Mahinda Rajapaksa: මහින්දගෙ කාලෙ බැඳුම්කර නිකුතු ගැන මෛත්‍රීපාල කී පට්ට පල් බොරුවක් ඔහුගේම කතාවෙන් මාට්‍ටු වෙයි.

Thursday, January 11, 2018

මහින්දගෙ කාලෙ බැඳුම්කර නිකුතු ගැන මෛත්‍රීපාල කී පට්ට පල් බොරුවක් ඔහුගේම කතාවෙන් මාට්‍ටු වෙයි.


[1]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ජනවාරි 3 වන දා තවත් එක් විශේෂ ප්‍රකාශයක් කරමින් බැඳුම්කර වාර්තාව පිළිබඳව පවසන ලදී. විශේෂ ප්‍රකාශ කරනවා වෙනුවට අදාල වාර්තාව අදාල වාර්තාව තමන්ට ලැබී සති 2 ක් පමණ ගත වී තිබියදීත් තවමත් ජනතාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයිදැයි යන ප්‍රශ්නයට ජනාධිපතිවරයා පිළිතුරු නොදෙයි.

[2]. ඔහුගේ විශේෂ ප්‍රකාශය රජයේ දිනමිණ වෙබ් අඩවියේ මෙම ලිපියෙන් ඔබට කියවීමට හැකියි. ඔහු එම ප්‍රකාශයේ 3 වෙනි ඡේදයෙන් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සිදුවූ බැඳුම්කර නිකුතු විවේචනය කරමින් මෙසේ ප්‍රකාශයක් කරන ලදී.
මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා.

[3]. රනිල්-මෛත්‍රීපාල ආණ්ඩුව තුළදී සිදුවූ දැවැන්ත මහ බැංකු මංකොල්ලයට සමාන දෙයක් මහින්ද යුගයේදී සිදුවුණා කියන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම, ඔහුගේ ඊනියා විශේෂ ප්‍රකාශයේ 17 වන ඡේදයෙන් පහත දේ පවසයි.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.

[4]. එසේනම් 2008 සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව කොමිසමෙන් පරීක්ෂා නොකළානම් ඔහුගේ ප්‍රකාශයේ 3 වන ඡේදයේ දැක්වෙන අයුරින් "මීට සමාන තත්ත්වයක් එදා සිදුවුණා" යනුවෙන් කොමිසම පවසන්නේ නැත.

[5]. අදාල කොමිසමේ සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යනු ආවට ගියාට කිසිදු පරීක්ෂාවකින් තොරව කිසිවක් විවේචනය කරමින් තීන්දු දෙන අය නොවන බව අප විශ්වාස කරමු. එබැවින් ඇත්තටම සිදුවී ඇත්තේ තම ආණ්ඩුවට එල්ල වෙන අපවාදය අඩු කර ගැනීමට "ඒ කාලෙත් එහෙම" වුණා යනුවෙන් විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දමා කීම බව පෙනී යයි. එනමුත් අදාල ප්‍රකාශය සංගතව නොකීම නිසා මෙලෙස විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවේ අවසන් කොටසෙන් මුල් ප්‍රකාශය බොරු බව මාට්‍ටු වෙයි.

[6]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස සිය වතාවකට වඩා ගහන ලද බොරු පිළිබඳව සාක්ෂි සහිතවම අනාවරණය වීම් mahinda.info වෙතින් හෙළිදරව් කර ඇති අතර, අපට ෆේස්බුක් සමාජ ජාලයෙන් හමු පහත වීඩියෝවෙන්ද එය පෙන්වා දී ඇත.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.