Mahinda Rajapaksa: ඒකාධිපති වියරුව කාටද? මෛත්‍රීපාල ජනපති ශේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමෙන් පැහැදිළි වෙයි.

Tuesday, January 9, 2018

ඒකාධිපති වියරුව කාටද? මෛත්‍රීපාල ජනපති ශේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමෙන් පැහැදිළි වෙයි.

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව එවකට විපක්ෂ කල්ලි කණ්ඩායම් වලින් ගෙන ගිය මඩ වහරක් වූයේ "ඒකාධිපති වියරුව" යන පදයයි. එනමුත් එතුමන් සෑම විටම මැතිවරණ පැවැත්වූයේ අදාල දිනට බොහෝ කාලයකට පෙරය.

(i). උදාහරණ ලෙස ජනාධිපතිවරණ ගතහොත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් බලයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දින දී ය. [මූලාශ්‍රය]. 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට වසර 6 ක ධූර කාලයක් තිබුනද එතුමන් 2009 නොවැම්බර් 23 දින ජනාධිපතිවරණයක් කැඳවන ලදී. [මූලාශ්‍රය] එවිට එතුමා පළමු ධූර කාලයේ ‍රැඳී සිටියේ වසර 4 ක් පමණි. වසර 6 ක් ජනවරමක් තිබියදී නැවතත් ජන මතය විමසීම සඳහා එය වසර 4 කට අඩු කර ගත් නායකයෙකි ඒ.

[caption id="" align="aligncenter" width="640"] තුන් අවුරුද්දකට පෙර හරියටම අද වැනි දිනෙක...[/caption]

(ii). අනතුරුව 2010 ජනවාරි 27 වන දින නැවතත් ජනාධිපති ධූරයට පත් වෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට වසර 6 ක ධූර කාලයක් තිබුණි. එනමුත් එතුමා 2015 ජනවාරි 8 දින ජනාධිපතිවරණය පවත්වන ලදී. [මූලාශ්‍රය]  එනම් ජනමතය විමසා බැලීම සඳහා සිය ධූර කාලය නැවතත් වසරකින් අඩු කර ගන්නා ලදී. එහෙව් නායකයෙකුට "ඒකාධිපති" යැයි එවකට විපක්ෂ කල්ලි කණ්ඩායම් කී අතර ලක්ෂ 62 ක් ජනතාව එය කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නා ලදී.

 

[2]. එදා "ඒකාධිපති වියරුව" ගැන කී අයට හිතන්න යමක් පසුගියදා සිදුවිය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර 5 කට සීමා වී ඇති අතර පසුගිය දා වත්මන් විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ තම ධූර කාලය වසර 6 කට පවත්වාගත හැකිද යන්නයි. ඒ ගැන හිරු නිවුස් වෙබ් අඩවියේ පහත පරිදි වාර්තා විය. [ආකයිව් කළ මූලාශ්‍රය.]

පහත දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයා ඒ ගැන දන්වා එවීම ගැන එවූ ලිපිය සමාජ මාධය වල පළ වීමයි. [මූලාශ්‍රය]


 

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මෙන් ධූර කාලය අවසන් වීමට අවුරුදු දෙකකට පෙර ජනාධිපතිවරණ කැඳවීම කෙසේ වෙතත් අඩුම තරමින් ධූර කාලය අවසන් වෙන බවට සඳහන් දිනයේදී ජනාධිපතිවරණය කැඳවීම සදාචාර සම්පන්න ක්‍රමයයි. නමුත් සිදුව ඇත්තේ වත්මන් නීතියට එහා ගොස් තවත් වසරකින් ජනාධිපති ධූරය දිග් කර ගැනීමට උත්සාහ දැරීමකි. ඒ අනුව එදා "ඒකාධිපති වියරුව" ගැන සැබැවින්ම කවුරුන් හෝ සැලකිළිමත් වූවානම්, ඔවුන්ට නැවතත් සිතා බලන්නට අපි ආරාධනා කරමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.