[2]. දස මහා යෝධයෙකුට තමන්ව අන්දවා ගන්නා විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, ඊට දින කිහිපයකට පෙර පැවසූයේ මෙවැන්නකි.

මෛත්රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස බලයේ සිටියදීත් ශක්තිය ඉල්ලන්නේ විධායක ජනාධිපති ධූරයේ පියන් කමක් ලෙස සැලකෙන, තමන්ට යටත් නිලයක් වන අගමැතිවරයාගෙනි.
[3]. අද විධායක ජනාධිපතිවරයා වශයෙන්වත් හොරු අල්ලන්න ශක්තිය නැති මෛත්රීපාල මහතා, එදා කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කොටි අල්ලමින් දස මහා යෝධයෙකුගේ කාර්ය කළා කීම, දස මහා යෝධයන්ට කරන ලද අපහාසයකි.
[4]. එසේම අද මහ රජානෝ කියමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කරන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එදා 2014 වර්ෂයේදී මහ රජානෝ කියමින් කතා කළ හැටි පහත වීඩියෝවේ දැක්වෙයි.