාම ස්ව කැමැත්තෙන්ම කියා ගන්නවා නම්,අප ඇසිය යුත්තෙ තව මොන කතාද කියා පමණය.එම නිසා එදා එම කුඩා මලයා “ආප්පයා අපට එපා” කියා කීවේ ආප්පයාගේ තරම එම කුඩා මලයාටත් හොඳ හැටි දැනී අැති නිසා විය හැකිය.ඒ සිද්ධයට මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ කර ගනිමින්,යමපාලනය කෙතරම් සුද්ධවන්තයන් වන්නට හැදුවත් යහපාලනයට කිසිඳා සුද්ධවන්තයන් වන්නට බැරිය.මන්ද යහපාලනයේ ආරම්භ වූ ආකාරය කුඩා දරුවන් පවා හොඳ හැටි දැන් දන්නා නිසාය.

    • මොංගල් සමරේ

      සහෝදරවරුනි තිස්ස අත්තනායක මහතාගේ ලිපිය සැබෑ කරමින් මව්බිමට එරෙහිව අතුරුදහන් වුවන් පිළිබද පනත සම්මත විය

  • දේශමාමක

    අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
    අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!

    රූකඩෙක් පඹයෙක්ම වන්නේ
    පඹයෙක්ම රූකඩෙක් වන්නේ
    නැතිය එපමණටම ඇත්තේ
    රටට හෝමෙක් පමණි ඉන්නේ

    ඇහැක් නැතුවා කණක් ඇතුවා
    විනක් කටිනට අඟක් බැස්සා
    හුඟක් කල් වෙදකමුත් කෙරුවා
    ඒත් නැතිලුය හොඳක් අක්කා

    දහසකුත් අඟනුනුත් දුටුවා
    මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
    අඹරවන්නට එතෙක් දස්සා
    ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා

    අම්මා වික්කා අප්ප වික්කා
    පුරුෂයා අමුඅමුවේම වික්කා
    සුදු නෙළුම් කන තවලමේ බැඳි
    නොබැඳි මොං-ගල ඌත් වික්කා

    ඇස්ස රිස්සා දත් විරිත්තා
    ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
    මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
    කියන් නෝනා මමය ගැත්තා

    මඩට හුරුකම මගේ දස්කම
    වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
    දැන් ඉතින් කන්නේ පුවාලුය
    ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය

    දෙකකි හැටමය අමුම ගොන්නුය
    උන්ම කෑවේ මදිය කිය කිය
    සේන රඹ කැන කාපු උන්මය
    රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
    ඉතින් කට නැත ඉරුණු දුකටම
    උන්ට තලනට බූ වලිග මොට?

    තොපිට කිව්වා තොපි නෑහුවා
    තොපිම තොපිටම විනේ කැට්ටා
    උපන් දරුවා දෙකට බෙදුවා
    බොට අඩයි මට අඩයි ඇතුවා

    කලින් කිරි එරි හිරු අම්මලා
    කැකිරි පල පල විරිත්තෑවා
    දරු ඉපැද්දූ සෙනෙවි
    මහ පොළව යට සුසුම් ලෑවා

    දිනෙක යම් මතු ඉපදියම යුතු
    දෙරණ කොයි අත නොදැක සිටි යුතු
    තොප තරම් අනුවණවු ගුණමකු
    වැදූ මව්වුව කෙලෙසවනු සුලු
    දුරක් නොපෙනෙන නිවට ජාතිය
    තොප මෙ’දෙරණ’ත කුමට උපන ද?

  • දේශමාමක

    ඔන්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ මම ආයෙත් ආව.

    • RATA wenuwen

      සන්තෝශයි, ජයවේවා

    • Power

      දේශය වෙනුවෙන් “දේශමාමක”
      දිගු කලෙකින් පසු සහෘද ඔබව නැවතත් දැකීම මටත් සතුටක් මිත්‍රයා. 🙂
      ජය පතන්නෙමි.

    • Dinuu

      දේශමාමක, කලකට පසු පැමිනි ඔබට සුබපැතුම්!

    • sayumi

      හිතවත් දේශමාමක මිතුරා යලි දකින්න ලැබීම ලොකු සතුටක්.ජය වේවා !

  • Dinuu

    ගාලු නගරේ පුංචි පුතා මහින්ද රාජපක්ස මැතිඳුන්ට ජය පතා කියන ලස්සන විරිදු අහන්න…

    http://lankacnews.com/sinhala/news/146091/

    “ඔබ නොමැතිව ලක් මෑණිව බේර ගන්න කෙනෙක් නැතිය..
    ඔබ හැර මේ ලංකාවට වෙනත් රජෙක් වැඩක් නැතිය..
    අදටත් ඔබමයි ජනපති හෙටත් ඔබම වේ ජනපති..
    අපගේ දිවි තිබෙන තුරා ඔබට තමයි රටම කැමති..!

    හැමදාමත් ජනපති වී ලක් මෑණිව බේරගන්න..
    තිස්තුන් කෝටියක් දෙවියො ඔබතුමාට වරම් දෙන්න..!”

    • sayumi

      “ඔබ පියෙක්ය ලක් මෑණිට පෑ කරුණා ගුණය රැඳුන
      රජ කෙනෙක්ය ඔබ මැතිඳුනි රනින් සැමගේ හිතේ ඇඳුන
      හැමදාමත් ජනපති වී අපේ ලක් මව බේරගන්න
      තිස්තුන්කෝටියක් දෙවියො ඔබතුමාට වරම් දෙන්න

      අපේ රටට වාසනාව ආලෝකය දුන්න පියා
      බුදුන් වඳින දෑතින් මම වඳීනෙමි අත් නළලේ තියා ”

      ඔබ වාගේම පුංචි පුතේ ලංකාවම එකතු වෙලා
      මල් තියන්නේ අපි බුදුන්ට එතුමාට ජය එන්න කියා
      ——————————————————————-
      හරිම ලස්සනයි දිනූ, මේ පුංචි පුතා අපේ මහින්ද මැතිඳුන්ට කියන මේ ලස්සන විරිදු පෙළ මෙහි පල කලාට ඔබට බොහොම තුති.

  • Dinuu

    පාද යාත්‍රාවේ තරුවක් බවට පත්වූ සිඟිත්තා අපිට වඩා එයාට අයිති දිගු අනාගතය වෙනුවෙන් ඉදිරිපත් වුනේ. දේශපාලන විරුද්ධවාදීන් වඩාත්ම ඒ දරුවා විවේචනය කරමින් කියපු කතන්දර වලින් ඔප්පු වෙනවා ඒ දරුවාගේ ඉදිරිපත් වීම ඉතාම සාර්ථක ප්‍රථිපල ලබා දුන් බව.

    යමපල්ලන් මව්බිම බටහිරට සහ ඉන්දියානුවන්ට පාවා දෙමින්… තම බලය තහවුරු කරගන්නත්…. තම වරප්‍රසාද හා තාන්න මාන්න රැකගන්නත්…. මේ අඳුරු කරන්නේ… ඒ දරුවා නියෝජනය කරන අපේ ආදරණීය දරු සිඟිත්තන්ට උරුම ලස්සන අනාගතයයි.

    මට නම් පෞද්ගලිකව ඒ චූටි පුතා තවත් මද්දුම බන්ඩාර උපතක් ලෙසයි පෙනෙන්නේ. චූටි පුතාට සුබ අනාගතයක් හදවතින්ම පතමි.

  • sayumi

    ආප්ප විරිඳු
    ——————-
    රට මක බෑ උනත් මොකද – මට ජනපති පුටුව බදා
    ඉන්න ඇතොත් හොඳටම ඇති- ජහමනයාට කොකා පපා

    කිව්වට ‘රට වෙනුවෙන්’ මම – ආප්ප කා පැන්නෙ කියා
    රට කියන්නෙ මට සහ මගෙ- පවුලට දැනගනිව් හොඳා

    ‘වැට් එක ෆ්ලැට් කරවමි’- රට ඉදිරියෙ පා සිංහ කතා
    cat වගෙ හොර; vat පනතට – චන්දෙ දෙන්න හිටියෙ බලා

    ‘ඉට්කා’ රට වනසන මොන – පනත ගෙනාවත් පොනිලා
    අත් උස්සව් තොපිට මොකද – මම ජනපති නං සැමදා

    ඉටු කරදෙමි ආසාවෙන් – දුන් පොරොන්දු විජය කලා
    ෆෙඩරල් දෙන නීති ගෙනෙමි – සිංහලයාට බෙදලා පලා

    නලංපොරුවෙ ගල්විහාරෙ – රන් සිවුරක් පුදලා එදා
    පණත් තියෙනකන් පැතුවෙමි – මේ සැම ඉටු වෙන්න කියා

    හොරිකඩයින්
    —————–
    අනේ සාදු අපට හොඳා – සැපෙන් සිටිය හැකිය සදා
    හිටං තුමනි ඉතින් පතමු – සදහට ඔබ වෙන්න දිගා

    • Dinuu

      සයුමි, ආප්ප විරිඳු හරි ලස්සනයි. තරහ ගියාම වඩාත් හොඳින් කවි, විරිඳු ලියැවෙනවා නේද? දැන් ඉතින් අපේ රට බේරූ අපේම වීරෝධාර රණවිරුවන් අනතුරේ දමන්න බලෙන්ම සම්මත කරගත් අතුරුදහන් වූවන් ගෙ පනත ගැනත් ඔබ මා ඇතුලු ලක්ශ ගානක් හෘද සාක්ශියක් ඇති මේ රටේ ජනතාව අද ඉන්නේ පුදුම තරහකින් සහ නොසන්සුන් කමකින් නේ? ඉතින් ඒ ගැනත් ලියන්න කවි ,විරිඳු කියවන අයගෙ හිතට තදින් කා වැදෙන්නම. ඇත්තටම මොකක්ද සයුමි මේ රනිල්-සිරිසේන-චන්ද්‍රිකා ත්‍රිත්වය මවබිම කොතනටද මේ ඇදගෙන යන්නෙ? තව කොච්චර කල් රටට සැබවින්ම ආදරේ ජනතාව විස්සෝප වෙවී මේවා දිහා බලා ඉන්නද?

      • RATA wenuwen

        ආප්පයාගේ බිත්තරේ -මැදට වැටිලා කරදරේ
        ජෙප්පෝ ඒක ලෙවකකා- තලු මරනවා කලුවරේ
        තලු මරනවා කලුවරේ.
        පත්තරෙන්ලු දකින්නේ- මොලයක් නැත පෙනෙන්නේ,
        කොල ජන්ගිය මරුවට- රෙදි අස්සෙන් දකින්නේ
        රෙදි අස්සෙන් දකින්නෙ
        ජෙප්පාගේ බෝලය – කරු අය්යා රකින්නේ,
        රඹුටන් ඇට දෙක සොයා-විජිත මුනියා නැහෙන්නේ,
        විජිත මුනියා නැහෙන්නේ.
        ලියන්න නම් බොහෝ ඇතෙයි- ඉදිරියේදි මතුවෙනවා,
        දැනට මෙයින් නතරවෙලා- පත්තරේම කියවනවා
        මගේ මොලෙත් අන්චකොරොස්–පත්තරෙම කියවනවා

      • sayumi

        ඔබ හරියටම හරි දිනූ සොයුරිය. මේ විරිඳු ලියනකොට මටත් දැනුනේ ඕකමයි, තරහෙන් ලිව්ව නිසා හරිම පහසුවෙන් ලියවුනා !
        ටික දවසකින් අද තමයි එන්න ලැබුනේ. මටත් තේරෙන් නෑ දිනූ මේ පිස්සු හුටන් ජෝඩුව අපේ රට මොන විපතකටද මේ ඇදගෙන යන්නෙ කියලා. කොහොම උනත් අධෛර්යමත් නොවී කල හැකි හැමදේ කරමු. විශේෂයෙන් අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රට ගැන ආදරයක් කැක්කුමක් ඇති, අද දේවත්වයෙන් පිදුම් ලබන අපේ පෙර හෙළ රජදරුවන්ට (කතරගම, ශ්‍රී සුමන සමන්, උපුලදිස හෙවත් උපුල්වන් දැඩිමුණ්ඩ,දුටුගැමුණු වැනි දිව්‍ය රාජයින් වහන්සේලාට )හැකි සැමවිට පිං අනුමෝදන් කර පිහිට පතා බලමු.

        හිතවත් රට වෙනුවෙන් සොයුර, බොහොම සතුටෙන් ඔබේ විරිදුත් රස වින්දා ඔන්න !

  • RATA wenuwen

    සයුමි! ඔන්න මෙගෙනුත් තවත් පද කීපයක්.
    හිටන් කුමරු මෙහෙ අහන්න- අපේ මැතිඳුගේ ගුණ අහන්න
    කොරියාවේ අපෙ සගයන්- ජය නැන්වූ හැටි බලන්න.
    ඔබ පතියා වුනාට මදි- මොලයක් නැතිකම පේනවා,
    පත්තරේම නැතිව ගියොත්- ඔබේ මොලේ පුස් හැදෙනවා.
    මහින්ද මහාතා රවටපු -හොරු රැළ දැන් ඔබ වටේනෙ,
    උඩගෙඩි දෙනවා ඔබහට– යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ.

  • Dinuu

    මට නම් පැහැදිලිවම ඒ දෙන්නා වෙන වෙනම චරිත දෙකක්. අනික එහෙම අපිව රවටලා මොන ලාභයක් ලබන්නද? ඒ දෙන්නම රට වෙනුවෙන් අවංකව ඉදිරිපත් වෙනවා සමාජ ජාලා තුල. ජය පතමි!

Leave a Reply