රනිල් පිළිගනියි. රටේ මූල්‍ය අර්බුදයට හේතුව මහින්ද නෙමෙයි, ආණ්ඩුවේම නොසැලකිල්ලයි.

[1]. 2015 ජනවාරි 9 වන දා බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එදා සිට මේ දක්වා පවසන ලද දේ නම් රටේ ණය අර්බුදයටත්, සංවර්ධනය අඩාල වීමටත්, රාජ්‍ය සම්පත් විකිණීමට සිදුවීමත් යනාදී මේ සියලුම ජාතික ප්‍රශ්න වලට හේතුව “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා” බවය. එකත් ජාතික පාක්ෂිකයන් ද හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ බව පිළිගනියි. නමුත් ඔවුන් තම නායකයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දිවුරා ප්‍රකාශ කරන දේවත් පිලිගනීවි ද? පසුගිය නොවැම්බර් මාසයේදී බැඳුම්කර කොමිසමේදී කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පවසන ලද්දේ මෙවැන්නකි. මෙය 2017 නොවැම්බර් 21 වන දින මව්බිම පුවත්පතේ පළවී තිබේ. [මූලාශ්‍රය]

[2]. 2015 ට අදාළව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා පැවසූ අයුරින්ම, මේ දක්වාම පවතින ආර්ථික අර්බුදයටත් හේතුව එජාප රජයේ කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ අදූරදර්ශී තීන්දු ය. එසේ වීමට හේතුව mahinda.info වෙතින් මීට පෙර ලිපියකින් පැහැදිළි කළෙමු. රටේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කවුරුන් හෝ තවමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට දොස් නගනවානම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ ඉහත ප්‍රකාශය පෙන්වා දෙන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to රනිල් පිළිගනියි. රටේ මූල්‍ය අර්බුදයට හේතුව මහින්ද නෙමෙයි, ආණ්ඩුවේම නොසැලකිල්ලයි.

  • Suresh Silva

    ඉතින් ගොන් බයියෝ මේකෙන් පේන්නෙ අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතාගේ තියෙන නිහතමානී කම.

    කවදාවත් මහින්ද පිලිගත්තද රට විනාස කරන්න හේතු වුනේ එයා කියලා?

    කවදාවත් මහින්ද හොරකම් කලා කියල පිලිගනීවිද?

    කවදාවත් මහින්ද නම් බැදුම්කර කොමිසමට ගිහිල්ලා සාක්සි දේවි ද?

    මේ article එක නිසා අපේ නායකතුමාගේ නිහතමානී කම තවත් බැබලෙනවා. ඇඩ්මින්ට article ලියලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්?

    • මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන් අතින් සිදු නොවූ දේවල් සිදු වූ බව පිළිගත යුතු නෑ. කවුරුන් හෝ එසේ කරයිනම් ඒක නිහතමානී කම නෙමෙයි “මෝඩ කම”.

      අනික් අතට උදාහරණයක් ගතහොත් බැංකුවක් කොල්ල කාපු හොරෙක් උසාවියේ හරස් ප්‍රශ්න ඉදිරියේ කර කියා ගත දෙයක් නොමැතිව තමන් හොරකම් කළ බව උසාවිය ඉදිරියේ පිළිගත්තොත් පසුදා පත්තරේ පළ වෙන්නේ ඔහු “නිහතමානී පුද්ගලයෙක්” බව ද? “හොරෙක්” බව ද?

  • Methum

    Kauda hora kiyala ratama dan danagena iwarai. mahinda mahatthaya ratata kala sewaya minissunge hadawath wala thiyenawa. kalaguna nodath awajathaka pirisak thama hitiyata hadawathin hithana pirisak thama innawa. me paara api uththara dennamko horunta gedara yanna. hebai horu aaraksha karanna be ape “Neluma” dinnama. ape illima eka.

    • weerasekara

      මහින්ද මහත්තය රට මොනවද කලේ කියල අපේ රටේ බහුතරයක් දන්නවා ඒ උනාට සුළුතරයක් කියන්නේ මොනවද කලේ කියල කොහොමත් 2015 කියපු බොරු බේගල් අද මිනිස්සු තේරුම් අරගෙනයි ඉන්නේ චන්දයට ජනතාවගේ ප්‍රතිචාරයෙන් මේ බව මොනවට පැහැදිලි වෙනවා

Leave a Reply