Mahinda Rajapaksa: ආණමඩුව ‍රැළියටත් මහ ජන ගඟක්! (පින්තූර)

Sunday, January 7, 2018

ආණමඩුව ‍රැළියටත් මහ ජන ගඟක්! (පින්තූර)

ඒකාබද්ධ පොදු ජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණ සදහා ආණමඩුව ආසනය කේන්ද්‍ර කොට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජන රැළිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව නගරයේදී පැවැත්විණි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුවේ පැවති මෙම ජන රැළිය සදහා ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයින්. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියහ

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.