Mahinda Rajapaksa: "ගුවන් පාලම් වැඩක් නෑනේ... මොනවටද මේ ගුවන් පාලම්." යැයි පැවසූ රනිල්ට පිළිතුරු.

Tuesday, January 16, 2018

"ගුවන් පාලම් වැඩක් නෑනේ... මොනවටද මේ ගුවන් පාලම්." යැයි පැවසූ රනිල්ට පිළිතුරු.

[1]. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණේ 2018 පෙබරවාරි මස 10 වන දිනට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරන්නේ නම් එම උත්සවය දේශපාලඥයින්ගේ හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තොරව සිදුවිය යුතු බව යැයි ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතන දන්වා තිබේ. [මූලාශ්‍රය]

 

[2]. එම චක්‍රලේඛය නොතකා පසුගිය 2018/01/08 දා රාජගිරිය ගුවන් පාලම විවෘත කළ අතර එහිදී කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගුවන් පාලම බොහෝ සේ වර්ණනා කළේය. එහිදී ඔහු පැවසූයේ "යහපාලන රජයක් හැටියට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා රට බාර ගත්තායින් පස්සේ අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක්" බවයි. මූලාශ්‍රය පහත වීඩියෝවේ රනිල් වික්‍රමසිංහ මහතාගේම මුඛයෙන්.


 

[3]. නමුත් වත්මන් ආණ්ඩුව විසින්ම පාලනය කරන රජයේ නිල වෙබ් අඩවි වල සඳහන්ව ඇත්තේ එය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ කාලයේදී බවය. අදාල රජයේ වෙබ් අඩවි මූලාශ සහිත සම්පූර්ණ ලිපිය මෙතනින්.





 

[4]. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්,
(i). මැතිවරණ කොමිසමේ අදාල චක්‍ර ලේඛනය උල්ලංඝනය කිරීමට අමතරව,
(ii). මැතිවරණ කාලය තුල පොදු දේපල අව භාවිතා කරමින් අයථා මැතිවරණ වාසි ලබා ගැනීම
යන දෙවරදම සිදුකර ඇත.

 

[5]. අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් පාලම් වරණනා කරමින් ඒවායේ තමන්ට හොර උප්පැන්න හදා ගත්තත් එදා 2010 මැතිවරණයේදී පැවසූයේ මෙවැන්නකි.
"අර ගුවන් පාලමක් දාලා, ඔය ගුවන් පාලම් වැඩක් නෑනේ. අපි කොච්චර කල් පෑලියගොඩින් ගියාද, කවුරුත් මැරුණෙත් නෑනේ. ඕකේ මිනිත්තු පහළොවක් හිටිය කියන එක ප්‍රශ්නයක් නෑ පුරුදුයි. මේ මොනවටද මේ ගුවන් පාලම්?"



 

[6]. ඒ අනුව 2010 දී "ගුවන් පාලම් වැඩක් නෑනේ... මොනවටද මේ ගුවන් පාලම්" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ ප්‍රකාශයට පසුගිය දා රාජගිරියේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් හෝ ඔහුම පිළිතුරු දී තිබේ. සංවර්ධනය වටහා ගැනීමේ ඔහුගේ සක්‍යතාවය මැණ ගනිමින් ඔහුට තවත් රට කරන්න ඉඩ දෙනවාද යන්න තීරණය කිරීම ඔබ සතුයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.