Mahinda Rajapaksa: පොහොට්‍ටුවට ජී.එල්. පීරිස්ගේ පක්ෂය කියමින් මඩ ගහන එජාපයට පිළිතුරු.

Wednesday, January 24, 2018

පොහොට්‍ටුවට ජී.එල්. පීරිස්ගේ පක්ෂය කියමින් මඩ ගහන එජාපයට පිළිතුරු.

[1]. (i). ආණ්ඩුවේ දේශපාලඥයින් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හඳුන්වන්නේ ජී එල් පීරිස් මහතාගේ පක්‍ෂය ලෙසය. ඒ එම පක්‍ෂය හෑල්ලු කිරීම සඳහාය.

(ii). එසේ හැඳින්වූවාට කම් නැත. මහාචාර්ය ගාමීණි ලක්ශ්මන් පීරිස් මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳව මහාචාර්යවරයෙක් වූ අතර පසුව නීති පීඨයේ පීඨාධිපති වී අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති බවට ද පත් විය. එසේම එතුමා ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, සහ ලන්ඩන් යන ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල වලින් "Fellowships" ලබා අතිශය සම්භාවනාවට පාත්‍ර වී ඇත. [මූලාශ්‍රය] අදටත් නීති පීඨ වල පාඨ ග්‍රන්ථ ලෙස භාවිතා වන්නේ එතුමා රචිත නීති කෘති වෙයි.

(iii). කෙසේ වුවද ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මිස නායකයා නොවේ. පහත වීඩියෝවෙන් එතුමාම පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවයි.



 

[2]. (i). ඒත් පහත පින්තූරයේ ඉන්නේ කවුදැයි ඔබ දන්නවාද? මේ තමා ජනාධිපතිවරණයේදී යහපාලනයක් වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය ඉල්ලපු හංසයා හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ නායකයා, බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ශලීල මුණසිංහ.

(ii). ඒ කියන්නේ නීති විශාරදයෙක් වන මහාචාර්ය ජී එල් පීරිස් මහතා පොහොට්‍ටුවේ සභාපති වෙද්දී හංසයාගේ නායකත්වය තවමත් දරන්නේ මෙන්න මේ බ්‍රිතාන්‍ය පුරවැසියායි. [මූලාශ්‍රය].

(iii).  සරළ බව පෙන්වීමට හිඟන වෙස් ගැනීමට උත්සාහ දැරුවද මොහු ඇමරිකාවේ බැංකු ජාලයක් හැක් කර තායිවානයේ බැංකුවක් කඩා මාට්‍ටු වූ අතර, ජාත්‍යන්තරයේ බලපෑම මත මොහුව කූඩු කිරීමට ආණ්ඩුවට සිදුවිය. අන්තර්ජාතික බැංකු හොරකමක් වෙනුවට ශ්‍රී ලංකාවේ මහ බැංකුව කැඩුවානම් තවමත් අනික් බැංකු හොරුන් මෙන් මොහුද යහතින් වැජබෙනු ඇත. වත්මන් ආණ්ඩුවෙන් ඔහුව ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස පත් කර තිබුණේ මොහු ගැන නොදැන නොවේ.  එජාප විජේවර්ධනලාට අයත් ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූ පහත ලිපිය බලන්න. [මූලාශ්‍රය]



 

[3]. පොහොට්‍ටුවේ නායකයාව හොයන අය, ශ්‍රී ලංකාවේ පුරවැසි බවවත් නොමැති මෙම කුප්‍රකට පුද්ගලයාව තම නායකයා ලෙස පිළිගැනීමට සූදානම් ද?

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.