[1]. 2015 ජනවාරි 9 වන දා බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එදා සිට මේ දක්වා පවසන ලද දේ නම් රටේ ණය අර්බුදයටත්, සංවර්ධනය අඩාල වීමටත්, රාජ්‍ය සම්පත් විකිණීමට සිදුවීමත් යනාදී මේ සියලුම ජාතික ප්‍රශ්න වලට හේතුව "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා" බවය. එකත් ජාතික පාක්ෂිකයන් ද හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ බව පිළිගනියි. නමුත් ඔවුන් තම නායකයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දිවුරා ප්‍රකාශ කරන දේවත් පිලිගනීවි ද? පසුගිය නොවැම්බර් මාසයේදී බැඳුම්කර කොමිසමේදී කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පවසන ලද්දේ මෙවැන්නකි. මෙය 2017 නොවැම්බර් 21 වන දින මව්බිම පුවත්පතේ පළවී තිබේ. [මූලාශ්‍රය]
[2]. 2015 ට අදාළව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා පැවසූ අයුරින්ම, මේ දක්වාම පවතින ආර්ථික අර්බුදයටත් හේතුව එජාප රජයේ කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ අදූරදර්ශී තීන්දු ය. එසේ වීමට හේතුව mahinda.info වෙතින් මීට පෙර ලිපියකින් පැහැදිළි කළෙමු. රටේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කවුරුන් හෝ තවමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට දොස් නගනවානම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ ඉහත ප්‍රකාශය පෙන්වා දෙන්න.