අමාදම් සිසිළ පොහෝදා ධර්ම දේශනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. එතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට නොකඩවා අඛන්ඩව අරලියගහ මන්දිරයේදී මෙම ධර්ම දේශනාව පැවැති අතර ඉන් අනතුරුවත් එතුමා සිය නිවසේදී සෑම පොහෝදා ම භික්ෂූන් වහන්සේ වැඩමවා ධර්මශ්රවණය කිරීම සිදුකරයි. ආණ්ඩුවේ නායකයන් පොහෝ දා ආගමික වතාවත් වලට වඩා මැතිවරණය වෙනුවෙන් මුල් තැන දෙද්දී, සිය සම්ප්රදායටත් සද්ධර්මයටත් මුල් තැන දීම ගැන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට භික්ෂූන් වහන්සේ ගෙන් ප්‍රසංශාව හිමි විය.
Wednesday, January 31, 2018
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් ඇමරිකානු සමාගමකට විකිණීමට යයි.
Tuesday, January 30, 2018
මතුගම එකම ජන ගංගාවකින් වැසී යයි... පොහොට්ටුවේ මතුගම රැළිය. (Video/Photos)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැළියක් මතුගම පෞද්ගලික බස්නැවතුම්පොළේදී 2018/01/29 දින පැවැත්විණි. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමැන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයක් ඇතුළු අති විශාල ජනකායක් සම්බන්ධ විය. මෙය මතුගම නගරයේ එතෙක් මෙතෙක් කාලය තුළ පැවැති දැවැන්තම ජන සහභාගීත්වය බව වාර්තා විය. පැමිණි සහ දිරි ගැන්වූ ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරමු.
Monday, January 29, 2018
මහින්ද මැතිඳුන් හිරු නාලිකාවේදී සලකුණ තබයි. තුන් දෙනෙකුට එක වර පිළිතුරු දෙයි. (video)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින (2018/01/29) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ය. එම වැඩසටහනේ සම්ප්රදාය පරිදි, සුපුරුදු මාධ්‍යවේදීන් තිදෙනාම පැමිණ එතුමාගෙන් ප්‍රශ්න ඇසුවෝ ය.
විශේෂයෙන්ම එළඹෙන්නේ පළාත් පාලන මැතිවරණයකින් ඔබ්බට ගිය රට බෙදුම්වාදී අනතුරෙන් ගලවා ගැනීම සඳහා වන සටනක් බව එතුමා පැහැදිලි කිරීම ඉතාම වැදගත් විය.
සම්පූර්ණ හිරු සලකුණ වීඩියෝව පහතින්.
විශේෂයෙන්ම එළඹෙන්නේ පළාත් පාලන මැතිවරණයකින් ඔබ්බට ගිය රට බෙදුම්වාදී අනතුරෙන් ගලවා ගැනීම සඳහා වන සටනක් බව එතුමා පැහැදිලි කිරීම ඉතාම වැදගත් විය.
සම්පූර්ණ හිරු සලකුණ වීඩියෝව පහතින්.
Sunday, January 28, 2018
මෛත්රීපාලගේ රු ට්‍රිලියන 10 ක ණය චෝදනාව බොරුවක් බව රොයිටර් ලෝකෙටම කියයි.
[1]. පසුගිය ආණ්ඩු කාලයේ විදේෂ ණය වශයෙන් ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියන 10 ක ධනස්කන්ධයෙන් රුපියල් ට්‍රිලියන 9 කට සිදුවූ දෙයක් සොයාගත නොහැකි බව විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ බව රජයේ සිළුමිණ පුවත්පතේ පළවූ වාර්තාව පහතින්.
[2]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි පසුගිය ආණ්ඩුවේදී විදේශ ණය වශයෙන් රුපියල් ට්‍රිලියන 10 ක් ණය ගත් බව කීවද, 2014 වන විට ශ්‍රී ලංකාවට තිබූ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.4 කි. එය වත්මන් ආණ්ඩුව විසින් මුදල් ඇමති වරයාගේ අත්සන සහිතව නිකුත් කරන ලද 2016 මහ බැංකු වාර්තාවේ 214 පිටුවේ දැක්වෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]
ඒ අනුව මහ බැංකු වාර්තාවෙන්ම ආණ්ඩුව පවසන පරිදි ශ්‍රී ලංකාව අරගෙන තිබූ මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් ගත් බව කීමත්, එසේම එම මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් අතුරුදන් බව කීමත් පට්ට පල් බොරුවක් බව සනාථ වෙයි.
[3]. එසේම ඉහත ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතේ වාර්තාවේ රුපියල් ට්‍රිලියන 10 ක මුදල ලියා ඇති හැටි බලන්න. එහි දැක්වා ඇත්තේ බින්දු 11 කි. නමුත් ට්‍රිලියනයකට බින්දු 12 ක් තිබේ. ට්‍රිලියන 10 ක් ලියනවානම් බින්දු 13 ක් තිබිය යුතුය. [මූලාශ්‍රය]. ට්‍රිලියනයකට බින්දු කීයදැයි නොදන්නා මාධ්‍යවේදීන් ලවා ජාතික පුවත් පත් ලියවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔය වගේ ඉලක්කම් වැරදීම පුදුමයක් නොවේ. නමුත් ඔහු මෙසේ චේතිය බොරු ගහමින් නිග්‍රහයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයයි.
[4]. එසේම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චෝදනාව බොරුවක් බව අන්තර්ජාතික රොයිටර් පුවත් සේවය ලෝකයටම වාර්තා කර තිබුණේ මෙලෙසයි. සම්පූර්ණ ලිපිය කියවීමට මූලාශ්‍රය.
[5]. රොයිටර් පුවත් සේවයේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තා කරු Shihar Aneez මහතා සිය ට්විටර් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි. [මූලාශ්‍රය].
[6]. රොයිටර් හෙළිදරව්වෙන් දිනකට පසු ස්වර්ණවාහිනී යේ "දිශාව" වැඩසටහනේදී විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් එයම පුනරුච්චාරණය කළේය. :D 🔫🔫🔫🔫 රටේ විධායක ජනාධිපති මෙසේ කරනවානම්, ඔහු වටා සිටින රටේ ආර්ථික සැලසුම් හදන ජාතික ආර්ථික විශේෂඥයින්ගේ තරම අමුතුවෙන් කිව යුතු නැත.

සූරියවැවදී පැවැති පොහොට්ටුවේ ජන රැළියටත් විශාල ජන සහභාගීත්වයක්. (Video / Photos)
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙන ජන හමු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය ජන හමුවක් සුරියවැව නගරයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට හිටපු කථා නායක චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු විශාල ජනකායකගේ සහභාගීත්වයක් ලැබුණි. පැමිණි ඔබ සියලු දෙනාට අපගේ ස්තුතිය පුදකරමු.
Saturday, January 27, 2018
අම්පාර පොහොට්ටුවේ ජන රැළියටත් අති විශාල ජන ගංගාවක්. (Photos)
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙන ජන හමු මාලාවේ අම්පාර දිස්ත්‍රික් ජන රැළිය අම්පාර නගරයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට අති විශාල ජනකායකගේ සහභාගීත්වය ලැබුණි. යමපාලනයට එරෙහිව පැමිණි සියලුම අම්පාර දිස්ත්‍රික් ජනතාවෙනි, ඔබට අපගේ ගෞරවපූර්වක ස්තුතිය.
Subscribe to:
Posts (Atom)