මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.

[1]. ජනාධිපති බවට පත් වූ අලුත මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයෙන් සිදුවූවා යැයි කියන අල්ලස් සහ දූෂණයට එරෙහිව කතා කළේ මෙලෙසය. එසේ කීවේ මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැගූ මහින්දෝදය විද්‍යාගාරයේ නම වෙනස් කර තමාගේ නම ගසා ගනිමින් විවෘත කරන ගමන් ය.

 

[2]. ඉන් අනතුරුව පසුගිය කාලයම ගත කළේ “බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම” යනුවෙන් ආයතනයක් පිහිටවා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මාස්පතා ඊට කැඳවමිනි. වත්මන් ජනාධිපතිවරයා විසින්ම මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ චරිතය ඝාතනය කිරීම සඳහා එම නම යොදා ආයතනයක් ඇරඹුවද කිසිදු බරපතල තියා සුළු හෝ වංචා දූෂණයක් හමු නොවුණි. ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් පමණක් නොව දක්ෂ නීතීඥයෙක්ද වන මහින්ද රාජපක්ෂ මැතිඳුන් එම කොමිසමට ගොස් තම නිර්දෝශී භාවය ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වන ලදී.

Hon. Mahinda Rajapaksa (Former President, MP and Attorney-At-Law). Source: lankadeepa.lk

 

[3]. අවසානයේදී වත්මන් ජනාධිපතිවරයාගේ අතවැසි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පිළිගැනීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුකර නොමැති බවයි.

 

[4]. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් “බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම” හැදූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කර්මය දිට්ඨධම්මවේදනීයව පරිසන් දී ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත. [ මූලාශ‍්‍ර – 01 02 ]

ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති මෙන් ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු පුවත්පත හෙළි කර සිටින්නේ ය. අදාළ වේලි ව්‍යාපෘථිය ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි කිරීමට නියමිත වූ අතර කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නම් තමන්ට ආධාරයක් කරන ලෙස සිරිසේන මහතා හා ඔහුගේ සම්බන්ධීකරන නිලධාරියා විසින් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් ඉල්ලා තිබේ. Snowy mountains නම් මෙම සමාගමේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරුවා සිය ඔස්ට්‍රේලියානු සමාගම් නිලධාරීන්ට ලියා දන්වා ඇත්තේ තමන් සිරිසේන මහතා හමු වූ බවත් එහි දී ඔහු පාලක පක්‍ෂයේ ලේකම්වරයා ලෙස රජයේ බලපෑම්කාරී චරිතයක් වන නිසා ඔහු විසින් ඉල්ලා සිටින මුදල ලබා දීම හරහා ඉදිරියේ දී ද මෙවැනි කොන්ත්‍රාත්තු ලබා ගැනීමට එය උපකාරි වනු ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සිරිසේන මහතා විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවන ලෙස උපදෙස් දුන් බවත් කළමනාකාර තැන සිය ලිපියෙන් කියා සිටින්නේ ය. සමාගම විසින් ඔහුට ගෙවන මුදලේ ප්‍රමාණය හෝ එහි ප්‍රතිශතය සිරිසේන මහතා විසින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ තමන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු සිය මව් සමාගෙමෙන් ඉල්ලා සිටින්නේ ය. ඒ අනුව, රුපියල් මිලියන දෙක හමාරක මුදලත් අල්ලසක් සිරිසේන මහතාට ගෙවූ බව ද සමාගමේ ගිණුම් විස්තර හෙළි කර සිටින්නේ ය. [පරිවර්තනය: මහින්ද පතිරණ මහතා]

පසුගිය සතියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන රැලියක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව පක්‍ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කළහොත් ඔහුගේ රහස් හෙළි කොට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.

 

[5]. එම වාර්තාවල දැක්වෙන පරිදි ඕස්ට්‍රේලියානු ෆෙඩර්ල් පොලිසිය විසින් මෙම පරීක්ෂණ පවත්වයි. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු උසාවියෙන් වරදකරු වුවහොත්, දූෂණය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ විදෙස් රටකින් දඬුවම් ලබන පළමු ජනාධිපතිවරයා බවට පත් වෙනු ඇත. නමුත් එසේ සිදු නොවේවායි අප පතන්නේ රටේ අභිමානය අපට වඩාත් වටින නිසයි.

දසක 3 ක ලේ ගංගා නවතා දමා, කඳුළින් පිරී සිටි ලක් මවට සිනහව එක් කරමින් දැවැන්ත සංවර්ධන යුගයක් කරා රට මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවට මඩ ගැසූ අයගෙන් අපට දැන් ඇසීමට ඇත්තේ “ඔබට දැන් සතුටුද?” යනුවෙනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

23 comments to මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.

  • කැපුවත් කොළ

    මම මේ බැලුවා බයියො කාලෙකට පස්සෙ ආයිත් උම්බෑ කියන්නෙ මොකද කියලා. අල්ලස් ගන්න එක ලෝකේ හැම දේශපාලඥයාටම වගේ තියෙන චෝදනාවක්. ඉතින් ඕක මහ දෙයක් නෙමෙයි. අතිගරු ජනාදිපති මයිත්‍රිපල තුමා ඔය දේ කරල තිබුනත් ඉතින් මොකෝ? එතුමගෙන් වුන සේවය ඔයිට වඩා වැඩි නැද්ද? මහින්දව ගෙදර යවපු එකම මදිද? බයියො කොච්චර කෑ ගැහුවත් ආයිත් නම් මහින්දට එන්න දෙන්නෙ නෑ නෑ නෑ නෑමයි

    • මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තමුන්නාන්සෙල ගෙදර යැව්වේ එතුමාට එරෙහිව හොරා හොරා කියමින් අල්ලස් දුෂණ චෝදනා එල්ල කරලනේ.

      දැන් එජාපෙ රාජිත සේනාරත්න වගේ අය පවා පිළිගන්නවානෙ මහින්ද හොරකම් කරල නෑ කියලා.

      එතකොට තමුන්නාන්සෙ කියනවා මෛත්‍රීපාල හොරකම් කලත් කමක් නෑ, මහින්දව ගෙදර යවපු එක ඇති කියලා.

      එතකොට හොරකම් නොකරපු මහින්දව ගෙදර යවලා තමුන්නාන්සෙ කියන පරිදි හොරකම් කරපු කෙනෙක් වුණත් බලයට ආවට කමක් නැද්ද?

      තමුන්නාන්සෙට අනුව වැදගත් වෙන්නෙ හොරකම් නැති කිරීමට වඩා මහින්දව එලවපු එක ද?

  • Malith Dissanayake

    මේ ලිපිය අැත්තක්ද? අැත්ත නම් කියන්න තියෙන්නේ කල කම් පලදුන්නා කියල තමා. මෙතනදි මම අැඩ්මින් සමඟ එකඟ වෙනවා. කවුරැ කලත් මින් පහර එල්ල වෙන්නේ රටේ අභිමානයට.

    • මෙය “සිඩ්නි මෝනිං හෙරල්ඩ්” නැමැති ජනප්‍රිය ඕස්ට්‍රේලියානු පුවත් වෙබ් අඩවියෙන් වාර්තා කර තිබෙනවා. http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

      එම වෙබ් අඩවියේ ජනප්‍රියත්වය විශ්වාස නොමැතිනම් ඇලෙක්සා රෑන්ක් එක බලන්න. ඕස්ට්‍රේලියාවේ 30 වෙනියට ජනප්‍රියම වෙබ් අඩවිය එයයි. http://www.alexa.com/siteinfo/smh.com.au

      ඒ වගේම ලෝකයේ 1745 වෙනියට ජනප්‍රියම වෙබ් අඩවියත් එයයි.

      බටහිර වෙබ් අඩවියක් විසින් බටහිරින් පත් කළ නායකයෙක්ට දූෂණ චෝදනා එල්ල කිරීම මත මෙහි සත්‍ය බව ගැන තවත් සැකයක් ඇති වෙන්නේ නෑ.

  • Nisan

    kapwth kola kiyana aka adumasen epadunaakeda koheda rookada m3 rs1500 kade yana akekda koheda.jathiyak jammayak nathiun.

  • asanka

    API oya tika kiuwa… Loka gaurawayata pathra unu Jana nayakainta apahasa kara na epa.. Meka budun wediya ratak… Weradi kala eunta danduwam hamba wenawamaiye… Den munta kade giya eun utthara deepanko….

  • Dinuu

    නිකම් නෙවෙයි එහෙනම් ජනපති මේ තිරුපති කෝවිලේ දුවන්නෙ හිමිදිරි පාන්දර. තම කිල්ලෝටෙ තියෙන හුණු ප්‍රමාණය ගැන හොඳින්ම දන්නේ තමුන්මනේ.

    කරමින් හැම අවැඩ ජාතියෙ අවනඩුවේ..
    තිරුපති දෙවිඳුන්ට කිව්වට පල නැතිවේ..
    ජනයා අහිමි ජනපති තනියෙන් ලත වේ..
    කළ කම් පල දෙන්න මොහොතත් ලං ලං වේ..!

    (එඩිටර් තුමනි, මේ කරුණු සොයා දුන් ඔබටත් අප හිතවත් මහින්ද පතිරණ මැතිතුමාටත් තුති!)
    (සයුමි, ඔබ කොහිද?)

    • sayumi

      යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
      -යමෙක්, වැරදි නොකරන මිනිසාට වැරදිකරයිද –
      සුද්ධස්ස පොසස්ස අනංගණස්ස
      – එනම්, වරදක් නැති පිරිසිඳු අහිංසක අයෙකුට; –
      තමෙව බාලං පච්චෙති පාපං
      -එම බාලයා (මෝඩයා ) කරාම විපත පැමිණෙයි –
      සුඛුමො රජො පටිචාතංච ඛිත්තෝ
      -උඩු සුලඟට දැමූ සියුම් දූවිල්ල සේ.

      කල කල දේ පල පල දේ කියන්නේ ඕවට තමයි. තමන්ගේ බල ලෝබය වෙනුවෙන් අපේ මහින්ද මැතිඳුන්ට නිරපරාදේ මහපොළොව නුහුලන චෝදනා එල්ල කල සිරිසේන ගොයියාට හොඳම වැඩේ. රටේ නම්බුව පැත්තක තියලා මම නම් ඒ ගැන බොහොම සතුටු වෙනවා එඩිටර් තුමා. මොකද දැන් බින්දුවටම බස්සලා තියෙන රටේ නම්බුව කවදා හරි දවසක යලි ඇතිකරගන්න වෙන්නේ යහපාලන වෙස්මූහුණ දාගෙන ආව මේ කම්බ හොරු රැල සදහටම පන්නලා දැම්මට පස්සේ නිසා.
      ————————————-
      ඔන්න මන් ආවා දිනූ ! පොඩි විවේකයක් ගත්තා. අපේ පවර් සොයුරාත් දැන් පසු නොබලා ඉදිරියටම යනවා පේනවා ! බොහොම සතුටුයි ඒ ගැන. රටට ආදරේ හිතවත් සැමට ජයෙන් ජයම වේවා !

  • Dinuu

    රටට සැබවින්ම හිතැති මිතුරනේ…තවම ඇහුවෙ නැත්නම් අගමැතිතුමා මොරටුවේ ජනරැලියේදී අසිරිමත් බුදුදහමට ප්‍රසිද්ධියේ අගෞරව කරන හැටි අහන්න.

    https://www.youtube.com/watch?v=hRTJTwNRzZQ

    • Power

      “බුදු දහම සසදමින් ප්‍රකාශ නිකුත් කරන්ඩ උඹට කිසිම අයිතියක් නෑ..”ස්වාමීන් වහන්සේ නමක්,අගමැති රනිල්ට රත්වෙන්ඩම කියයි..

      https://www.youtube.com/watch?v=JzbnuSi93zo

    • sayumi

      ඔබ කිව්වා නිසා බැලුවත් මට නම් මේක බලන්න පිළිකුල් දිනූ. කොණ්ඩ කෑලි ඉස්සරහට දාගත්තු අය රංචු පිටින් හම්බුවෙනවා නේද දඹුලුගලේ කන්ද නගිනකොට. ඒ අයගේ අතිනුත් චෛත්‍යට පිළිම වලට අගෞරව වෙනවා එත් නොදන්නා කමට. මාන්නේ අධික අයලුනේ එහෙම වානර ආත්ම වල උපදින්නේ. සමහරවිට ගිය ආත්මේදී උනුත් උද්ද්දච්ච කමට බුදුහාමුදුරුවන්ට නම කියලා කතා කරලා ඇති. ඒකයි දැන් වඳුරන් වෙලා ඇත්තේ. හැබැයි, කියනකොටම පලදෙන වෙලාවක් මන් මේ දැක්කමයි ඈ!
      තව එකක්, ඉඳලා හිටලා උන් පන්සලට යන අයගේ අතේ තියෙන කඩල ගොට්ටක් හෙම උදුරන් දුවනවා නම් තමයි. එත් වෙන බරපතල හොරකං නම් මුකුත් කරලා නෑ මගේ හිතේ. ඒකයි වෙනස.

  • Dinuu

    මිනිසත් බවට නිගරුයි අගමැතිඳුන්නේ..
    බහුතර ජනගෙ බුදුදහමට බැට දුන්නේ..
    පාලකයෙකුට නුසුදුසු බව ඔප්පු වුනේ..
    ඔබට ගරු නම්බු මින්පසු අහිමියි නේ..!

    වසර දහස් ගණනක මේ පින්බිමෙනී..
    හෙළ රජ දහන බුදුසිරිතින් ගොඩ නැගුනී..
    වැජඹුනි රජුන් මැතිඳුන් ඒ රැකගමිනී..
    ඔබ කළ නිගරුවට ජන හද කළකිරුණී..!

    රනිල්-සිරිසේන-හොරගොල්ලේ නෝනා..
    සංහිඳියා නාමෙන් රට වනසමිනා..
    හෙළ බොදු ජන වෙතට හිරිහැර පමුනුවනා..
    සුළු ජාතීන් කොටි පරපුර සනසවමිනා..!

    මේකද යහපාලනේ? මුලු රට අසනා..
    මේකද සංහිඳියා? මුලු ජන අසනා..
    බුදුදහමට නිගරුව! වැඩි ජන පුදනා..
    අගමැති ඔබයි මුලු රට පිළිකුල් කරනා..!

  • මටමයි වෙන්නේ
    – මීට සිරිසේන

  • shyam

    what goes around comes around! Lies can overcome truth but deceit cannot continue for long! Looks like the threats made are boomeranging back to the deceitful personality who holds the office of incumbent president! MR’s mistake was that he turned a blind eye to such things and covered such issues up which led to erosion of public confidence in his sincerity to implement the law without intervention from people who wielded power. Ultimately those whom MR protected turned against him and stabbed him in the back!If MR was more vigilant and sensitive to these issues he would have never lost the election!The incumbent president is a shame to such office! goes to show the glaring fact that though we have an educated society whose literacy rate is one of the highest in south east asia they are incapable of forming a judgement based upon principles and act out of emotion!That is the reason why 62 lakhs voted for such a deceitful personality to hold the office of president!

  • Himinamak

    බොහෝ දෙනා පහසුවෙන් අමතක කළ දෙයක් තමා දීවර ඇමති, සෞක්ය ඇමති, පා. ච ඇමති, අද විදේශ ඇමති ඇතුලු පිරිස සින්ගපූරු ගිහින් ලොකු සූට්කේස් අරගෙන ආපු විත්තිය. චන්දෙට පෙර අද ජනපතිගෙ නෑගෙදරකින් හමුවූ අති විශාල විදේශ මුදලට මොකද උනේ? ඒ නඩුවට මොකද වුණේ? අද රජයේ හොරකමකට සම්බන්ද නැති කවුරුවත් ඉන්නවද? බොරු නොකියන එක් කෙනෙක් හෝ ඉන්නවද? අර මෝඩ නලුසුරයා ඉස්සරහට දාල මහින්ද මහතාට, ගෝටාභය මහතාට කොච්චර අපවාද කළාද? ඉතා අවන්ක ගෝටභය මහතා සිය කාර්යාලයෙන බඩු ටික අරගෙන තියන්ඩ තැනක් නැතිව සිය නැන්දගෙ ගෙදරට අරගෙන එනකොට ඔය ගොන්බන්දින කනුවක් වුවත්, දුශ්ටකමෙන් ඉහවහගිය නලුව ගෝටාභය මහත හොරකම් කරපු බඩු අදිනව කියල එතනට සියගනනක් රැස් කරල මහ ගාලගෝට්ටියක් කළා! සින්හය වැටුනහම හිවල්ලු පස්ස පැත්තෙන් හොරෙන් ඇවිත් පිටිපස්ස අතුල්ලල දුවනවලු! ඒක තමා ඒ නලුසුරය කළේ!! මෙච්චර කලගුන නොදත් ජාතියක් මිහිපිට තිබේද? ජාතියම නිදහස්කරගත්තු වීරයො දෙන්නට කරපු අපහාස මුලු ජාතියටම පලදෙනු සිකුරුයි!
    මොනව වුවත් ජාතියයම දැන් ඉවරර කරළල තියෙන්නෙ මේ හැත්තත!

  • Power

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියනුයේ මෙවැනි දේවල් වලටය.එදා පොදු අපේක්ෂකයා ලෙසින් පැමිණි නිකම්ම නිකම් සිරිසේන,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව මාධ්‍ය සංදර්ශන පැවත්වූයේ එතුමා පල් හොරෙකු ගානට දමාය.දශක තුනක් රටක් ලෙයින් තෙත්කළ මිනීමරු ත්‍රස්තයන්ටත් වඩා අති භයානක ඒකාධිපතියෙකු කියමින්ය. එසේ තමා සිටි රජයේ තම නායකයාට විරුද්ධව අනේකවිඳ හංවඬු ගැසූ සිරිසේන ප්‍රමුඛ කල්ලියේ පංපොරියට රැවටුණු ශ්‍රී ලාංකික ජනතාවත් සිරිසේන ජනාධිපති බවට පත් කර ගනු ලැබුවේ ඒ සියල්ල අමු ඇත්ත බව සිතාය.අවසානයේ සිරිසේන ජනාධිපති විය.එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ සිරිසේනගේ සිතේ පවතින වෛරය නම් අඩු වූයේ නැත.සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කිරීමට වලිකෑවේ මහින්දගෙන් පළිගැනීමට මිසක්,රටේ හා රටේ ජනතාවට ඇති සෙනෙහසක් නිසා නොවන බව එයින් පසු සිදුවූ ක්‍රියාදාම වලින්ම හොඳින්ම පැහැදිලි විය.පසුගිය ජන සටන ජන බලයෙන් පසු සිරිසේනට ලෙල්ලටම තද වූ බව පසුගිය දිනවල ඔහුගේ අන්දමන්ද හැසීරීමෙන් මනාව පසක් විය.එහි ප්‍රතිඵලය වූයේ ඉහත වෛරය නැවතත් දළු ලා වැඩෙමින් ෆයිල් කතන්දරයක් කරළියට ගෙන ඒමය.එයට සිනාමුසු උපහාසයෙන් යුතුව පිළිතුරු දෙමින්,මහින්ද රාජපක්ෂ මැතිතුමා කීවේ ඔය කාගේ කාගේත් ෆයිල් මා ගාවත් තියනවා කියයා.දැන් බැලූ බැල්මට පෙනී යන්නෙ ඒ ෆයිල් තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා ලඟ පමණක් නොවේය.මහින්ද රජයෙන් වෙන්ව එම රජයට විරුද්ධ කැරළි ගැසූ එවැනි උදවියගේ ෆයිල් දැන් තිබෙන්නෙ ප්‍රබල රට රාජ්‍ය වලය.මෙසේ බැලූ විට මහින්ද මොන මිනිහෙක්ද කියා “මෛත්‍රී පාලනයක්-සැබෑ වෙනසක්” වෙනුවෙන් ඡන්දය දුන් සමහර උදවියත් දැන් සිරිසේනගෙන් ප්‍රශ්න කරනවා නිසැකය.මහින්දගේ මෙගාඩීල් සෙවීමට ගොස් කිච වී ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අලිටොක් දුන්නත් අවසානයේ පාරාවල්ලක් මෙන් තමාටම එම අලිටොක් කැරකී ආවේ ඔහුගේ භාෂාවෙන්ම “හොඳ හොඳ සෙල්ලම් එළිවෙල ජාමෙට හිටං” වන බව යලි යලිත් මතක් කරමිනි.

  • Madura

    Mahonia rajapaksha nohitinna thawamath mea rate yuddaya pawathi ohuta kalin siti ekekutawath bariuna yuddaya iwarakranna.

  • Neel

    පේසේ වැදගත් නැ.රටයි වැදගොකද ඔේසෝ කවුරුත් බලය ගන්නකන් විතරයි.මහින්ද මහත්තය දුෂන වංචා කලා කිො.ඒත් රට පාවලා දුන්නෑ.මු කනෙ චන්ද ටිකටේ රට ජාතිය පාදෙනවා.ඒමදිවටටෙි කිසි සංවර්ධනයක් ොරා කනොදොේ කරත් මිනිගෙපෙන් වෙන්න බෑකියලා හිතාගනියවි

    • මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දූෂණ වංචා කළා කීම එජාපයෙන් පතුරුවපු මඩක්. බොහෝ දෙනාට තවමත් එම මඩ ගැන අවබෝධය අඩු බවක් පෙනී යනවා. එදා මඩ ගහපු රාජිත සේනාරත්නත් ඉහත වීඩියෝවේදී පිළිගත්තා මහින්ද රාජපක්ෂ මැතිතුමා දූෂණ වංචා කරලා නෑ කියලා.

  • මොංගල් සමරේ

    සරලවම වැඩේ දිඉලද කොහෙද හිටං

    සරල හිටං වියරුවෙන් වැකේ කිව්වනේ පක්ෂ හැදුවොත් නිරුවති පාරේ ඇවිදින්න ඔක්කොම හෙළි කරනවා කියලා දවස් කියාද ගියේ සිරාගේ රෙදි සිඩ්නි හෙරල්ඩ් පත්තරේ හෙලිකරා (මීක නම් හොදටම දැනෙයි මොකද පත්තරෙන්නේ ඔක්කොම දැනගන්නේ මහින්දට ගහන්න ගිය මද සිරාම ගගනි දැන් මේකත් මහින්දගේ වැඩක් කියයිද දන්නේ නැ මොකද ඉන්නේ එච්චරට සුපිරි ඈයෝ

    කියන කියන බොරු ආපසු වැදීයන්
    ගහන ගහන අපහස සැම කරකියන්
    ගව පාලනේ ලගදීම අවසානය ලැබීයන්

  • Avanka

    මහින්ද මහතා හොරකම් කළා කියන කතාව බටහිරින් දීපු එකක්. හොරකම් කරල තිබුනනම් මෙලහකටත් අල්ලලා! අමෙරිකාවෙ උසස්ම රහස් පරීක්ශක සන්විදානයෙ උපකාරයෙන් මන්ගලගෙ ඉල්ලීමට ලන්කාවට පැමිණ මාසයක් හෝ දෙකක් පරීක්ශන කරල ගියා. ලෝකෙ තියන සියලු බැන්කුවලම විස්තර හෙව්ව! කිසිම හොරකම් චෝදනාවක් ඇත්ත නොවන බව ඔප්පූ උනා. රටේ මහ වීරයො දෙන්න මහින්ද සහ ගෝටාභය දෙන්නටම මෙච්චර ගහන්නෙ ඇයි? අද රටේ ඉහලින්ම ඉන්න කීප දෙනාම කම්බ හොරු හිනදයි! රවිය ආපු ගමන්ම ගෝටභයට චෝදනවක් කලා! ඒ තමන්ගෙ හොරකම වහගන්ඩ! සියලුම දෙනා අද හොරු රට පාලනය කරන. මහින්දට විරුද්දව කතාකරන සියලුම දෙනා හොරු හෝ හොරු ආරක්ශා කරන අය!

  • For the last 68 years i.e. since independence Sri Lanka politics have deteriorated to the level that it has now hit the rocks. Politicians of yesteryear like Hon Dudley Senanayake, Sir Lalitha Rajapakse, the founder of the SLFP Hon H Sri Nissanka were honest people. They brought money from home and spent on politics.When Mr. Dudley Senanayake died his bank balance was Rs.260 something.
    Present day politics is the most lucrative job in Sri Lanka. By hook or by crook they come to parliament to make good money through, bribes, commissions, jaunts abroad and of course the generous perks they enjoy by virtue of their position.
    The two corrupt parties have been playing political football with the country. On assuming power they blame the previous regime for all the ills country is going through. No genuine effort is made to develop the country. People of the country through whose vote they come to power are being treated like dirt. Media and the cronies elevate the `below ordinary’ human beings to almost venerable levels. This should stop.
    Like in the developed west they should be given due but not undue respect. People must be educated as to what their rights are and they should indeed demand their rights. Politics should be made unattractive financially so that only people who really want to serve the country will come forward to do politics.
    Provincial councils and pradessheeya sabas should be abolished. We sre a small country and we do not need regional parliaments to govern us. Provincial councils were enunciated to woo the disgruntled Tamils during the ethnic conflict but north and east were the very 2 regions where they were rejected. Provincial councils are a white elephant. The same job can be done throgh the government agents, the mayors, municipal councils, urban councils town councils etc. We can save a lot of money and prevent the periodic violence that erupts with the PC elections.
    We must also have a third political party of honest people who do not have the need to make money out of politics. They should be educated and selfless. They should set an example to the present lot as to how to behave at political debates and on electronic and print media. They should declare their assets before entering politics and at given intervals in their political life. They must have a clear manifesto and a long term plan for the development of the country. I am sure a time will come when people will vote them to power.

Leave a Reply