මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කොරියානු සංචාරය ඇරඹෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ව හමුවී දේශනයක් පැවැත්වීම සඳහා ඉන්චෝන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තයට එරට වේලාවෙන්ප ස්වරු 04:45 ට පමණ පැමිණියේය. කොරියානු ගුවන්තොටුපොළේදී ඒ මහතාව එහි බලධාරීන් විසින් පිළිගත්තෝය.

එම ගුවන්තුටුපොළ පරිශ්‍රයට සෑම අයෙකුටම පිවිසීමට නොහැකි අතර, මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගැනීමේ නිල උත්සවය නුදුරේදී පැවැත්වීමට නියමිත ය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කොරියානු සංචාරය ඇරඹෙයි

  • Power

    “හරියට නිකං කොරියාව වගේය..” එදා කොරියාවේ තිබූ අප්‍රසන්න භාවයට ශ්‍රී ලාංකිකයන් සවුත්තුව දමා ඇත්තෙ එලෙසය.එහෙත් කොරියාවට සවුත්තුව දැමූ ශ්‍රී ලාංකිකයන්ගේ කට රුවිතෙට යන අයුරින් ප්‍රබල,ශක්තිමත් රටක් බවට කොරියාව අද පත්ව ඇත.ශ්‍රී ලාංකික ජනතාව විශාල වශයෙන් රැදී සිටින රටක් බවට කොරියාව වර්තමානය වන විට පත් ව තිබෙන්නෙත් එරට තුළ ඇති අස්ථීර නොවන ස්ථීරභාවය නිසාය.රටක් ජාතියක් ලෙස එකාවන්ව නැඟී සිටිමින් දියුණුවේ හිනිපෙත්ත කරා ගමන් කරමින් සිටින කොරියාව බහුවිද ක්ෂ්‍රේයෙන් පෙරමුණ ගෙන තිබෙන්නෙ එරට ජනතාව සතුව ඇති අති මහත් කැපවීම් මතය.රටක් ජාතියක් ලෙස අගාධයට යමින්,වැසිකිළි වලක් සේ දුර්ගන්ධය හමමින් ජරාජීර්ණ තත්ත්වය පත් වී තිබූ රටක් ශක්තිමත් පිටකොඳු බිඳ නොගත් පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමේ මුලසුන හෙබ වූ අප ශ්‍රේෂ්ඨ නායකයාගේ කොරියානු සංචාරය අති සාර්ථක වේවා යන්න අපගේ ඒකායන පැතුමයි.එලෙසම යමපාලන දේශපාලූවන් අප රටට සිදු කරන අහිතකර බලපෑම පිළිබඳව කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනයාට මනා අවබෝධයක් ලබා දීමට ඔබතුමා ප්‍රමුඛ දූත පිරිස කටයුතු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.

  • Dinuu

    දැයේ අප්පච්චී යන යන තැන හිරු මෙන් බබලනා මහා පුණ්‍ය ශක්තියක් බල මහිමයක් ඇති කෙනෙක්. ජනතාව ‘අපේ මහ රජු’ කියලා හරිම ආඩම්බරෙන් සෙනෙහසින් කඳුලු පිරි දෙනෙතින් තවමත් අමතන හැටි ආශ්චර්යමත් පාද යාත්‍රාවේදීත් අපි දැක්කා. ඔබතුමාට තෙරුවන් ගුණ බලයෙන් තිස්තුන් කෝටියක් දෙව් මහ රජු අනුහසින් ආයු, වර්ණ, සැප, බල සහ ප්‍රඥා දිනෙන් දින වැඩිවේවා!

  • Power

    “ආයූබෝවන්”..”සිරි ලංකාවට ජයවේවා”..යුගයක් එකළු කළ දැයේ සැබෑ නායකයාණන් කොරියාවේදී පිළිගත් හැටි මෙන්න.

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා..!

  • RATA wenuwen

    මල් පිපෙන පොකුණුද,
    කඳු ඟන් කැලෑ කුඹුරුද,
    වතු පිටි මිණි මුතුද,
    තිබේ මගෙ රට කාට දෙවෙනිද.

    • Dinuu

      රට වෙනුවෙන් සබඳ
      මව්බිම ජය පතා අද
      ඔබ පෙනී සිටි සඳ
      දිනූ ගෙන් ලියැවුනේ ගී පද..!

      අපේ රජිඳුන් අද
      කොරියානු ආසිරි මැද
      බැබලෙමින් සිටි සඳ
      සතුට උතුරා ගියා මා හද..!

  • RATA wenuwen

    සොඳුරු හදවතක් මාදුටු මිනිහා ඔබයි,
    අඳුරු ලොවක් නිමකල ඔබ හරිම අගෙයි,
    රුදුරු වනේ සිටිනා ඉත්තැවැ නොවෙයි,
    නපුරු ගතිය පෙන්වා පඹ ‘පතියා’ වැනෙයි

    මහින්ඳ මැතිතුමණි! ඔබ සුවඳවත් බව කොරියන් ජනතාවගෙ හැඟුම් බර මුහුණුවලින්
    දර්ශනය වෙනවා කොතරම් අගේද!

  • Dinuu

    ICAO ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සoවිධානය මත්තල ගුවන් තොටුපොළේ අගය කියයි..LankaCnews

    ශ්‍රීලංකා වැනි රටකට දෙවෙනි ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍ය බව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිරීක්ෂණය කරනු ලැබූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සoවිධානයේ(ICAO) සභාපති ඔලම්යුවා බර්නාඩ් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශ කලේය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල මහතා සමඟ එම අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාවේදී මෙම ගුවන් තොටුපොළ ශ්‍රීලංකාවට වාසිදායක වන අකාරයට දියුණු කිරීමට අවශ්‍ය යෝජනා ලබාදීමට ඔහුන් එකඟවූ අතර ශ්‍රීලංකාවේ ගුවන් සේවා සේවාවේ දියුණුව දකුණු ආසියානු අනිත් රටවල් සමඟ සසදන විට ඉතා ඉහළ තත්වයක පවතින බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සoවිධානයේ (ICAO) සභාපති තවදුරත් පැවසීය.
    පොදු මිනිහා says:
    August 7, 2016 at 11:38 am
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතා දුර දක්නා නුවනින් අපේ රට දියුණුකලා, තිස් වසරක් අති බිහිසුණු යුද්ධය නිමාකොට මව්බිමට සැබෑ සාමය ගෙනත් දුනනා, අධිවේග මාර්ග හැදුවා වරාය හැදුවා විදුලිබලාගාර හැදුවා පොහොර සහනාධාර ගොවියාට ලබාදුන්නා, කරන්න පුලුවන් හැමදෙයක්ම පොදු මහ ජනතාව වෙනුවෙන් කලා, ඒත් මේ මහා පාපතරයෝ බොරු බේගල් ඇදබලා එතුමා පැරද්දුවා,
    ඇත්තටම එතුමා නෙවී පැරදුනේ , පැරදුනේ අපේ මව්බිමයි අහිංසක පොදු ජනතාවයි,
    මෛත්‍රීපාල සිරිසේන රනිල් ඇතුළු මේ හොර නඩය අපේ අනාගතය විනාශ කලා උන්ගේ පුද්ගලික උවමනාවන්වලට , මුන්ට සාප්වේවා,

Leave a Reply