මහින්දගෙ කාලෙ බැඳුම්කර නිකුතු ගැන මෛත්‍රීපාල කී පට්ට පල් බොරුවක් ඔහුගේම කතාවෙන් මාට්‍ටු වෙයි.

[1]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ජනවාරි 3 වන දා තවත් එක් විශේෂ ප්‍රකාශයක් කරමින් බැඳුම්කර වාර්තාව පිළිබඳව පවසන ලදී. විශේෂ ප්‍රකාශ කරනවා වෙනුවට අදාල වාර්තාව අදාල වාර්තාව තමන්ට ලැබී සති 2 ක් පමණ ගත වී තිබියදීත් තවමත් ජනතාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයිදැයි යන ප්‍රශ්නයට ජනාධිපතිවරයා පිළිතුරු නොදෙයි.

[2]. ඔහුගේ විශේෂ ප්‍රකාශය රජයේ දිනමිණ වෙබ් අඩවියේ මෙම ලිපියෙන් ඔබට කියවීමට හැකියි. ඔහු එම ප්‍රකාශයේ 3 වෙනි ඡේදයෙන් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සිදුවූ බැඳුම්කර නිකුතු විවේචනය කරමින් මෙසේ ප්‍රකාශයක් කරන ලදී.

මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා.

[3]. රනිල්-මෛත්‍රීපාල ආණ්ඩුව තුළදී සිදුවූ දැවැන්ත මහ බැංකු මංකොල්ලයට සමාන දෙයක් මහින්ද යුගයේදී සිදුවුණා කියන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම, ඔහුගේ ඊනියා විශේෂ ප්‍රකාශයේ 17 වන ඡේදයෙන් පහත දේ පවසයි.

2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.

[4]. එසේනම් 2008 සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව කොමිසමෙන් පරීක්ෂා නොකළානම් ඔහුගේ ප්‍රකාශයේ 3 වන ඡේදයේ දැක්වෙන අයුරින් “මීට සමාන තත්ත්වයක් එදා සිදුවුණා” යනුවෙන් කොමිසම පවසන්නේ නැත.

[5]. අදාල කොමිසමේ සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යනු ආවට ගියාට කිසිදු පරීක්ෂාවකින් තොරව කිසිවක් විවේචනය කරමින් තීන්දු දෙන අය නොවන බව අප විශ්වාස කරමු. එබැවින් ඇත්තටම සිදුවී ඇත්තේ තම ආණ්ඩුවට එල්ල වෙන අපවාදය අඩු කර ගැනීමට “ඒ කාලෙත් එහෙම” වුණා යනුවෙන් විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දමා කීම බව පෙනී යයි. එනමුත් අදාල ප්‍රකාශය සංගතව නොකීම නිසා මෙලෙස විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවේ අවසන් කොටසෙන් මුල් ප්‍රකාශය බොරු බව මාට්‍ටු වෙයි.

[6]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස සිය වතාවකට වඩා ගහන ලද බොරු පිළිබඳව සාක්ෂි සහිතවම අනාවරණය වීම් mahinda.info වෙතින් හෙළිදරව් කර ඇති අතර, අපට ෆේස්බුක් සමාජ ජාලයෙන් හමු පහත වීඩියෝවෙන්ද එය පෙන්වා දී ඇත.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මහින්දගෙ කාලෙ බැඳුම්කර නිකුතු ගැන මෛත්‍රීපාල කී පට්ට පල් බොරුවක් ඔහුගේම කතාවෙන් මාට්‍ටු වෙයි.

  • paul peiris

    Maithree pala gana thamba sathekata wishwaasaya thiyaaganna epaa..Ekata aandukarala mewage drohikamak kalaanam ohu onaama deyak karai kisima pakileemakin thorawa.ohu gana Mahinda mahathaa thawaduratath yam wishwaasayak thabaa ath nam eya thawaduratath nokireema thama wadaath honda….dan penawa neda Ranilwa aarakshaa karana hati…Mohu keeyatawath me hawul aanduwen ayin wenne naha, Ranil athulu mathi amathila ratata mona henagediyak paath kalath…anika meratata ohu kisima aadarayak naha,.gowi puthek kiyala keewata gowiyanta salakanne anthima jaraa widihata.gowiyanta pohoratika naha, jalaasawalin wathura nikuth karanne naha.mokada gowithana saruwela sahal prasnaya wisandei kiyala..ohu balanne thama sahodarayata sahal maafiyaawa digatama geniyanna ida dena ekai….dan oya chandayak ena nisaa araka denmawa, meka denawa, kiyala onamadeyak onama kenekuta denna poronduwei…ea chandaya labaaganeema sandahaa pamanai…Mahinda amara weera hambanthota upawaasaya karana ayawath boruwata sanasuwalu, langadeema janaadi pathi samaga kathaakarala prasnaya wisandanawa kiyala…owath amoolika boru….siddawena eawa nam nemei…Anika thamai me dinawala aanduwa athara prasnathiyena bawa mahajanathaawata denenna wada karanawa….eaka kapati kamak.ethakota poduperamune aya samaharawita duka hithila maithrtee ta chande deela udaw karai kiyana balaporoththuwen thamai ara widihata raawaya geniyanne…ea mahinda pile chanda owun labaaganeeme koota upkramayak…me sama karunak ganama hondin sithaa balannayai mahajanathaawa danuwath karanna.

  • NAK

    Telling lies comes natural to Sirisena there is nothing new in that.
    He came to power through mega lies and some were as silly as golden horses from buckingham in New York.He holds on to power through lies and deception and now seem try to continue in power through lies.
    He has no shame in being exposed as a habitual liar.

  • weerasekara

    මුලදී 2015 දී කියපු දේවල් බොරු උනත් මිනිස්සු ඒවා අහල වෙනස් උනාට පසුගිය අවුරුදු 3 කියපු කරපු බොරු වැඩ නිසා මිනිස්සු දැන් ඒ කියන කරන දේවල් ගැන විශ්වාසයක් නැති වෙලා ඇත්ත කිව්වුත් වැඩක් නැහැ දැන් එයට ගොඩ ඒමක් නැහැ

Leave a Reply