[1]. ජාත්‍යන්තරය විසින් රටවල් මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතනයක් වන්නේ මූඩි ආයෝජන සේවා ආයතනයි. සමාගම් සහ ආණ්ඩු විසින් නිකුත් කරන බැඳුම්කර සම්බන්ධව පූර්ව විචාරයක නිරත වෙන ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනකි. [වැඩි විස්තර]
[2]. පසුගිය දා එම ආයතනය විසින් ආසියා ශාන්තිකර කලාපයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව කරන ලද නවතම ශ්‍රේණිගත කළේය. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. [මූලාශ්‍රය]
[3]. ඕස්ට්‍රේලියාවේ බිස්නස් ඉන්සයිඩර් නැමති ජාත්‍යන්තර වෙබ් අඩවියේ එම වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙලෙස වැඩිදුරටත් සඳහන් වෙයි. [මූලාශ්‍රය]
එහි දැක්වෙන පරිදි ඉදිරියේදී ශ්‍රී ලංකාව ගිනි පොලියට ණය ගැනීමට සිදු වන නිසා ශ්‍රී ලංකාවේ පොලී අනුපාතය තවත් ඉහළ ගොස් රට තුළ කෙරෙන ආයෝජන තවත් අඩු වනු ඇත.
[4]. ලෝකයේ වෙනත් අඩු අවදානම් කාරී විකල්ප තිබියදී මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තම මුදල් වැය කරන්නට ඉදිරිපත් වන්නේ උන්මත්තකයන් පමණි. ජාත්‍යන්තරය දිනන කයිවාරු සහ මග එන යෝධ සංවර්ධනයක් ගැන සුරංගනා කතා මැද ආසියා ශාන්තිකර කලාපයේ ආයෝජනයට නුසුදුසුම රට බවට ඔබගේ මාතෘ භූමිය පත් කර ඇත.
[5]. අද එසේ ශ්‍රී ලංකාව ලෝක ආයෝජන ශ්‍රේණිගත කිරීමේ දැඩි අවදානම් ලයිස්තුවට ඇතුළත් වුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ යුගයේදී අන්තර්ජාතික වෙබ් අඩවි වල ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සඳහන් වූයේ පහත පරිදි යි.