අමාදම් සිසිළ පොහෝදා ධර්ම දේශනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්.

අමාදම් සිසිළ පොහෝදා ධර්ම දේශනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. එතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට නොකඩවා අඛන්ඩව අරලියගහ මන්දිරයේදී මෙම ධර්ම දේශනාව පැවැති අතර ඉන් අනතුරුවත් එතුමා සිය නිවසේදී සෑම පොහෝදා ම භික්ෂූන් වහන්සේ වැඩමවා ධර්මශ්‍රවණය කිරීම සිදුකරයි. ආණ්ඩුවේ නායකයන් පොහෝ දා ආගමික වතාවත් වලට වඩා මැතිවරණය වෙනුවෙන් මුල් තැන දෙද්දී, සිය සම්ප්‍රදායටත් සද්ධර්මයටත් මුල් තැන දීම ගැන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට භික්ෂූන් වහන්සේ ගෙන් ප්‍රසංශාව හිමි විය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අමාදම් සිසිළ පොහෝදා ධර්ම දේශනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්.

  • Asaranaya

    කඩු දුණු කිණිසි සවි බල මන් මදින් දැපී,
    මුඩු මැත දොඩන රුපු හමුදා සමග හැපී,
    කැඩුණොත් කැඩේවා අඬුපඬු දෙකට කැපී,
    අඩුවක් නොකට යමු යන මේගමන අපී

  • Asaranaya

    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු,
    ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු,
    එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝණ අඳුරු,
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු.

    මැතිඳුනි ඔබයි අපේ සුපුන් සඳ- පොහොට්ටුවට ජයෙන් ජයම වේවා

  • Guardian

    රට ජාතිය රැකදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව යමපාලකයන් එතුමාගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීමට කැස කැවීම පිළිබඳව එතුමන් දැක්වූ අදහස් මෙන්න

Leave a Reply