මහින්ද මැතිඳුන්ව හමුවීමට කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් පැමිණෙයි…

දකුණු කොරියාවේ සෝල් නුවරට මහින්ද රාජපක්ෂ මැතිඳුන් අද දින සපැමිණියේය. එහිදී මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවක් පැවැතුණි. ඊට කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සම්බන්ධ විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම් වලට එන අති විශාල සෙනග කන්දරාව දැකීමෙන් උරණ වන එජාප ජවිපෙ සමහරුන් විසින් එතුමාට අවසානයේදී කරන චෝදනාව වන්නේ, එලෙස සෙනග පැමිණෙන්නේ බත් පැකට් එකට සහ අරක්කු බෝතලයට බවයි.

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යනු එලෙස අයවලුන් නොවන අතර, විදෙස් රටක වෙලත් මෙලෙස පැමිණි ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට වත්මන් දේශපාලනයේ ඇති ප්‍රමුඛස්ථානය මැනැවින් පෙන්වා දී ඇත.

මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට විදෙස් රටවල කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවා ඇති ඉරණම පැහැදිළි කරන ඔවුන්ගේ මෑතදී පැවති රැස්වීම් 2 ක පින්තූර පහතින් පළ කරන්නෙමු.

ජන සටන පාද යාත්‍රාවට ප්‍රතිචාරයක් ලෙසට කුරුණෑගල පැවති එජාප රැළිය.


ජන සටන පාද යාත්‍රාවට ප්‍රතිචාරයක් ලෙසට එදිනම පන්නල නගරයේ පැවැති ජවිපෙ රැළිය
තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහින්ද මැතිඳුන්ව හමුවීමට කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් පැමිණෙයි…

  • Power

    බත් කන අයට බත් කන්ඩයි,අරක්කු බොන අයට අරක්කු බොන්ඩයි වෙලාවක් ඇත.එහෙත් තම ගෞරවනීය නායකයාණන් හමුවීමට වෙලාවක් නැත.එම නිසා ලැබුණු වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්,සිංහ ධඡ අතැතිව මෙසා විශාල ජනකායක් එක්රොක් වී තිබෙන්නෙ තම මාතෘ භූමිය එකළු කළ තම සදාදරණීය නායකයාණන් සැබෑ ලෙසම දෑස් දෙකෙන්ම දැක බලා ගැනීමටය.මෙය දකින සමහරුන්ගේ ඇස්වල කටු ඇණෙන බව සැබෑය.එහෙත් සැබෑව මෙයය.එහෙයින් රටට,හදවතට දැනෙන අයුරින් වැඩක් කළ ශ්‍රේෂ්ඨ නායකයෙකු වටා එක්රොක් වන සැබෑ ජනතා බලය මැඩලීමට බත්-අරක්කු මඩ වලින් බැරිය.

  • Power

    මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු කොරියාවට සම්ප්‍රාප්පත වනබව දැන්වීම සඳහා එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් මීට දින කිහිපයකට පෙර අතුව එතුමා පිළිබඳව විරිදුවකින් කියූ හැටි මෙන්න..

    අතිගරු ජනපති මහින්ද කොරියාවට එනවා ඔන්න..

  • Dinuu

    අප්පච්චී..අප්පච්චී…ඔබයි රටට අප්පච්චී…
    ආසිරී…ආසිරී…පතමු දිගාසිරී…!

    අපේ ආදරණීය මහින්ද මැතිඳුන්ට කොරියාවෙන් ලැබුනු උණුසුම් පිලිගැනීම් වලට මා දෙනෙතින් නැඟි සතුටු කඳුලු අතරින් ලියන්නේ. එතුමා යන යන තැන මෙවැනි ගරු නම්බු හරසර ලැබෙන්නේ මව්බිමට කල අපරිමිත මෙහෙවරට කළ ගුණ සැලකීමක් ලෙසටයි. පිරිවර ලැබීමට සහ ජනතා ආදරය නොඅඩුව ලැබීමට එතුමා සසරේ බොහෝ පින් කල කෙනක්. එතුමා දකින විට “ඔබ දැකුමෙන් අප පින් කල බව දැනුනේ” යන හැගීම හැම දෙනාගේම සිත් තුල නිතැතින්ම පහල වේ!

  • Singha

    අයියෝ, අර බලන්නකෝ…. කුරුණෑගල සහ පන්නල රැස්වීම් වලට දශ ලක්ෂයක් (කුඹි) රැස්වෙද්දී කොරියාවේදී මහින්දව බලන්න විසි පහක්වත් නැහැනේ (මම හෙලිකොප්ටරෙන් දැක්කේ) !

  • RATA wenuwen

    උඩින් අහස් කුසත්
    යටින් සුළන් ලොවත්
    මෙ දැ තුරේ දිනූ -උතුම් වූ ජාතියක්
    සින්හලුන් මිසක්- කව්ද ලෝකයේ
    සිතව බලව් සොයව්- ඇතොත් තවත් කියව්

Leave a Reply