වොක්ස්වැගන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නෑ – එරාන් යහපාලන පචයක් හෙළි කරයි

[1]. 2001 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තමන් දිනුවොත් ටොෆි චුවිංගම් සහ බ්‍රේස්ලට් තරුණයින්ට දෙන බවයි. කෙසේ හෝ ඔහු ජයග්‍රහණය කළේය, එනමුත් ජනතාවට දුන් ටොෆිය වූයේ උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට සාම ගිවිසුමකින් සින්නක්කරවම ලියා දීමයි. 2010 මහ මැතිවරණයේදී “රිංගින් ටෝන් වෙනුවට SMS” දෙන බව පැවසුවත් ජනතාව එය පිළිගත්තේ නැති අතර එජාපය පරාජය විය.

එදා පැවසූ බොළඳ පොරොන්දු වෙනුවට 2015 මහ මැතිවරණයේදී වඩාත් ජනප්‍රිය පොරොන්දු 3 ක් තරුණ ප්‍රජාවට දෙන ලදී. එනම්,
1. වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කර තරුණයින්ට රැකියා දීම සහ අඩු මුදලට වොක්ස්වැගන් කාර් දීම.

2. “Google Loon” මාර්ගයෙන් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.
3. “Free Wi-Fi” මගින් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.

එම පොරොන්දු 3 ඉටු කළ හැටි බලමු…

 

[2]. මෑතක් වෙන තුරු වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ගැන කියමින් හර්ෂ ද සිල්වා මහතා ජනතාව ගොනාට ඇන්දීමට හැදූ අතර අවසානයේහී එරාන් වික්‍රමරත්න මහතා ඇත්ත හෙළි කළේ මෙලෙසයි. [කාලය විනාඩි 16:50 සිට]



වොක්ස් වැගන් ආයතනයට ජාත්‍යන්තරව මුහුණ දීමට තිබූ ප්‍රශ්න නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය නොකිරීමට තීරණය කළ බව එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පවසයි. එනමුත් වොක්ස් වැගන් ආයතනයට ප්‍රශ්න ඇති වූයේ 2015 අගෝස්තු මාසයටත් පෙර සිටයි. එජාපයේ ආර්ථික ඔස්තාර්ලා ඒ ගැන නොදැන සිටියා විය නොහැක. එසේනම් වොක්ස් වැගන් ගැන කියමින් එජාපයෙන් ජනතාව අන්දා ඇති බව ඔබට පැහැදිළි වෙනු ඇත.

ඒ අතර හර්ෂ ද සිල්වා මහතා ඉහත පළමු වීඩියෝවෙන් වොක්ස්වැගන් ආයතනයට දෙනවා කී අක්කර 20 ක ඉඩමට වුණ කුමක්ද යන්න වෙනම සොයාබැලීමට සිදුවේ.

 

[3]. Google Loon යනු ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන්නක් මිස වත්මන් ආණ්ඩුවේ ඉල්ලීමක් නොවන බවත්, එසේම එය අපේ රටට ගැලපෙන්නේ නැති බවත් mahinda.info වෙතින් පසුගිය මහ මැතිවරණය කාලයේදීම සාක්ෂි සහිතවම පෙන්වා දුනෙමු. මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියාවෙ විශාලතම කුලුණ වන නෙලුම් කුලුණ ගොඩ නැගුවේ මූද බැලීමට නොව අධිවේගී 4G අන්තර්ජාල සන්නිවේදනයට ය. නෙලුම් කුළුණට මඩ ගසා Google Loon වෙත දත නියවූ එජාපය දැන් Google Loon ද බොරු පොරොන්දුවක් බව පිළිගත්තේ මෙලෙසයි.

 

[4]. Free Wi-Fi දීගන්න බැරිවුනාට සමාවෙන්න කියමින් Free Wi-Fi ගැන දුන් බොරු පොරොන්දුව ගැන රංජන් රාමනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලුවේ මෙලෙසයි.


සුරංගනා කතා වලට නොදෙවෙනි කප්පරක් බොරු පොරොන්දු සහ මඩ වලට රැවටී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහි වූ උදවියට දැන්වත් එජාපයේ බොරු බේගල් වල තරම වැටහේවි යැයි අප සිතන්නෙමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to වොක්ස්වැගන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නෑ – එරාන් යහපාලන පචයක් හෙළි කරයි

  • Dinuu

    එජාපයේ කප්පරකට බොරු පොරොන්දු සහ මඩ ප්‍රචාර වලට තමන් රැවටුනු බව ජනතාවට වැඩි කල් නොගොස් අවබෝධ වුනා. ඒකනෙ යමපාලනයට චන්දය දුන්න කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැත්තෙ. එඩිටර් තුමා මේ වෙබ් අඩවියෙන් මඩ ප්‍රචාර වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කලා. මහින්ද මැතිඳුන් වෙනුවෙන්ම කැප වෙන අපිත් ඔබෙන් කරුණු කාරණා හුගක් ඉගෙන ගත්ත අනිත් අය දැනුවත් කරන්න. අපි අදටත් ඔබෙන් ලැබෙන දැනුම බෙදා හරිමින් ඉන්නේ.

    මේ වොක්ස්වැගන් කතන්දරයත් පැහැදිලි කිරීම ගැන ස්තුති කරමි. සිරිසේන ජනපති ගේ ඔස්ට්‍රේලියානු හොරකම් චෝදනාව එලියට ආව විදියට “සත්‍යය කවදා හෝ ජයගන්නවාමයි”. මේක මහා බලගතු පුණ්‍ය භූමියක්. රනිල්-සිරිසේන-චන්ද්‍රිකා ට බටහිරට ඉන්දියාවට ගැති වෙලා කොටි හිතවාදීන් සනසමින් මේ පුණ්‍ය භූමිය වනසන්න කිසි සේත් ඉඩ නොලැබෙනු ඇත.

    ‘පාද යාත්‍රාවත්’ අපේ හදවතට දැනෙන්නම පැහැදිලිවම ලොකු වෙනසක් ඇති කලා. නාමල් මැතිඳුන් ඇතුලු සංවිධානය කල සැමට සහ ලක්ශ ගණනින් සහභාගි වී එය ආශ්චර්යයක් බවට පත් කල සැමටත් කෘතගුණ පූර්වක ස්තුතිය පුද කරමි.

    (චන්ද්‍රිකා යුද්ධෙත් දිනුවලු. අධිවේගී මාර්ගත් හැදුවලු. අපිට නම් හිතෙන්නෙ පැහැදිලිවම එයාටත් ‘සුපිරි මොලේ අමාරුවක්’ අර අපේ අසිරිමත් බුදු දහමට සහ බුදු රජානන් වහන්සේට ප්‍රසිද්ධ වේදිකා වල අවමන් කරන රනිල් ට වගේ!)

  • sayumi

    ලොක්කා කියනවා වගේ, මේගොල්ලෝ ‘ඉදිරියට’ ගිහින් ලෝකේ අල්ලන්නෙත් ඔහොමම තමයි!

Leave a Reply