[2]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය පවතිද්දී හමුදාවෙන් තොප්පිගල නිදහස් කර ගනිද්දී "තොප්පිගල යනු කැළෑවක්" කියමින් අපහාස කරනවාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන විදේශ ආධාර නතර කිරීමට උත්සාහ කළේ කොටි සංවිධානය පරාජය වීම වැළැක්වීමට බවට සාධාරණ සැකයක් ඇති වේ.
[3]. එය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එරෙහිව කළ දේවල් වලින් අංශු මාත්‍රයක් පමණි. තවත් උදාහරණයක් වන්නේ එවකට GSP+ සහනය කපා හැරීමට යුරෝපා හවුලෙන් ඉල්ලා සිටියේත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වීමයි. පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ප්රශ්නකිරීමකදි ඒ බව රනිල්ගේ කටින්ම හෙළි විය. එම වීඩියෝව පහතින්.
[4]. එදා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ ද්‍රෝහී ක්‍රියා පිළිබඳව 2014 සහ ඊට පෙර වකවානුවේ ITN විමසුමෙන් හෙළි කරද්දී, එජාප පාක්ෂිකයන් විසින් ජේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතාට ඉතාමත් පහත් අයුරින් බැන වදිනු අපි දුටුවෙමු. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට සිදුකළ ද්‍රෝහී ක්‍රියා පිළිබඳව එජාප පාක්ෂිකයන් අතිශය විශ්වාස කරන මාධ්‍යයක් වන සිරස මාධය ජාලයෙන්ම හෙළි කරද්දීවත් ඔවුන් සත්‍යය වටහා ගනු ඇතැයි අපි සිතමු.