අමාදම් සිසිළ පොහෝදා ධර්ම දේශනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. එතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට නොකඩවා අඛන්ඩව අරලියගහ මන්දිරයේදී මෙම ධර්ම දේශනාව පැවැති අතර ඉන් අනතුරුවත් එතුමා සිය නිවසේදී සෑම පොහෝදා ම භික්ෂූන් වහන්සේ වැඩමවා ධර්මශ්රවණය කිරීම සිදුකරයි. ආණ්ඩුවේ නායකයන් පොහෝ දා ආගමික වතාවත් වලට වඩා මැතිවරණය වෙනුවෙන් මුල් තැන දෙද්දී, සිය සම්ප්රදායටත් සද්ධර්මයටත් මුල් තැන දීම ගැන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට භික්ෂූන් වහන්සේ ගෙන් ප්රසංශාව හිමි විය.