Mahinda Rajapaksa: මහින්ද යුගයට වඩා දැන් ජීවන වියදම වැඩි බව ආණ්ඩුවේම ජන සංඛ්‍යාලේඛන වාර්තාවන්ගෙන් සනාථ වෙන්නේ මෙහෙමයි.

Wednesday, January 24, 2018

මහින්ද යුගයට වඩා දැන් ජීවන වියදම වැඩි බව ආණ්ඩුවේම ජන සංඛ්‍යාලේඛන වාර්තාවන්ගෙන් සනාථ වෙන්නේ මෙහෙමයි.

බයියන්ගේ බාසාවෙන් කිව්වට නොතේරෙන නිසා ඉංග්‍රීසි ගණිතය සහ ආර්ථික විද්‍යාව උගත් බුද්ධිමත් ජනතාවගේ බාසාවෙන් කියල බලමු.

"Consumer Price Index" හෙවත්  පාරිභෝගික මිල දර්ශකය කියන්නේ ලෝ පුරා ආර්ථික විද්‍යාඥයන් විසින් තම රට වල සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නියෝජනය වන පරිදි, ඔවුන් හැම දෙනාගේම පාහේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය නිශ්චිත "භාණ්ඩ හා සේවා මල්ලක්" මිලදී ගැනීමේ හැකියාව ගණනය කර ලබා ගන්නා අගයක්. ලංකාවේ මේ අගය 2014 වසර මුල සිට වැඩිවූ ආකාරය තමයි මේ ප්‍රස්ථාර වලින් පෙන්නුම් කරන්නේ. [මූලාශ්‍ර]



මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි 2014 මුල තිබුණාට සාපේක්ෂව යහපාලන රජය යටතේ ප්‍රස්ථාරයේ ආනතිය වැඩි වෙමින් යන බව. ඒ කියන්නේ ජීවන වියදම වැඩි වෙනවා පමණක් නොවෙයි එය වැඩි වන වේගයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ජීවන වියදමට "exponential growth rate" එකක් දැන් තියෙනවා.

මෙතනදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් තමයි මේවා පසුගිය දත්ත (Historical Data) මත ගණනය කරන ලද අගයන් පමණක් බව. උදාහරණයකට, 2018 අය වැයෙන් රට වැසියාගෙන් අය කෙරෙන බදු ප්‍රමාණය දෙගුණ කරන්නට ආණ්ඩුව සැලසුම් කර ඇති නමුත් ඒ හේතුවෙන් අපේක්ෂිත් බඩු මිලෙහි සීඝ්‍ර ඉහළ යාම මේ ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ නෑ. ඒවා පුංචි ඡන්දයෙන් පසු කොළ නිල් රතු සැමට එකසේ බෙදා හදා ගන්නට ලැබේවි.

ඔබ මේ වර්ගයේ සංවර්ධනයක් දිගටම ප්‍රර්ථනා කරනවා නම් පුංචි ඡන්දයේදී මේ කොළ නිල් රතු හවුල දිනවා ඔවුන්ගේ වැඩ පිළිවෙළට තවත් ජන වරමක් ලබා දී මොවුන් අවුරුදු තුනක් රට පාලනය කර නොහැදූ ගමේ බෝක්කුව දැන් හැදේ දැයි බලන්න...

- චාමින්ද විජේකෝන් -

තවත් අයටත් බලන්නට "Share" කරන්න.