Mahinda Rajapaksa: බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන රූපවහිනියේදී සජීවීව පිළිතුරු දෙයි.

Tuesday, January 23, 2018

බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන රූපවහිනියේදී සජීවීව පිළිතුරු දෙයි.

බැසිල් රාජපක්ෂ මහතා 2018/01/23 දින ස්වාධීන රූපවාහිනී ආයතයේ "සංවාදය" වැඩසටහනට සහභාගී විය. එහිදී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා විසින් සංවාදය මෙහෙයවීම සිදුකරන ලද අතර, එම සියලුම ප්‍රශ්න වලට බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත් අගනා පිළිතුරු දෙන ලද්දේ ය.

බැසිල් රාජපක්ෂ මහතා ගැන ගැටළු සහගත තැන් ඇති අයට, ප්‍රතිවාදියාගේ නාලිකාවකටම ගොස් ඉතාමත් පහසුවෙන් කරුණු කාරණා සහිතව එතුමා සිදුකරන සංවාදය බැලීමට ආරාධනා කරමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.