Mahinda Rajapaksa: ශ්‍රැංගිල්ලා හෝටලය සහ හමුදා මූලස්ථානය ගැන මෛත්‍රීපාලගේ චෝදනාවට පිළිතුරු මෙන්න.

Sunday, December 24, 2017

ශ්‍රැංගිල්ලා හෝටලය සහ හමුදා මූලස්ථානය ගැන මෛත්‍රීපාලගේ චෝදනාවට පිළිතුරු මෙන්න.

ජනාධිපති සිරිසේන මහතා පසුගියදා කැබිනට් මන්ඩලයේ කියා ඇති පරිදි ශැංග්‍රිල්ලා හෝටලයට ඉඩ දීම සඳහා හමුදා මුලාස්ථානයෙන් ඉවතට ගෙන ගිය විවිධ පරිපාලන අංශ වෙනුවෙන් වාර්ෂික කුලිය රුපියල් කොටි 500 ක් නම් එම නාස්තියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් හවුල ආන්ඩුව බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වාදෙයි.

ඔහු එය පැහැදිලි කලේ ‘දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදය’ විසින් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සඳහා කොලඹදී සංවිධානය කර තිබූ වැඩමුලුවක් අමතමිනි.

පසුගියද ජනාධිපතිවරයා ශැංග්‍රිල්ලා හෝටලයට හමුදා මූලස්ථානයේ ඉඩම ලබා දීම ගැන පසුගිය රජයට ඇඟිල්ල දික්කරමින් චෝදනා කිහිපයක් කලායැයි කැබිනට ප්‍රකාශක මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා තිබුනා.

අපි බලමු මොනවාද මේ චෝදනා කියා

1. ඔහු කියනවා පසුගිය රජය හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යාමට තීරණය කිරීම ආරක්ෂාවට තර්ජනයක් කියා

2. ඔහු කියනවා පසුගිය ශැංග්‍රිල්ලා හෝටලයට ඉඩදීමේ රජයේ වැරදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමන රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500 ක් පමන වෙනවා කියා.

3. ඔහු චෝදනා කරනවා ශැංග්‍රිල්ලා ඉඩම වසර 99ට බදු නොදී සින්නක්කර වික්ක එක රටට අවාසියක් කියා.

4. ඔහු තවදුරටත් කියනවා පොර්ට් සිටි ඉඩමත සින්නක්කර දෙන්න තිබී වත්මන් රජය ව්‍යාපෘතිය ටික කලකට නවතා එම ගිවිසුම 99 අවුරුදු බද්දකට වෙනස් කලා කියලා.

දැන් අපිට පුලවන් එකින් එක ගෙන ඒවා මොන තරම් සාවධ්‍ය චෝදනාද කියා ජනතාවට පහදාදෙන්න.

1. ඇමෙරිකාවේ පෙන්ටගනය මෙන් ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටවීමේ සැලැස්ම මුලින්ම සකස්කරනු ලැබුවෙ පසුගිය රජය විසින් නොවේ ඊට රජයන් ගනනාවකට පෙරය.




සැලසුම් වලට පමනක් සීමා වී තිබූ තවත් බොහෝ ව්‍යාපෘතීන් මෙන් මෙයද ක්‍රියාවට නැංවීම ආරම්බ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. කාලාන්තරයක් තිස්සේ රටේ මෙවැනි සැලසුමක් සකස් කර තිබුනේ ආරක්ෂක කටයුතු පිලිබඳ විශේසඥයින් විසින් කරන ලද අධ්‍යයනයන්හි ප්‍රතිපලයක් ලෙසයි. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කලේ 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එහි සාදන්නට තීරණය කලේ ශැංග්‍රිල්ලා හෝටලට ඉඩ ලබාදීම සඳහායැයි පෙන්වන්නට බොලඳ උත්සාහයක යෙදෙන එක ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිම ආරක්ෂක විශේසඥයෙක් කියා නැහැ.


2. පසුගිය රජය සෑම ව්‍යාපෘතියක්ම කලේ මනා සැලස්මකට අනුවයි. වැඩ බැරි වත්මන් ආන්ඩුවත් සමඟ ඔවුන්ව සංසන්දනය නොකල යුතුයි. පසුගිය රජයේ සැලස්ම තිබුනේ 2015 අග වන විට ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුවදොර සිට බත්තරමුල්ලට ගෙනියන්නටයි. ඒ අනුව කොටස් වශයෙන් ශැංග්‍රිල්ලා හෝටලයට ගාලු මුවදොර ඉඩම ලබාදීමට සැලසුම් කර තිබුනා. මෙ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට කුලියට ගොඩනැගී ගන්නට වන්නේ නැහැ.

හමුදා මුලස්ථානය සාදා නිමකරන්නට අවශ්‍ය මුදල් ශැංග්‍රිල්ලා සමාගමෙන් ලබාගෙන රුපියල් බිලියන් 18 ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිනුමක දමා තිබුනා. නමුත් වත්මන රජය බලයට ආ ගමන් මොකද්ද කලේ. ඒ බිලියන 18 ගෝඨාබය රාජපක්ෂගේ ගිනුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කලා. ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් මහා භාන්ඩාගාරයට මාරු කලා. වසරක් ඇතුලත රජයේ අධික වියදම් නිසා මේ මුදල ආගිය අතක් නැතුව ගියා. ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතුව අඩාල උනා. සැලසුමට අනුව ශැංග්‍රිල්ලා හොටයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැගිලි වලට ගෙනියන්නට සිදුවුනා. අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සබීතාගේ ගොඩැගිල්ලේ හොර ගනුදෙනුව අනුව මේ ආන්ඩුව කුලී ගොඩනැගිලිවලින් මොනතරම් වංචා කරනවාද කියා. ඉතින් 2015 අවසන් වෙන්නට තිබු ව්‍යාපෘතිය වසර 3කට පසුවත් අවසන් කරගන්නට බැරුව දඟලන වත්මන් රජය් නොවේද මේ නාස්තියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ?


3.ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට ආවා. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලා. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ ඒ වෙලාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවක්. මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලැබුවා. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ගෙවන්නට කැමතිදැය් ෂැන්ග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ වුනා. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට පමන අධික මිලකට තක්සේරුවූයේ ඒ විදියටයි.

මීට අමතරව අපි අමතක කරන්න හොඳ නහැ ශැංග්‍රිල්ල නිසා ලංකාවට ඩොලර් මිලියන 800 ක පමන ආයෝජනයක් හා රැකිය අවස්ථා 1000 කට වඩා ලැබුන බව. නිදහසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවා හා සමාන කුඩා බදු වාරික වලටයි. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම අරන් බලමු. හම්බන්තොට වරායට අවුරුදු 99 කට බදු ගිවිසුමක් අත්සන් කරනවිට රනිල් අක්කර 3000 ක ඉඩම් චීන සමාගමට දෙන්නේ නොමිලේ.එදා ජේ ආර් ජයවර්ධන ගාලු මුවදොරම විශාල ඉඩමක් ටාජ් හෝටලයට දුන්නේ නොමිලේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටුවේ’වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්’ ගොඩනැගිල්ලට ඉඩම දුන්නේ නොමිලේ.

එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 ක් එහෙමත් නැත්ම රුපියල් වලින් නම් කෝටි 1800 ක් පමන මුදලක් ලබා ගැනිමට හැකිවීම මොනතරම් රටට වාසියක්ද ? හදල ඉවරවූ වරායක් අක්කර 3000 ක ඉඩම් එක්ක ඩොලර් මිලියන 1200 කට දුන්න ජනාධිපතිවරයෙකුට පුලුවන්ද ශැංග්‍රිල්ල ගනුදෙනුවට ඇඟිල්ල දික්කරන්න ? අනික මතක තබාගන්න මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටයි. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක්. ගොඩනැගිලේ ඉදිකිරීම්කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නහැ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට ආපසු ගන්න බැහැ. ඉතින් තුට්ටු දෙකට බදු දෙන්නෙ නැතිව ඒ ඉඩමට රුපියල් කෝටි 1800ක් ගත්ත එකේ වරද කුමක්ද ?





4. පොර්ට් සිටි කතාවත් මේ වගේමයි. පොර්ට් සිටිය හදන්නේ රටේ තියෙන ඉඩමක නොවෙයි මුහුද ගොඩකරලයි. ඒ මුහුද ගොඩකරන්න යන වියදමට හිලව් වෙන්න තමයි ගොඩ කරන ඉඩම් වලින් යම් ප්‍රමානයක් චීනයට දෙන්නට සාකච්ඡා වී තිබුනේ. මේ කොන්දේසි වෙනස් කරන්න ගිහින් මොකද්ද උනේ. රටෙ ජනතාව රැවටීමට ගිවිසුම අවුරුදු 99 කරල චීනයට රුපියල් බිලියන් 26ක් එහෙමත් නැත්නම් කෝටි 2600ක වන්දියක් ගෙවන්න සිදුවුනා වැඩ නවත්තලා කරපු පාඩුවට.  






පොර්ට් සිටිය තුල චීන සමාගම විසින් විවිද ව්‍යාපාර වලට ඉඩම් විකුනන විට ඒව විකුනන්නේ සින්නකර ඔප්පු වලට . ඉතින් මොකද්ද ඇති වැඩේ කෝටි 2600 නාස්තිකරල ගිවිසුම 99 අවුරුදු බද්දකට වෙනස් කලා කියල. කවදාවත් ඒ චීන සමාගම විසින් විකුණන ඉඩමක් රජයට ආපසු ගන්න පුලුවන්ද ?

– චාමින්ද කරුණාරත්න

තවත් අයටත් බලන්නට "Share" කරන්න.